Thursday, March 24, 2011

"විදූ" නොදුටු 'විදු' ලා...... (1 කොටස)

පසුගිය දිනක පල වූ පුවතකින් කියවුනේ මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි හිටපු LTTE කාඩර්වරියන් 374 දෙනෙකුගෙන් 270 දෙනෙකු සමත්වී දෙදෙනෙකු වෛද්ය විද්යාල  සුදුසුකම් ලබා  44 දෙනෙකු විශ්ව විද්යාල සඳහා සුදුසු කම් ලබා ඇති බවය. එම පුවතට පසු වදනක් ලියන වාර්තාකරුවාම ප්රකාශ කොට තිබුනේ වැරදි මාවත් වෙනුවට නිවැරදි මාවත තුළින් ජීවිතය ජය ගැනීම සඳහා ඔවුන් උත්සුක වී ඇති බවය. අප අත්දැකීමෙන් දන්නා පරිදි මෙතරම් කරදර තිබිය දී අපහසු තත්වයන් යටතේ විභාග සමත් වූ මොවුන් අන් අයට වඩා සුවිශේෂ දක්ෂතාවයන්ගෙන් හෙබි අය ලෙසින් සමාජය තුළ සම්භාවනාවට ලක්වනු ඇත.
   
  
ස්වභාවික ඉතිහාසය තුළින් මිනිස් ඉතිහාසය වෙන් කිරීමත්, දෙවන ලෝක යුද්ධයෙන් පසුව පශ්චාත් කාර්මික සමාජයන් තුළින් වඩාත් තීව්ර වූ බුද්ධිමය ශ්රමයේ අති ප්රමුඛ භූමිකාවත් තුළ මුළු මහත් ලෝකය තුළම පිලිගන්නවා ඇති සහ පිලිගැනෙන නව ලිබරල්වාදී දෘෂ්ටිවාදයට අනුව මුලධර්මවාදී පිළිගැනීම වන්නේ, ඔබගේ දක්ෂතාවය අනුව දක්ෂතාවයේ හැකියාවන්ට නියම වී ඇති වටිනාකම් අනුව ඔබට සමාජයේ නිසි තැන ලැබෙනු ඇතැයි යන්නයි.

එනම් ඔබ වඩාත් දක්ෂ නම් ඔබට වඩාත් සැප පහසු ජීවිතයක්ද, (ධනවාදය තුළ පිලිගැනී ඇති දෘෂ්ටිවාදී ජීවිතයට අනුව) සමාජ වටිනාකම් සහ ඉහල පාරිභෝගික භාණ්ඩ අර්චනකාමී හැකියාවක්ද ලැබෙනු ඇතිය යන්නය. එම නිසා මෙම යුගය තුළ ක්රම විරෝධී වාමාංශික දේශපාලන ක්රියාකාරිත්වයක් නොමැත. වෙනුවට අති මහත් බහුතරය පිළිගෙන ඇති ඉහත හෙජමොනික දෘෂ්ටිවාදයට අනුව කිසිවෙකුට ක්රම විරෝධී සටනක අවශ්යතාවයක් නොමැති අතර ඇති මහත් බහුතරයේ පිළිගැනීම වන්නේ නව ලිබරල්වාදී සමාජය වඩාත් හොඳින් කළමනාකරණය කළ හැකි ආණ්ඩුවක් පිලිබඳවය. එවිට පුද්ගලයාට අදාළ ස්ථානය සමාජය තුළ හිමි කරගත හැකිය. යන්නයි. ධනවාදය වෙතින් එල්ලවන මෙම දෘෂ්ටිවාදී අභියෝගයට මාක්ස්වාදී න්යායික ව්යවහාරය නිසි අයුරින් මුහුණ දෙන බවක් නොපෙනේ. වෙනුවට ධනවාදය තුළ බිහිවී ඇති සියලු නිෂ්පාදන සහ නිෂ්පාදන බලවේගයන් මෙන්ම තුළ බිහිවී ඇති සියලු විද්යාවන් සහ තාක්ෂණයන් පිළිගනිමින් නිෂ්පාදන සබඳතා පමණක් අහෝසි කිරීම වෙනුවෙන් පමණක් පෙනී සිටින ඔවුන්,( බටහිර විද්යාව සහ ධනවාදය යනු දෙකක් නොව එකකි. එම විද්යාවන් තාක්ෂණයන් මෙන්ම සියලු නිෂ්පාදන සහ නිෂ්පාදන බලවේගයන් බිහිවන්නේද ඊට අදාල දෘෂ්ටිවාදයක් තුළ හෙයින් මේවා එකට සම්බන්ධවන ආකාරයන් එනම් නිෂ්පාදන සබඳතා පමණක් එසේ නොමැති නම් නිෂ්පාදන මාදිලිය පමණක් වෙනස් කරන්නේ කෙසේද යන ගැටලුව මොවුනට නැත.) ශ්රම විභාජනයේ ඉතිහාසය තුළ සිදු වූ සහ සිදුවෙමින් පවතින සියලු ආකාරයේ මිනිස් සහ සොබාදහම සුරාකෑම්, මර්ධනයන්, විඳවීම්, තුළින් ලෙයින් - යකඩින් ගොඩනගන ලද ශිෂ්ඨාචාරය තුළ අත් පත් කරගත් දෑ (නිෂ්පාදනයන්) මිනිස් ඉතිහාසය තුළ මිනිස් ජයග්රහණයන් ලෙස බාරගනී. එය තුළ මුලිකම ශ්රම විභජනය වන කායික සහ මානසික ශ්රම විභාජනයද පිළිගනී. අද්යතන මාක්ස්වාදී සංවාදය තුළ එය නිසි අයුරින් ප්රශ්න නොකරන තත්වයක් උද්ගත වී ඇත්තේ සමාජීයව විසඳිය යුතු ප්රශ්න වෙත විද්යාව සහ තාක්ෂණය මැදිහත් වීමෙන් විසඳුම් ( ජීවන ආකෘතීන් )ලබාදීම, වෙළඳපොල සහ ප්රචාරණය හරහා දෘෂ්ටිවාදීමය ලෙස සියලු දෙනා බාරගෙන ඇති තත්වයක් තුළය.

