Showing posts with label ‍‍දේශපාලන. Show all posts
Showing posts with label ‍‍දේශපාලන. Show all posts

Saturday, December 17, 2011

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අවධියක් සඳහා......

පළමුව අප අයත් වන්නේ ලෝක පරිමාණ ජන ජීවිතයකට බව තේරුම් ගත යුතුව ඇත. මිනිසා ගෝත්‍ර යුගයෙන් ජීව විද්‍යාත්මක ලොවකට ගමන් ඇරඹූ සත්ව කොටසකි. ඒ මිනිස් වර්ගයා ලෝකය හඳුනා ගෙන ලෝකය තමන්ට සුදුසු ආකාරයට සකස් කර ගනිමින් සිටී. එපමණක් නොව ලෝක ප්‍රජාවටම ඔවුන්ගේ ජන ජීවිතය ගොඬ නගා ගැනීමටත් එමෙන්ම විශ්වයේ අයිතිය සමාන ලෙස සියලු ජනතාවගේ පැවැත්ම සඳහා ගොඩ නගා ගැනීමටත් සියලු සත්වයන් සමග සොබා දහම රැක ගනිමින් කරන අරගලය ද මානවවාදී සංවර්ධනවාදී අරගලයකි. විද්‍යාව, එය සමාජ විද්‍යාව ලෙසද කාර්මික සහ කෘෂිකාර්මික සමාජ සංවර්ධනය සඳහා ලෝක පරිමාණ සමාජ සංවර්ධන සඳහාද යොදා ගැනීම දියුණු සහ නොදියුණු සියලු මිනිසුන් සතු වගකීමකි. මෙය ප්‍රජාතන්ත්‍රවාදය වන අතර සංවිධානාත්මකව ගතහොත් එය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අවධියයි.

“දේපළ” යන සමාජ සම්පත් මෙහි දී තීරණාත්මකව ඉස්මතු වේ. දේපල සමඟ බලය ද තවත් පැත්තකින් ගොඩ නඟා ගැනීමට ජන කණ්ඩායමක් ඉදිරිපත් වේ. බලය ලබා ගැනිමේ දී දේපල සම්බන්ධතා ප්‍රධාන කාර්යයක් ඉටු කරයි. බලය ලබා ගැනීමට, ලබාගත් බලය රැක ගැනීමට එය තමාගේ හෝ කණ්ඩායමක අයිතිය බවට පත්කර ගැනීමට, ලෝකය තමාගේ අණසකට යටත් කර ගැනීමකට බලය ඇති රටවල්, බලය ඇති කලාප එසේ කටයුතු කිරීම ද තවත් අධි ප්‍රවණතාවයකි. මෙම අධි ප්‍රවණතාවයට ද ඉතිහාසයක් ඇත. සම්භවයක් ද ඇත. ගෝත්‍ර නායකයින් රජු දක්වා පරිවර්තනය වීම ද රජුගේ බලය එකඟතාවය මත දැනුමේ දියුණුවේ විශ්වාසයේ ශක්තිය මතම සෑම දෙයක්ම තීරණය වන්නේය. ඒ සමගම වැඩවසම් සමාජය ධනේශ්වරය දක්වා විකාශනය වීමේ දී ඒ අතරතුර වැඩවසම් සමාජය තුළ දී විවිධ ආගම් ද බිහිවිය. කතෝලික, ඉස්ලාම්, බෞද්ධ හෝ දේව ආගම් බිහිවීමේදී පැවති ක්‍රමය තුළ ගැටුම්කාරී ලෙස නව ප්‍රපංචයක් ලෙස ප්‍රචණ්ඩ ආකාරයක් ගනිමින් කැරළිකාරත්වයත් සමඟ බලහත්කාරයෙන් එයට නායකත්වයක් ලැබිණි. පැවති සමාජය තුළ මිනිසාගේ අයිතිවාසිකම් දැන උගත්කම් සහිත ලෝකය වටහා ගැනීමටත් එමෙන්ම තම ජන ජීවිත පවත්වා ගැනීම ද සහෝදරත්වය, අනෙක් මිනිසාගේ වටිනාකම, සෞන්දර්යය, කලාව හා නිර්මාණ ශිල්පය ද සමඟ පිරිපුන් මිනිසා ගොඩ නැඟී ඇත.

බස රටකට ජාතියකට කුලයකට ප්‍රදේශයකට සීමා නොකර මුලු ලොව පුරාම ව්‍යාප්ත වූයේ හේතුවක ඵලයක් ලෙසිනි. විවිධ ජන කොට්ඨාශ නියෝජනය කරමින් විවිධ ශාස්තෘවරුන් මහා අධිපතියන් විය. අනුගාමිකයින් සමඟ ජන කොටස් වෙන් වෙන් වශයෙන් විවිධ ආගම්වලට ඇතුළත් විය. ආගම් විවිධ වුවද ගොඩ නගන ලද්දේ එකම දහමකි. මිනිසාගේ පැවැත්ම උදෙසාම සහ සාමය සතුට සංවර්ධනය සඳහාම ඒවා දේශනාවන්ම විය. මේ සමගම යුරෝපය මුල් කර ගනිමින් ප්‍රජාවගේ අනන්‍යතාවය ආරක්ෂා කර දීමට ප්‍රජාතන්ත්‍රවාදය බිහිවිය. ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගීමේ මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙසත්, ජනතාවගේ පරමාධිපත්‍යය ආරක්ෂා කර ගැනීම පිණීසත්, යහපාලනයේ පහසුව සඳහාත් පාලකයා සමඟ අනෝන්‍ය සම්බන්ධතාවයක් ඇතිකර ගැනීම සඳහායි. මෙම ප්‍රජාතන්ත්‍රවාදය ජනතාව තුළත්, පවුල තුළත් සංවර්ධනය සඳහා කර්මාන්ත සහ කෘෂි කර්මාන්තය තුළත් විශ්වාසය සමගින් සහෝදරත්වය සඳහා විවිධ ජනවාර්ගික කණ්ඩායම් තුළත් ඒ සමඟම පරිහරණය හා පාලනය තුළින් ඇති කරලීම සහ දුගියාගේ අයිතිවාසිකම් මෙමගින් ලබා ගැනීමට හා ලබා දීමට පුජාතන්තුවාදය පෙරමුණු ගනී. දේපළ හිමියා ද තමාගේ දේපලවල අයිතිය සඳහා ද පාලකයා තම පැවැත්ම සහතික කර ගැනීම සඳහා ද නීතිමය තත්වයන් මෙමගින් ගොඩ නගා ගනිමින් සිටී. සාපේක්ෂව බැලූ කල එය එක පැත්තකින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පෙනුනත් මූලික මිනිස් අයිතිවාසිකම් සම්බන්ධයෙන් ද සියලුම ජන කොටස් ගෝලීය ක්‍රමයකට ඇතුළත්වීමෙන්ද ලොවම දියුණුව කරා යන ගමනේදී එය සමාජමය අසාධාරණයක් ලෙසද ලෝක ජනගහණයෙන් සුළු කොටසකට පමණක් සීමා වූ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයක් බවට පෙරළාගෙන ඇත. දේපළ බෙදී යාමේ ගුණය ප්‍රමාණවත් නොවන බැවින් විශේෂයෙන්ම දිළිඳු රටවල්වලට සංවර්ධනය කරා ගමන් කිරීමේ දී මෙය මාර්ග බාධකයක් බවට පත් වී ඇත.(ධනේශ්වර ක්‍රමයේ උච්චතම අවස්ථාව අධිරාජ්‍යවාදයයි)

වැඩවසම් ක්‍රමයට වඩා ධනේශ්වර ක්‍රමය ජනතාවට ප්‍රගතිශීලි වන අතර මෙමගින් ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපන, නිවාස සමගින් රැකියා සමගින් සමාජ විද්‍යාව අරගලකාරී ලෙස ප්‍රචණ්ඩකාරී ලෙස වේගයෙන් අඩු වැඩි වෙමින් සංවර්ධනය සමගත් මුළු මහත් ලෝකයාට සමාන ලෙසත් (උපයෝගී ලෙසත් ක්‍රියාත්මක වේ) නමුත් මේ අවස්ථාවලදී අසාධාරණය සිදුවන්නේ දුප්පත් නොදියුණු රටවැසියාටයි. මෙයිනුත් මුදල් හදල් හා බලය ඇති ජන සමාජමය ජන කොටස් මෙම අවස්ථාවන් ජාති භේදයෙන් කුල භේදයෙන් ‍ෙතාරව ප්‍රදේශවාදයෙන් තොරව ලෝකෝත්තර ගුණයකට හිමිකම් කියයි. මේවා මෙලෙස සිදුවෙද්දී අපි ජාතිවාදය හා කුලවාදය සමගින් රටවැසිවාදය කරපින්නා ගතහොත් අප අපටම සිදු කර ගන්නේ විශාල හානියකි. නොදියුණු රටවල උගතුන් බටහිර දියුණු රටවල පුරවැසිභාවය ලබා ගැනීමත් තමාගේ දැනුම හා ශ්‍රමය තමන්ගේ දේශයෙන් පිටට රැගෙන යාමත් ඔවුන්ගේ ජීවන තත්වය උසස් වූවත් ලෝකය හා සැසදීමේ දී උපන් රට අමතක කළා ‍නොවන්නේ ද ප්‍රශ්නය වන්නේ නූගතුන් සමගින් දිළිඳුභාවය සහතික වීමකි. විදේශීය රටවල ජීවත්වන ලාංකිකයන්ද විදෙස් තුළ දී ලාංකිකත්වය ආරක්ෂා කරන අතර ස්වදේශයට පැමිණි කල ඔවුන් නැවත ජාතිය ආගම කුලය ප්‍රදේශය මතු කිරීම සමාජමය වශයෙන් ප්‍රතිගාමිත්වයක් ගනී. නමුත් ඔවුන් සමගින් තම දේශයට ඇදී එන ප්‍රාග්ධනය අසීමිත බැවින් එමගින් දේශීය ආර්ථිකය මත පවුලේ යහපැවැත්ම රඳා පවතී. වි‍ෙශ්ෂයෙන් අපේ රටේ මූලික ආදායම වන්නේ විදේශ රැකියා කරන බුද්ධිමතුන් හා මැද පෙරදිග රැකියා කරන කාන්තා හා පිරිමි පුහුණු ශ්‍රම ක්‍රියාකාරිත්වයයි.

ඇත්තටම කැරලිකාරිත්වය හා ප්‍රචණ්ඩත්වය යනු සමාජමය ක්‍රියාවලියකි. ජන සමාජයේ ඉතිහාසය හදාරන විට විවිධ වකවානුවලදී විවිධ ආකාරයෙන් කැරලිකාරත්වයන් ඉස්මතු විය. විදේශීය බලවේග අප යටත් කර ගත්තේ ද කැරලිකාරිත්වය සමග ප්‍රචණ්ඩත්වය යොදාගෙනය. පෘතුග්‍රීසින්, ලංදේසින්, ඉංග්‍රීසින් මෙන්ම චෝල පාණ්ඩ ආක්‍රමණ මගින්ද කියවෙන්නේ මේ කතාවමය. රට නිදහස් කර ගැනීමට 1815 කැරැල්ල මෙන්ම විදේශීය ආක්‍රමණ පරාජය කිරීමට කැරලි ගැසූ ප්‍රමාණය අප්‍රමාණය. එමෙන්ම 1953 හර්තාලය ද කැරලි ගැසීමකි. එහි ප්‍රතිඵලය වූයේ 1956 දී බණ්ඩාරනායක මහතා බලයට පත්වීමයි. සිංහල බස පමණක් රාජ්‍ය භාෂාව කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා ගැසූ කැරලි ද වර්ගවාදී වුවත් ඒවා ද කැරලිය. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා වෙඩි තබා මරා දැමීම ද කැරලිකාරිත්වයේ ප්‍රතිඵලයකි. මවක් දරුවා බිහි කිරීමේ දි ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙයි. අපිට නොතේරුනාට ප්‍රචණ්ඩත්වය සාපේක්ෂය. එනමුදු මෙය පාලනය කළ හැක. සංවර්ධනයේ සිහින දකින වර්තමානයේ පාලකයා ද අති ප්‍රචණ්ඩත්වයක් සමඟ හිතුවක්කාරත්වයක් ජන සමාජයට මුදා හැර ඇත. නමුත් එම ප්‍රචණ්ඩත්වය හා හිතුවක්කාරකම නූගත්කම වන අතර එය ද අවිද්‍යාත්මකය. ප්‍රතිඵල රහිතය.

විදේශ රැකියාවල අරාබිකරයේ සේවය කරන කාන්තා සහ පිරිමින් දරුණුතම ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී ඇත. අරාබිකරයේ සිරගෙවල්වල ද තානාපති කාර්යාලවලද මහාමාර්ගවල ද ජීවිකාව ගෙවන බව හෙළිදරව් වී ඇත. රැකියා ස්ථානයෙන් පැනයාමට හේතු ලෙස හාම්පුතුන් පහරදීම්. ඇණ ගැසීම්, උඩු මහලින් තල්ලු කර දැමීම් අසන්නට ලැබේ.අපේ රටේ ආර්ථිකයේ පළමුවන ශ්‍රම බලකාය වන මොවුන් මෙසේ වධ බන්ධනයට ගොදුරු වී ඇත. එසේ උපයන මුදල ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් කොල්ලකාරී ආර්ථිකය පවත්වාගෙන යාමට යොදා ගනී. එය ද සැහැසිය. හිතුවක්කාරිය. අද වන විට 1200000 පමණ කාන්තාවන් විදෙස් ශ්‍රමයේ යෙදී ඇත. අප රටේ තරුණ පරම්පරාවට රැකියාවන් ලෙස ඇත්තේ විදේශ රැකියා පමණි. මැද පෙරදිග වඩු කම්කරුවන් ලෙස, අරක්කැමියන් ලෙස දහසක් කම්කටොලු මැද රැකියාව කරන අතර අද එම රැකියා අවස්ථා අහිමි වී දකුණු කොරියාවේ රැකියා සඳහා ඉල්ලුම්පත් 35000 ඉල්ලා අද වන විට පෝලිම් ගැසී ඇත. නමුත් මේ අවුරුද්ද තුළ දකුණු කොරියා රැකියා ලෙස ලැබී ඇත්තේ 3000 පමණි. මේ රැකියා 3000 ද අයත් වන්නේ ධීවර වෘත්තීන් සඳහාය. (මුහුදු යාම) අපට ලැබෙන ආරංචිය අනුව මෙම ධීවර රැකියාව සඳහා යන තරුණ තරුණියන් රැකියාවේ දුෂ්කර තත්වය තුළ ප්‍රචණ්ඩ වීම ද අරගල කිරීම ද මෙයම අවස්ථාවක් විය හැක.