ධනවාදය තුළ දී එම අකාරයෙන් ලැබෙන විසඳුම් වෙතින් සිදුවන්නේ ප්රශ්න තවත් ප්රශ්න බවට පත්වී අවුල් වී නැවතත් ගුණාකාරමය ලෙස වැඩිවීම සහ නැවත සඳහාද විසඳුම් ආකාරයෙන්ම ඉදිරිපත්වීමකි. එනම් නිෂ්පාදනයන් පිළිගැනීම තුළ එම නිෂ්පාදනයන් විසින් ඇති කරන ලද කොනක් පොටක් බේරිය නොහැකි සමාජ පාරිසරික අවුල් ජාලාව තුල මිනිසුන් ස්ථානගතවී ඇති ආකාරයන්ද පිළිගැනීමට සිදුවේ. එවිට මෙම අවුල් ජාලය තුළ ඇතිවන ආහාර, ජලය, වාතය, සෞඛ්, පාරිසරික වැනි ප්රධාන ප්රශ්න වලට සහ අනෙකුත් සෑම සමාජ අර්බුදයකටමද විසඳුම් යෝජනා වන්නේ මෙම ශිෂ්ටාචාරය විසින් ගොඩනගන ලද නිෂ්පාදනය තුළමය. එම තත්වය අයුරින් පිළිගන්නේ නම් කායික සහ මානසික ශ්රම විභජනය පවත්වා ගැනීම අනිවාර්ය වේ. සමාජය ඉදිරියට වර්ධනය වනවාය යන්න පිළිගැනීම තුළ ( මෙම ඊනියා සමාජ සංවර්ධනය පිළිගැනීම යනු මුළු ඉතිහාසය සමග සංසන්දනය කළ විට ඉතා සුළු නිමේශයක් වැනි වසර සියයක පමණ ඉතිහාසය, එනම් ඊනියා කාර්මික විප්ලවයෙන් පසු ලෝක විනාශය කරා යන ගමනද පිළිගැනීමය.) මෙම තත්වයට විසඳුම් ලෙස බොහෝ බුද්ධිමතුන් යෝජනා කරන්නේ ආචාරධර්මීය විසඳුම්ය. එනම් කායික සහ මානසික ශ්රම විභජනය සත්යයක් ලෙස පිළිගත යුතු බවත්, කළ හැක්කේ ආර්ථික අසමානතාවය අහෝසි කිරීමත්, සමානාත්මතාවය පිළිගැනීමේ ආචාරධර්ම පද්ධතියක් ගොඩනැගීම තුලින් එම ශ්රමිකයන් දෙකොට්ඨාශයම සමානයන් ලෙස පිළිගැනීමත් බවය. එවිට එම ආචාරධර්ම පද්ධතිය ගොඩනගන්නේද  ඉහත සඳහන් බුද්ධිමතුන්මය.