සංවර්ධන න්‍යායේ ප්‍රචණ්ඩත්වය වන්නේ කම්හල් තුළ. මහ පොළොව සමගින් වැව් අමුණු හා වාරි මාර්ග ක්‍රම සමගින් ශ්‍රමය වැය කිරීමයි. අධි ශ්‍රමයක් වැය කිරීමක් මගින් ලබන නිෂ්පාදන ක්‍රියාවලියක් අතිරික්ක ආදායම් ලැබීම සංවර්ධනයේ ප්‍රතිඵල යැයි අපි හඳුන්වමු. වැව් අමුණු සමගින්දාගැබ් සමග සංස්කෘතිමය සංවර්ධනය ශිෂ්ටත්වය විදහා පායි. හිරෝෂිමාවට දෙවන ලෝක යුද්ධයෙන් බෝම්බ හෙලීමත් එමගින් ජපානය කම්පා වීම සමඟ අළුතින්ම නැගිටි ජපාන ජනයා ලොව මවිත කරමින් ලෝකයේ දියුණුම රටක් බවට පත් කළාය. එය ද ඇමෙරිකන් අධිරාජ්‍යවාදී ප්‍රචණ්ඩත්වයට මුහුණු දුන් ශ්‍රම ප්‍රචණ්ඩත්වයයි. දිළිඳු භාවයේ කෙළවරටම ගිය දකුණු කොරියානුවා අවශ්‍යතාවය මත තම රටේ සංවර්ධනය සඳහා නව කර්මාන්ත නව කෘෂි කලාප ඉදි කරමින් විශ්ම කර්ම ලෙස ලොව හමුවේ නැඟී සිට ඇත. සංචාරක ව්‍යාපාර පිළිබඳව 100% ක්ම විශ්වාසය තබා ඇති අප වැනි රටවල් අප ආත්ම ගරුත්වය අපේ සංස්කෘතිය අපේ නිවහල්කම වි‍ෙද්ශීය ධනවත් සංචාරකයින් බේබද්දන් ජාත්‍යන්තර ජාවාරම් කරුවන් සමග විදේශ ආධිපත්‍යයට මේ රට විකුණවමින් පවතී. ජන සමාජය අකැමැති, සෞභාග්‍යයට අහිතකර, සදාචාරවත් නොවන මෙම ක්‍රමයට අකැමති ජනතාව පවතින ආණ්ඩුවට ප්‍රචණ්ඩත්වය යොමු කර ඇත. ධීවර වරායවල් අහෝසි වීම ධීවර වෘත්තිය අහෝසි වීම පදිංවිය වෙනස්වී මහත් ගැටළු රාශියක් පවතින ආණ්ඩුව විසින් දුගී ජනතාවට ප්‍රචණ්ඩත්වය යොමු කර ඇත.

මෙමගින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ද ප්‍රචණ්ඩ ආකාරයක් ගෙන ඇත. 2011.11.18 වන දින අයවැය විවාදයේ දී විධායක ජනාධීපතිවරයා ඉදිරියේ ආණ්ඩු පක්ෂයේ ඇමතිවරු සහ මන්ත්‍රීවරු හැසිරුණු ආකාරය ද ඉතාම ප්‍රචණ්ඩය. හිතුවක්කාරය. තම නායකයා ඉදිරියේ ගෝල බාල මන්ත්‍රීවරු හැසිරෙන ආකාරය ඉතාම නින්දා සහගතය.‍ විධායකයේ බල මහිමය මත ව්‍යවස්ථාදායකය රූකඩයක් බවට පත්කොට වෘත්තීය වෙළෙන්දන් ජාවාරම් කරුවන්, නූගතුන් පාතාල සාමාජිකයන් විවිධ අපරාධකාරයන් කොමිස් මැරයන් ව්‍යවස්ථාදායකත්වය නියෝජනය කිරීම කැරලිකාරිත්වයකි. ප්‍රචණ්ඩත්වය යෙදීමකි. මහජන ආයතනවල ගෞරවය කෙළෙසන මෙම වන්දි භට්ටයින් සිදු කරනු ලබන්නේ සමාජමය විනාශයකි. රටම වැනසීමකි. මෙහි ප්‍රතිඵල වන්නේ ජන සමාජය ද ප්‍රචණ්ඩත්වය වැළඳ ගැනීමකි. ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වූ විට එය නැවත ලබා ගැනීමට ඇත්තේ ද ප්‍රචණ්ඩත්වය යෙදීම පමණකි. ලිබියාවේ ගඩාපි විරෝධී අරගලය මතු වන්නේ ගඩාපි මගින්මය. මර්දනය හා කුලී හමුදා යෙදවීම මගිනි. ලිබියානු හමුදා සහ හමුදා නායකයින් ලිබියානු ජනතාවට වෙඩි තැබීමට අකැමැත්ත ප්‍රකාශ කළාය. දරදඬු නූගත් ගඩාපි කුලී හමුදා උපයෝගී කරගෙන මර්ධනය දියත් කිරීමට යාමෙන් ගඩාපිට අවසානයේදී සිදු වූයේ බෝක්කුවක් යට සැගවීමටත් ඇඳුම් නැතිව ගුටිකෑමටත් මහපාරේ ඇදගෙන යාමට ඉඩ දීමටත් අවසානයේ වෙඩි කා මරු තුරුලට යාමටත් තමාගේ හිතුවක්කාරී පාලනය තමාටම බල පෑවේය.

රටක මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය අතර අද විශාල පරස්පරයක් දක්නට ලැබේ. අනෙක් අතට රටක මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය ඔවුන්ගේ ආචාර ධර්ම පද්ධතියක් අනුව ස්වයංවරයක් තුළින් යාමට ඉඩ නොදීමෙන් ද රටවල්වල මහා විනාශ සිදුවේ. එසේ යාමට ඉඩ නොදෙන්නේ පාලකයෝය. ටියුනීසියාවේ ආණ්ඩුව පෙරලගෙන ලිබියාව දක්වා කැරලි පැන නැඟුනේ මිනිසුන්ගේ තොරතුරු ගලා ඒමට ඇති මාර්ග යම් යම් නීති දමා ඇහිරූ නිසාය. ජනතාවට තොරතුරු දැන ගැනීමට ඇති අයිතියට බාධා ඇති කළ විට ඔවුහු වෙනත් මාර්ගවලින් තොරතුරු සොයති. ප්‍රසිද්ධ මාධ්‍යය කියන දේට වඩා පොදු නොවන රහසිගත මාර්ගයකින් ඇසෙන තොරතුරුවල විශාල සත්‍ය බවක් ඇතැයි පිළිගැනීමේ ප්‍රවණතාවයක් අද වන විට ලෝක පරිමාණයෙන් දක්නට ලැබේ.

මේ අන්දමට බලන කල ලොවේ කිසිදු රටකට පොදුවේ ගැලපෙන මාධ්‍ය සදාචාර ධර්ම පද්ධතියක් සකස් කරනවා යනු මිත්‍යාවකි. ඒ මන්ද ජනමාධ්‍ය සදාචාරය යන්න එරට ජන විඥානය සමඟ ගැලපිය යුතුය. සමාජ සාරධර්ම සමග ගමන් කළ යුතුය. රටවැසියාගේ ආර්ථීක තත්ත්වය නිදහස සමඟ ජන විඥානය ගමන් කරයි. දේශපාලන ප්‍රචණ්ඩත්වය සෑම අහුමුල්ලක්ම ආක්‍රමණය කර හමාරය. ජන මාධ්‍යයට ද විලංගු වැටෙන්නේ එහි ප්‍රතිඵලයකිනි. අද දේශපාලන ප්‍රචණ්ඩත්වයෙන් බැට කන්නේ විපක්ෂය පමණක් නොව බලය ඇති පක්ෂයේ පිරිස්වලට වුව ද කොයි මොහොතේ මරණීය ව්‍යවසනයක් සිදු වීමට ඉඩ තිබේ. මේ නිසා දේශපාලන සදාචාරයක් ඇති නොකර පක්ෂය හෝ කණ්ඩායම දිගුකාලීන පැවැත්මක් ගැන සිතිය නොහැකිය. කෙසේ වුව ද සියල්ල දේශපාලනීකරණය වූ රටක පැන නගින සකලවිධි අර්බුදවලට විසඳුම දේශපාලනය තුළින්ම සොයා ගනු විනා ඉන් පිටත මගක් සොය‍ා යාම නිශ්ඵලදායකය.

ජ.වි.පෙ. කීපදෙනෙක් කණ්ඩායමක් ලෙස ඉන් ඉවත්වීමත් සමඟ ඒ පිළිඳවත් ජ.වි.පෙ. පිළිබඳවත් එහි අතීත ගමන් මඟ පිළිබඳවත් අද කතාබහට පත් වී ඇත. ජ.වි.පෙ. මෙම ප්‍රවණතාවය එහි ආරම්භයේ සිටම පැවතීම සැබෑ ලෙස ධනේශ්වර අර්බුදය ඉරිතලා ගොස් හමාරය. නමුත් එම අසමගිය හා වමේ කඩා වැටීම අප ඉදිරිපිට පෙන්නුම් කරයි විප්ලවයේ ගමන් මග සම්බන්ධ වූ ‍මෙම අරගලය 1971 දීත් (අරගලයට පෙර) පුපුරා ගොස් තිබී 1971 පහරදීමට ගත් තීරණය පිළිබඳව එකඟතාවයක් ද නොතිබිණි. නැතිනම් වැල්ලවාය පොලීසිය අප්‍රේල් 4 පහරදීම එය සනාථ කරයි‍. සමාජ විප්ලවයේ කාර්යභාරය අප තේරුම් නොගත් අතර ඒ සඳහා අප තවම අසලකටවත් ගොස් නැත. කාර්යභාරය පසෙක තිබිය දී ක්‍රියාමාර්ග දක්වා තවත් වරක් ගමන් කිරීම සඳහා ජ.වි.පෙ. තුළ ඇති වූ දරුණු මතවාදී අවසන් වන්නේ පරාජය වූ කණ්ඩායම කැරළි කණ්ඩායමක් ලෙස ඉවතට විසිවීමය.

ජ.වි.පෙ. තෙවන වර ගොඩ නැගීමේ දී විමල් කළ කාර්යභාරය සුළුපටු නොවේ. විමල් පුරුද්දට ජාතිවාදී නොවුවා නම් විමල් අසලින් සිට ගැනීමටවත් ප්‍රචාරකයෙන් වමේ ව්‍යාපාරයේ තවම නැත. ජාතිවාදී වීමද ඔහු දක්ෂිණාංශික පිලී පැනීමක් වූ අතර ඔහු ජ.වි.පෙ. තුළ කළ මතවාදී අරගලය පරාජය වී ඉවත්වීමත් ජ.වි.‍ෙප. තුළ අති වාමාංශික පීලි පැනීමට ඉඩ ලබා දුන් බව මාගේ අදහසයි. විජේවීරයන් අපට හමුවෙමු. අපි ඔහු ආශ්‍රය කළෙමු. ඔහු වරෙක අපි සමඟ සිනාසුනෙමු. තවත් වරක අමනාප ද වූයෙමු. අපි සංවාද කළෙමු. ඔහු ද සංවාදයට සහභාගී වුනෙමු. ‍ඔහු කොතරම් අතිදක්ෂ සංවිධායෙකු වූවත් තීරණ ගැනීමේ දී දෝලනය විය. ඒ ඇයි දැයි මාගේ දැනීමේ හැටියට පිළිතුර නම් 1971 අරගලය විසින් ඇති කළා වූ කම්පනය පක්ෂයට දරා ගත නොහැකි වී තිබීමයි. 1983 කළු ජූලිය ඇති වූ විට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා විදේශ රටකට යෑමට ‍මොන තරම් අවස්ථාවන් තිබුණත් ව්‍යාපාරය අතහැර දමා යාමට ඔහු අකැමැති විය. තීරණ තීන්දු නොගත්තත් තමාගේ වගකීම ඔහු දැරීය. සැබෑ ලෙසම ඔහු ශ්‍රේෂ්ඨයෙක්ම විය. ජාත්‍යන්තර හා ජාතික දේශපාලන වූ දෝලනය ඔහු තේරුම් ගෙන තිබුණි. ඔහුට වැරදුනේ තීන්දු නොගැනීම තුළය. නමුත් ගත් තීරණවල ප්‍රතිඵල ගැන සිතන විට ද ගෝලිය ක්‍රමය තුළ ඒකීය තීන්දු ගත හැක්කේ පට්ටපල් මෝඩයන්ට පමණි. අධිරාජ්‍යවාදය වියපත් වී මරණාසන්න වී ඇති මොහොතක මරණින් බේරීම සඳහා ගෝලිය තත්වයක් ගොඩනඟා ඇති අවස්ථාවක ලෝක විප්ලවයකට අද උරුමකම් කියන සමාජවාදීන් අධිරාජ්‍යවාදයේ සියළු පීඩනය හා බර අප මත මුදා හැර ඇති අවස්ථාවන් උන් එනම් අධිරාජ්‍යවාදීන් පළමුව කඩන්නේ වමේ සමගියයි. ජාත්‍යන්තර සහෝදරත්වයයි.