මේ පිලිබඳ මාක්ස් මෙසේ සඳහන්කොට ඇත ශ්රම විභජනය සැබවින්ම එබන්දක් බවට පැමිනෙන්නේ, මානසික සහ කායික ශ්රමය අතර විභේදනය දිස් වන විට පමණි. (දෘෂ්ටිවාදීන්ගේ මුල් රුපකාරය වන පුජකයන් බිහිවීම මීට සමගාමීය) එතැන් පටන් ඉදිරියට, පවත්නා භාවිතය පිලිබඳව විඥානයට වඩා තමන් අන් යමක් බවට, සැබෑ යමක් නියෝජනය කිරීමෙන් තොරවම තමන් සැබවින්ම යමක් නියෝජනය කරන බවට විඥානයට සැබෑ ලෙසම තමන්වම පුම්බා ගැනීමට හැකිය. මෙතැන් පටන් විඥානය, ලෝකයෙන් තමන්වම ගලවා ගැනීමේ සහ ශුද්ධ න්යාය, දේව ධර්මය, දර්ශනය, ආචාරධර්මය නිර්මාණය කිරීමේ ස්ථාවරයක සිටී. (ජර්මන් දෘෂ්ටිවාදය )

කාර්මික ධනවාදයට පෙර සහ කාර්මික ධනවාදයේ මුල් යුගයන්හි පැවති ආකාරයේ, එනම් මාක්ස් පෙන්වා දුන් ආකාරයේ, සමාජ විප්ලවයේ ගාමක බලවේගය වන තම බඩවියත රැක ගැනීමට හා කම්කරු පන්තිය මිය  ගොස් වඳ නොවීමට අවශ් වැටුපක් පමණක් හිමි වූ අචල කම්කරු පන්තියක් අද නොමැත. වෙනුවට නිශ්චිත කාල වකවානුවක් තුළ පමණක් භෞතිකමය ලෙස පහල සමාජ පන්තිකයන් විය හැකි සහ තම බඩ වියත රැක ගැනීමට පමණක් නොවෙන, වෙනත් නිෂ්පාදනද මිලදී ගත හැකි ක්රය ශක්තියක් සහිත මෙන්ම ඔවුන්ගේ ඊළඟ පරපුරට තම පන්ති පදනම වෙනස් කර ගත හැකිය යන දෘෂ්ටිවාදීමය බලාපොරොත්තුව සහිත විවිධ ශ්රමික සමාජ පන්තීන් ඇත. ඔවුනගේ දුවා දරුවනට තම උපන් පන්ති පදනම වෙනස් කර ගත හැකි අවස්ථාව ප්රධාන වශයෙන්ම විවර වී ඇත්තේ අධ්යාපන ධාරාව තුලිනි. එම නිසා වහල් යුගයේ සැමදා වහලා වීම නිසාද වැඩවසම් යුගයේ සැමදා ප්රවෙනිදාසය වීම නිසාද අවශ් වූ සමාජ වෙනස වර්තමාන ධනවාදය තුල එම ආකාරයෙන් අවශ් නොවී ඇත්තා සේම සඳහා ඉදිරිපත්වන ගාමක බලවේගයක්ද නැත. විදු වැනි අන්ත දුගී දුප්පතුන් හැරුණු කොට මෙම යුගයේ අනෙකුත් අයට තම මුලික අවශ්යතා පිලිබඳ ප්රශ්නයක් නොමැත. සියලු දෙනා තමනට අදාළ මට්ටම් වල ඇති පාරිභෝගික බාණ්ඩ අර්චනකාමයේ අලී ගැලී සිටී.
    