වම ප්‍රගතිශීලි ප්‍රතිගාමිත්වයට හා පාලක කණ්ඩායම්වලට එරෙහිව අරගලවලට නායකත්වය දිය යුතුය. නමුත් අපහසුම දෙය නම් පක්ෂ භේද පාලනය තුළ පීඩනය බෙදා වෙන්කර ඇති අවස්ථාවක කම්කරු පංතිය අවස්ථාවාදී කර ඇති අවස්ථාවක ව්‍යවස්ථාදායකත්වය නාමිකව පවතින අවස්ථාවක සියලු බල කේන්ද්‍රයන් තමා අතට ගත් විධායකත්වයක් ඇති රටක, අහෝසි වී ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මුලු සමාජයටම නැවත ලබා දීම සඳහා සටනේ පළමු බල ඇණීය විය යුත්තේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයයි. ජනතාවකට ප්‍රජාතන්තුවාදී අයිතීන් ලබා ගැනීම අද දවසේ පළමු කාර්යභාරය වේ. ඒ සඳහා ප්‍රචණ්ඩත්වය හා කැරලිකාරිත්වය පරදා ජන අරගල වීදි සටන් බහුලව උද්ඝෝෂණ ඇති කර පළමුව ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනගමු. ඒ සඳහා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම ආයුධ ලෙස භාවිතා කරමු. අවසාන වශයෙන් අපි විමල්ටත් කන් දෙමු. “වම නොදන්නා වමේ අවුල අපිත් ලිහමු” 1994 චන්ද්‍රිකා බලය ගත්තෙත් 2005 දී මහින්ද බලයට ආවෙත් වම හා වමේ සටන්පාඨ පාවිච්චි කරමිනි. අධිරාජ්‍ය ගැති ලේබලය සමගින් ඊළාම් ලේබලය අලවා රනිල් පලවා හරින්නේ වමේ කඳවුරයි. එදත් අදත් බෙදී ඇති වම තවත් බෙදෙන වම 1971 දී සමගි පෙරමුණ බලයට ගෙන ඒමත් 1956 දී බණ්ඩාරනායක බලයට ගෙනෙන ලදී.

ඔව් වමේ සහෝදරවරුනි, කො.ප. යත් සම සමාජයත් සමග වාසුත් විමලුත් පීඩිත පංති දෙමළ මුස්ලිම් ව්‍යාපාරයත් සමඟ වතුකරයත් එකට එකතු කරලීමටත් එමඟින් පීඩිත පංති ජනතාවගේ ජාතික වැඩ පිළිවෙලක් ගොඩ නැගීමේ අවශ්‍යතාවය ඉටු කරන ප්‍රතිඵත්ති සමගියට පැමිණ නව ලොවකට අළුත් රටකට අවශ්‍ය පදනම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයක් යටතේ නායකත්වය ලබා දී අවුරුදු 62 ක් බලයට පත් කර අධිරාජ්‍ය ගැති ධනවාදී ප්‍රතිඵත්ති ගෙන යන මේ විධායකය පන්නා දැමීම සඳහා ව්‍යවස්ථාදායකත්වයට බලය ලබා දෙමු. දෙවනුව ව්‍යවස්ථාදායකත්වය ශක්තිමත් කරලීමේ ඒකාධිපති වියරුව පරදවමු. ඒ සඳහා සමගිය බලය සංවිධානය වීම තුළින් ජනතා උද්ඝෝෂණය මගින් විධායක ජනපති ක්‍රමය පරාජය කර පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී සත්‍යයට ගරු කරන නැති බැරිකම් පරාජය කරන කාටත් සමසේ ජීවත්විය හැකි සාධාරණ සමාජ ක්‍රමයක් සඳහා වීදි බසිමු. අරගල කරමු. ඒ මගින් ඇති වී ඇති සියළු අයිතීන් ලබා ගමු.

බෙදනවා වෙනුවට එක්වෙමු. ශක්තිය ධෛර්යය සමගින් ජනතා රජයක් ගොඩ නැගීමට දායක වෙමු.

- අසේල වික්‍රමසිංහ.

Friday, June 10, 2011

කබර මාලැ තෝරා පෙති ලෙස

කබර මාලැ තෝරා පෙති ලෙස












සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී කම්කරු හා වැඩ කරන ජනතාවට රු. 10000/
කින් පඩි වැඩි කිරීමේ පොරොන්දුව බොරුවක් බව කියා පාමින් තමන් ඇත්තටම රු. 2500/-දෙන බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පොරොන්දු විය. දැනටමත් U –Tube වල  දක්නට ඇති පරිදි ‍‍මං ඔය බොරු කියන්නෙ නෑ හාමුදුරුවනේවේදිකාවේ සිටින හාමුදුරුවන් දෙස බලා  කියමින් මං කියන දේ කරන, කරන දේ කියන  නායකයෙ ක් ලෙස තම කථාව අවසන් කළේ අත් පුඩියකට අවශ් ප්රමාණයකට කටහඬ උස්සමින් . රු. 2500/- අද වන තුරු අය වැය දෙකක් පසුවුවද, කිසිම ‍ෙ කනකුට ලැබුනේ නැත චන්ද්රිකා පාලන කාලය තුළ කම්කරු ඇමති ලෙස ගෙන කම්කරු ප්රඥ්ප්තිය ගැන  මහින්ද ගෙන් අද  ඇසුවොත් ඒවා සොයා ගැනීමට පුරා විද්යා කැනීම් කිරීමට තරම්ම ලෙස ඒවා අමතකව ගොස් ඇත. සියල්ල පසෙක තබා කම්කරුවන් වෙනුවෙන් වූ මැයි දිනයබෑන් කී මූන් දිනයක්කර ගත් මහින්ද රාජපක්ෂ රජය හදිසියෙන්ම විශ්රාම වැටුප් පනතක් ඉදිරිපත් කරමින් කුමන අභියෝග පැමිණිය කම්කරු ජනතාව වෙනුවෙන් එය ක්රියාත්මක කරන බව සපථ කරමින් සිටයේය. සෑම රජයක්ම මැයි දිනවලට  සුපුරුදු  ලෙස ... බස් රථවලින් 10-15 දෙනා ගානේ ගෙන්වා ගත් බස් ජනතාව අතර පුද්ගලික අංශයේ සේවක සේවිකාවන් සිටීම දක්නට ලැබුණි. ඔවුන්ද  මහින්ද රාජපක්ෂගේ  විශ්රාම වැටුප් කථාව, මැයි දින යෝජනාවක් ලෙස කළ ප්රකාශය ගැන 100% ක්ම විශෟවාස කළ ලේ රට බේරා ගත් නායකයා ජනතාවට සෙතක් ශාන්තියක්  නොකර සිටිනවා යැයි සිතීම අමාරු වූ බැවිනි. 2006 සට 2009 දක්වා ලංකාවේ සිවිල් යුද්ධය සඳහා වියදම් වූ මුදල රු. කෝටි 65000ක් ලෙස දක්වා තිබුණි. මේ වන විට යුද්ධය අවසන් වී අවු. 02 ක් පසු වී ඇතිවද යුධ වියදම වෙනත් වියදම් සඳහා යොදවා ඉන් ජනයාට අංශු මාත්රයක හෝ ප්රතිලාභයක් ලැබෙන බවට අනාගතයෙන්වත් ඉඟියක් නැති විටක පුද්ගලික අංශ විශ්රාම වැටුප් ලහි ලහියේ ගෙන ඒම ගැන කම්කරුවන්  තමනට සුගතියක් නොකරන ආණ්ඩුව ගැන සැක පහළ කර ගන්නේය.එයට දැක් වූ විරෝධයට ඉන්පසු පොලීසිය ලවා පහර දී  වෙඩි තබා නාමල් රාජපක්ෂගේ වයසේ පසු වූ තරුණයෙක්ව ආඩම්බරකාර තාත්තා විසින් තමා අණදෙන සේනිධිපති ලෙස පොලිසිය ලවා වෙඩි තබා මරා දැමූහ. වැරැද්ද වසා ගැනීමේ ක්රියාමාර්ගය වූයේ ලංකා ඉතිහාසයේ මුල්වරට තම රාජකාරියේ වගකීම පිළිබඳ අර්ථයෙන් පොලිස්පති  විශ්රාම ගැන්වීමයිවෙඩි තැබූ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට පත් කිරීමත්ය. බැලූ බැල්මට යහපත් ලෙස පෙනුණද අවිශ්වාසය ඥානය පහලවීමට සම්බන්ධ කරුණක් ලෙස ගැනීමේ දී උසාවිවලින් වැරදි කර  හා මිනීමරුවන් ලෙස ඔප්පු වූ බොහෝ දෙනෙක් ජනාධිපති සමා යටතේ නිදහස ලබා තිබීම නිසා පොලිස්පති සිද්ධිය යහපත් ක්රියාවක් ලෙස භාර ගැනිමට සිත පෙළඹෙන්නේම නැත. උතුරේ සිවිල් යුද්ධයේ දී අවසන් දින කීපය තුළ සිවිල් වැසියන් ඝාතනය කිරීම ගැන පරික්ෂණයක් පැවැත්වීම ගැන කතා කිරීමට  ලෙහෙසියෙන්අධිරාජ්යවාදියෙකු හෝ දේශ ද්රෝහියෙකු ඩොලර් කාක්කෙක් ලෙස නම් වී ඇති නිසා  කම්කරුවන්ට පහර දුන් වෙඩි තැබූ අය රණවිරු ගානට උස්සා නොතැබුවේ මන්දැයි යන්න සැකයක් ඇතිවේ.
                වාමාංශිකයන්ට වහ කදුරු වී ඇති .ජා.. යේ පාලන කාලය = මේ දක්වා 1980 දී එක් කම්කරුවෙක් පමණක් වෙඩි තබා මරා දැමූ විට වාමංශිකයින් උදව් කළ හා ඇමතිකම් දරණ ප්රගතිශීලී අධීරාජ් විරෝධි, දේශ හිතෛශී ශ්රී..නි.. අනුබද්ධිත පාලක රෙජීමයන් විසින් චන්ද්රිකා පාලනය ඇග්සන් ලංකා ඇතුළු නිදහස් වෙළ කලාපය තුළ මේ වන විට කම්කරුවන් තිදෙනෙකු මරා දමා ඇත. 1980 ගැටුමේ දී පොලිස් අත්අඩංගුවට බලෙන් පත් වූ වාසුදේව නානායක්කාර සහෝදරයා මෙම අරගලයේ දී කම්කරුවන් පොලිස් අත්අඩංගුවට බලහත්කාරයෙන් පත් වූ බව නායක්කාරවංශිකයෙකු වෙමින්  පවසා තිබුණි.
                ආණ්ඩුව අවසානයේ දී  හත් පොළේ ගා ගත් බළලා මෙන් දඟලමින් මේ දිනවල ස්වාධීන කම්කරුවන් විසින් කළ අරගලය .වි.පෙ. උසි ගැන්වීමක් ලෙස සඳහන් කරමින් ප්රකාශ නිකුත් කරත් දී අසිත තවුසාගේ භුමිකාව අපට රඟපෑමට සිදු වී ඇත්තේ වරෙක සිනාසෙමින් හා තවත් වරෙක අඬමින්ය. 1988 -89 යනු 2003 පෙර ඵන්නක් බව (.වි.පෙ. සමඟ පරිවාස ආණ්ඩුව  සැදැ වර්ෂ්‍ක්) බව කුඩා ළමුන්ද දන්නා කරුණකි. .වි.පෙ. සමඟ පරිවාස ආණ්ඩුව සාදා මන්ත්රීකම් 42 ක් වෙනුයවන්  මනාප ලැබුනත් ශ්රී..නි..යට නැවත 88-89 .වි.පෙ. ක්රියාකාරකම් මතක් වී ඇත. 88-89 භීෂණ යුගය තුළ ඊනියා දේශ ප්රේමයට කඩේ යෑමට සෑදී පැහැදී සිටී. ශ්රි..නි.පක්ෂය  .ජා.. යට එරෙහිව .වි.පෙ. සීමාන්තික ත්රස්තවාදී ක්රියාකාරකම්වලට අනුබලයක් විය.  වැස්මට අවශ් තුණ්ඩු කෑලි ඇතුළු ජිනීවා දක්වා ගොස් කේලම් කීමට මහින්ද හා වාසුදේව ක්රියා කළේය. යූ.ඇන්.පි. පැරදවීමට .වි.පෙ. ත්රස්තවාදයට උදව් කළ වර්තමාන ශ්රි..නි. අංශක 180 කින් හැරී සන්ධාන ආණ්ඩුවක පැවති ඇමතිකම්ද .වි.පෙ. පුදා නැවත 2011 දී 88-89 මතක් කරවිම අපට නම් නව දොරටුවලින් පමණක් නොව තවත් එවැනි දොරටු කීපයක් විවෘත කරවාගෙන සිනාසීමට තරම්ම කරුණකි. ඇඩීමට සිදුවන්නේ  කුපිත වී පරාජිත වී සිටිනවා යැයි කියන .වි.පෙ. මෙවැනි අරගලයක් මෙහෙයවීම කියන ලේබලය නිසා ස්වාධීනව සංවිධානය වූ කම්කරුවන්ට  ආණ්ඩුව අපහාසයක් කරන බැවිනි.
රොෂේන් ගේ සහෝදරයාගේ ප්රකාශවල ඇති ආණ්ඩුවේ මවුත් පීස් එකට විරෝධය පළ කරමින් රොෂේන්  තරුණ කම්කරු සහෝදරයා ඔහුගේ පියා පවසන ලෙස පුතා වීරයෙක් ලෙස ඔහුට දැනෙන හැඟීම ගැන වඩා සංවේදී වෙමින් අප,
විජේවීර විසින් 71 අරගලය ගැන සිරිමා බණ්ඩාරනායක ඇතුළු ශ්රි..නි..යට දුන් පිළීතුරකින් මෙය අවසන් කිරීමට සිත්විය.
බණ්ඩාරනායක නෝන කියනව තරුණ ජීවිත 10000ක් විජේවීර බිලි දුන්නා කියල. මං අහනව දුන්න නමි ,ඔයා ඇයි ඵ් බිලි ගත්තෙ කියලා.”
ආණ්ඩුව කියනව .වි.පෙ. බිලි දුන්න කියලා. එහෙම නම් ඇයි ආණ්ඩුව බිලි ගත්තේ.


 මැක් පෙරේරා




Thursday, March 17, 2011

ජැක්සන් ඇන්තනිගේ භුමිකාව අසරන රඟ දක්වන්නෙකු ලෙස‍‍‍‍‍......

  ජීව විද්‍යාත්මකව පිරිමි ශරීරයක් හිමි, එහෙත් තමන්ගේ ලිංගිකත්වය සමකාමී Home sexual  ලෙස තෝරා ගන්නන් අතරින්, සමහර සම්බන්ධවලදි  ස්ත්‍රී භුමිකාව මානසිකව තෝරා ගන්නා පිරිමියා අනෙක් පස සිටින පිරිමියා වෙනුවෙන් ස්ත්‍රියකට වඩා ස්ත්‍රී වෙස් ගැනීමක් කර ගන්නා බව අපි දැක ඇත්තෙමු. ලිංගිකත්වයන් අතරින් සම ලිංගිකත්වය තවත් එක ලිංගිකත්ව වෙනස් කමක් ලෙස තේරුම් නොගැනීම හා විෂම ලිංගික බව ස්වභාවික ලිංගිකත්වයේ පරමත්වයටද පත් කරගන්නන් විසින් මෙම  පිඩිත ලිංගිකත්වයට පරිභව කිරීමක්ද දක්නට ඇත. එම අධිපති කතිකාව තළ සිටින අය මෙවැනි අයව ,{transsexuals}පහල සංස්කෘතික පංතිකයන්  විසින් හඳුන්වන්නේ, පොන්නයන් ලෙසින්ය.  මෙවැනි අය බොහෝ විට වෙනත් සෙල්ලක්කාර පිරිමින්ගේ හා කොලු ගැටයින්ගේ උපහාස අපහාස සමඟ පහර කෑම්වලට ලක්වන නිසා බොහෝ විට රාත්‍රියට කළුවරේ රහසේ සැඟවී සිට තමන්ට එකඟ වෙන පිරිමින් සොයා  නගරවල අහුමුළුවල ස්ත්‍රී ආභරණ වස්ත්‍ර සහ මේකප් වලින් සැරසී සිටිමින් සිටිනු දැකිය හැකිවේ. දැන් ඔබ එසේ දැක ඇති එම නමින් හඳුන්වන අයව හොඳින් මතකයට නඟා ගන්න. ඔවුන්ගේ ඉරියව්, කතාබහ, ඉඟි බිඟි, අඟර දඟර මේ සෑම දෙයක්ම මතකයට ගන්න. ඔබේ සිහියට නැ‍ඟෙනු ඇත්තේ ස්ත්‍රීන් නොවන පිරිමින් වන මොවුන් ස්ත්‍රී චර්යාවන් අනුගමනය කිරීමේ දී ස්ත්‍රීන්ටත් වඩා ස්ත්‍රී චර්යාවන්වල, අදි රංගාත්මක බවක් දක්වන බවයි. ස්ත්‍රී භාවිතාවට වඩා විෂම ලිංගිකත්වය අධිපති ලිංගිකත්වය ලෙස භාරගෙන ඇති තත්වයක වෙනත් සුළු ලිංගිකයන් තම මනස හැම විටම යටත් ලිංගික මානසිකත්වයක පවත්වාගෙන යයි. එය සිංහල හෝ බුද්ධාගම අධිපති වී ඇති රටක එහි වෙසෙන අනෙකුත් ජාති හා ආගමිකයන් තමන්ට අඩු සැලකිල්ලක් ලැබෙනවා යැයි සිතන මානසිකත්වයකට හා සමානව බැඳී පවතී. මේ දෙකෙහිම, විෂම ලිංගිකත්ව කතිකාව හා සිංහල බෞද්ධ අධිපති කතිකාව සුළු ලිංගිකයා, සුළු වාර්ගික හා ආගමිකයා තුළ ඇති කරවන්නේද එම පීඩිත තර්කනයයි. එනම් පොන්නයා,  දුර්වලයා, පහත්,නොහැකියාවක් සහිත කෙනා වසයෙන්ය.. සම ලිංගිකත්ව‍යේ දි ස්ත්‍රියගේ භුමිකා සුළු ලිංගිකත්වය සහිත කෙනා එම අභියෝගයට මුහුණ දෙන්නේ තමන් පෙනි සිටින ස්ත්‍රී භූමිකාව  ස්ත්‍රියකට වඩා අදි රංගානාත්මක කරමින්ය.
   ජැක්සන් ඇන්තනී මහතා සමඟ මෙම උදාහරණය ගලපා ගැනීමේ දී අපට එය මෙසේද දැක්විය හැකිය. එම මහතා ලංකාවේ  වෙසෙන ශ්‍රී ලාංකිතයෙකු වුව ද ඔහුගේ කතෝලික සුලු ආගමික බව නිසා මහ ජාතියේ අගමික අධිපති බ‍වේ මානසික යටත්කමක් තම මනසින් බාරගෙන සිටියි.. වෙනත් අය ඒ සඳහා ආගමික, ජාතික අයිතිවාසිකම් සඳහා පෙනී සිටිමින් කටයුතු කරන විට ජැක්සන්  ඇන්තනී මහතා ඒ වෙනුවට තෝරා ගන්නේ මහා ජාතියේ ආගමික අනන්‍යතාවය තමා කුලියට ගැනී‍මේ මගය. කුලියට ගෙන පසුව එය තමාගේම කර ගන්නේ මහා ආගමික අනන්‍යතාවයක් සහිත අයටත් වඩා  අධි රංගාත්මකවය. තම ආගමික අනන්‍යතාවය වෙනස් කර ගෙන බණ්ඩාරනායක මහතා, දේශපාලනය වෙනුවෙන් බුද්ධාගම තෝරා ගැනීමේ මඟ වෙනුවට ජැක්සන් තමාගේ ආගමේ ඉඳිමින් මහ ජාතියේ ආගමික බව, එම මහ ජාතියේ අයටත් වඩා හොඳින්, තමා තුළ තිබෙනවා යන්න ප්‍රදර්ශනය කරවයි.
           
රූපවාහිනි නාලිකාවලට පැමිණෙන ජැක්සන් බෞද්ධයන් තුළ ඇති ශ්‍රද්ධාවටත් වඩා සුළු ආගමිකයෙක්  විමේ දරිද්‍රතා මානසිකත්වය හේතු කොට ගෙන වඩා රංගනයක් ඉදිරිපත් කරමින් ඒ වෙනුවෙන් පෙනි සිවියි.

ලාංකීය ඉතිහාසය  මහා වංශය තුළ ‍බෞද්ධ ආගමික ඉතිහාසයක් පමණක් ලෙස ඉතිහාසකරණය කිරීම ගැන කථා බහ කරන විට ජැක්සන් ඔහුගේ මෙම  අධි රංගන භූමිකාව ප්‍රදර්ශනය කරවන්නේ එහි සිටින සියලු දෙනාටත් වඩා ඉදිරියට පැමිණෙමින්ය. කතෝලික ආගමේ වතාවත්වලදී, ඔහු එයට දක්වන භක්තියට වඩා වැඩි අධි භක්තිමත් බවක් බෞද්ධ වතාවත්වලදී දක්වයි. ඔහු වැඳ නමස්කාර කරන්නේ දොහොත් මුදුනේ තබා ගෙනය. ගැහැනු නොවන පිරිමියාට ගැහැනුකම අධිතාත්විකව රඟ දැක්වීමට සිදුවු අකාරයට මෙනි. බෞද්ධයෙකු එය එතරම්ම ප්‍රමාණයෙන් නොකළ ද ජැක්සන් එයට වඩා කිරීමට යෑම නිසා බෞද්ධයාවද  අපහසු කරවන්නේ, විකාර රංගන පිරිමි  ගැහැනිය නිසා සැබැ ගැහැනිය අපහසු  වු ආකාරයටය. බෞද්ධයා තමා උපතින් බෞද්ධ නිසා ඔහුගේ බෞද්ධකම තුළ ඔහුට අඩි තාත්විකව පෙන්වීමට තරම් දෙයක් අවශ්‍ය නැත. දළදාව ගැන කරන රූපවාහිනි වැඩ සටහන් වලදී ද දළදාවට වැඳ නමස්කාර කරන්නේ අධිරංගනාත්මකවය. එය නළු නිවේදකයෙන් වීම නිසා වන දෙයක් නොව, ඔහුගේ ආග‍මේ  යටහත් මානසිකය වන මහා ආගම බලපැම සමඟ සමපාත කරගැනීමේ පීඩිත මානසිකත්වයයි... ජැක්සන් ගේ පෙනී සිටීම පළල් අර්ථයෙන්ම යටත් වීමකි. එය ඔහු අපට වෙනත් ලෙස  ප්‍රදර්ශනය කරන්නේ ගෑහැණු නොවී ගෑහැණු වීමට පැවැත්මක් ඇති කරගත් අයගේ, අධිරංගනයේ ආකාරය මෙනි. මේ කාරණය සැලකිල්ලට ගැනීමේ දි ජැක්සන්ගේ මෙම අධි රංගනයේ අසරණකම තුළින් නැවතත් කියාපාන්නේ ගැහැණියට ගැහැණියක් වීම සඳහා රංගනයක් කළ යුතු නැති වුවද ගැහැණු නොවන කෙනාට එය තම පීඩක මානසිකත්වය නිසා කළ යුතු බව කියවෙන  අනිවාර්යයකින්ය.  අධිපති කතිකා‍වේ පුබලත්වය නිසා වන අසරණ කමක්ද මෙම භුමිකාවන් රග දක්වන්නන් තුළින්ද දැක  ගැනීමට පුලුවන් කමක් ඇත.

Wednesday, December 1, 2010

කිකිළිය මරා රන් බිජු ගැනීම

එකෝමත් එක කාලෙක ගම ගෙදරක කිකිළියක සිටියාය. දිනක් ඇය රන් බිත්තරයක් දැමුවාය. ප්‍රීතියට පත් ගෙදර ඇත්තෝ එම බිත්තර විකුණා වතු පිටි ඉඩ කඩම්  මිළට ගන්නට සිතූ හ. මෙහි දී ගමරාලට නුවණැති අදහසක් පහළ විය. කිකිළියගේ බඩ පලා රන් බිජු සියල්ල එකවර ගතහොත් ගමහැර නගරයට ගොස් එම බිත්තර විකුණා මහත් වස්තුව රැස් කොට සතුටින් ජීවත් විය හැකි යැයි ඔහු කල්පනා කළේය. ඒ අනුව කිකිළියගේ බඩ පලා බැලුවේය. එහි බිත්තර නොවීය. බිඳ වැටුනේ ගමරාලගේ සිහිනය පමණක් නොවේ. ගම ගෙදරට බිත්තර සැපයූ කිකිළිය ද අහිමි විය.

ආශ්චර්යය උපදවා ගැනීම පිණිස වර්තමානයේ  රට තුළ සිදුකෙරෙන බොහෝ ක්‍රියාකාරකම් අසන දකින විට අපට මතක් වන්නේ රන් බිජු ගත් හැටි කියන මේ ගම කතාවය. බලාගෙන යන කොට මේ ගමරාළලා ද අර ගමරාළට දෙවෙනි නැත. මොවුන් උත්සාහ කරන්නේ ද ලංකාව කණ පිට පෙරලා හෝ තමුන්ට ආශ්චර්යය ළඟා කර ගන්නටය. රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2002 දී ලංකාවට පටවන්නට හැදූ යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන බලවත් ජනතා විරෝධය හමුවේ එදා නිශ්ප්‍රභා විය. නමුත් මේ වැඩ පිළිවෙලම ඊටත් වඩා සාහසික ආකාරයෙන් වත්මන් ආණ්ඩුව ක්‍රියාවට නඟමින් සිටී. යටත් විජිත පාලන සමයේ පවා සුරැකුනු පාරිසරික සම්පත් හා ජාතික උරුමයන් ඉදිරි වසර කිහිපය තුළ ලංකා මාතාවට අහිමි වනු ඇත. ඒ මතු නොව අපට අනන්‍ය වූ සංස්කෘතිය හා සදාචාරය ද එතෙකින් වල් වැදෙනු ඇත.

දශක 04 කට නොවැඩි කාලසීමාවක සිටම ලංකාව අනුගමනය කරනු ලබන්නේ එකම ආර්ථික ක්‍රමෝපාය යන්ය. පාලකයින් කුමක් ප්‍රකාශ කළ ද බලයට පත්වන සෑම ආණ්ඩුවවක්ම විශ්වාසය තබා සිටින්නේ විදේශීය ආයෝජනයන් කැඳවීම කෙරෙහිය. ඒසඳහා විවිධ බදු සහන පිරිනමමින් විවිධ රාජ්‍ය ආයතන පිහිටුවමින් සෑම රාජ්‍යයක්ම උත්සාහ කළේය. තව තවත් රට අර්බුදයට ගමන් කළා මිස  වෙනත් යහපතක් සිදු වූයේ නැත. ආණ්ඩුවද ගමන් කරන්නේ එම නව ලිබරල් ආර්ථික උපාය මාර්ගයෙහිමය. ලාභය අපේක්ෂාවෙන් යන මේ ගමනේදී මිනිසා සහ ස්වභාවික සම්පත් ද සාරධර්ම ද එතරම් වැදගත්කමක් හිමි වන්නේ නැත. ගොවීන් ‍ෙගාවි බිම්වලින් ද, දිළින්දන් නගරවලින් ද, ධීවරයින් මුහුදු කරයෙන් ද පලවා හරින ප්‍රවෘත්ති අපට දිනපතා අසන්නට ලැබෙන්නේ ඒනිසාය.

Thursday, October 21, 2010

ආශ්චර්යමත් සංවර්ධනයේ නාමයෙන් දුප්පතුන් අනාථ කොට පළවා හැරීම

 
        කොළඹ නගරයේ පදිංචිව සිටින අනවසර පදිංචිකරැවන් යැයි කියන 60.000 පමණ පිරිසකට නගරයෙන් පිටස්තර නිවාස තනා දීමට අදහස් කරන බව කියැවේ.මේත් සමග කියැවුණු තවත් පුවතක් වූයේ,කොළඹ මහ නගර සභාව විසුරැවා හැරීමටත් එය ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ,ඒක පුද්ගල අධිකාරියක් බවට පත් කිරීමට අදහස් කරන බවත් ය.එහෙත් ටික දිනකින් පසුව අධිකාරිය පිළිබද එබදු අදහසක් නැතැයි ද කියැවිණ.මේ දෑ පිළිබදව සත්‍යය කුමක් ද?යන්න විසදා ගැනීමට මෙහි සුලමුල සොයා බැලිය යුතු ය.