              
ඉහත අප සඳහන් කළ නව ලිබරල්වාදී මුලධර්මය ලංකාව තුළ බහුතර පිළිගැනීමට ලක්වෙමින් තිබීම තුළ වර්ෂ 1994 පමණ පෙර නිෂ්පාදනය වූ ගනයේ ජනප්රිය චිත්රපට දැන් නිපදවෙන්නේ නැත. 70 දශකයේත්, පසුව ඊට මදක් වෙනස් ආරකින් 80 දශකයේ නිෂ්පාදනය වූ බොහෝ ජනප්රිය සිනමා පට තුළ මුඛ් තේමාව වී තිබුනේ සමාජ අසාධාරණත්වයට ලක්වී සිටින දුප්පත් එසේ නොමැතිනම් ලුම්පන් තරුණයාට පොහොසත් කෙල්ලෙකු සමග ඇති වන ආදර සම්බන්දයයි. මේවා තුළින් ගම් වුයේ සමානාත්මතාවය ලබාගැනීමට සමාජ බාධාවක් ඇති බව සහ සිනමා පටය තුල බහුතර ප්රේක්ෂකයා නියෝජනය කරන කතා නායකයා සමාජ බාධාව මග හරිමින් ආදරය තුළින් තම පන්ති අසමානත්වය සමනය කර ගැනීමයි. 87-89 . වි. පෙ. අරගලය පරාජය වීමත් සමග මෙවැනි චිත්රපට ක්රමයෙන් අභාවයට යන ලදී.

 
විදු සිනමා පටය තුළ ප්රාදේශීය දේශපාලඥයා විසින් නියෝජනය  කරන දේශපාලන ධාරාව වන්නේ ඉහත සඳහන් කළ නව ලිබරල් මුලදර්මවාදී දේශපාලන ධාරාවයි. විදු තම නිවසේ කාමරක තුළ සිරකරගෙන සිටියදී විදු රැගෙන යාමට පැමිණි මවට ඔහු පවසා සිටින්නේ, විදූ මෙහි කැමැත්තෙන් සිටින බවත්, විදු දක්ෂයෙකු බවත්, විදුට මෙම රටෙහි ජනාධිපති විය හැකි බවත්, එය එසේ වන්නේ දක්ෂයාට ඉහලට එනම් තමාට හිමි තැනටම යා හැකි සමාජයක් උදාකර කරමින් සඳහා වන බාධාවන් ඉවත් කිරීමෙන් පමණක් බවත්, තම නායකයා රටෙහි ජනාධිපති කරවීමෙන් එය සඵල කරගත හැකි බවත්ය. මුලදී විදු මුදලට විකිණීමට අකමැති වූ මව, දේශපාලඥයාගේ එම ප්රකාශයෙන් පසුව, විදූගේ අනාගත සාර්ථකත්වය තීරණය කරන මාවත් දෙක පිළිබද දෙගිඩියාවකින් යුතුව පාසල් වේදිකාව වෙනුවට දේශපාලන වේදිකාව වෙත විදු රැගෙන යාම නිහඩව අනුමත කරයි. 

අප මෙතෙක් කියවා ඇති විදු පිලිබඳ බොහෝ විචාරයන්ට අනුව විදු තුලින් සංවාද ගතකරන මුඛ් කාරණා පෙනී ගොස් නොමැති බව අපගේ වැටහීමයි. විශේෂයෙන්ම 2011.01.23 දින සුචරිත ගම්ලත්ගේ සහ 2011.01.30 දින භූපති නලින් විසින් එම සුචරිත ගම්ලත්ගේ විචාරය සාධාරණීකරණය කරමින් ලියන ලද විචාරයන්ගෙන් මේ තත්වය පැහැදිලිව ප්රකට කෙරේ. 
   
සුචරිත ගම්ලත්ගේ විචාරයට අනුව හඳගමගේ පෙර සිනමාපට තුළින් ධනවාදය වසා සඟවා තබන්නට තැත් කරන ජුගුප්සාජනක තතු හෙළිදරවු කරමින් සිටි හඳගම දැන් එය අත්හැරදමා ඇත. ඔහු එය උදාහරණයකින්ද දක්වයි. එනම් ඔහුට අනුව අක්ෂරයෙන් විදහා දැක්වුයේ අප රටෙහි පාලක පන්තිය අධ්යාත්මික වශයෙන් කෙතරම් පිරිහී ඇත්ද යන්න බවය. ගම්ලත්ලට අනුව සම්භාව් මාක්ස්වාදයේ විස්තර කෙරෙන අකාරයෙන්ම එම පැරණි අර්ථයෙන්ම පාලකයන්, පාලක පන්තීන් මෙන්ම කම්කරුවා සහ කම්කරු පන්තියද මාර්කස් අත්දුටු ආකාරයෙන්ම අදද පවතී. එම නිසා කලාවේ කාර්යභාරය වන්නේ මෙම හතුරු මිතුරු සම්බන්ධයන් හෙළිදරවු කිරීමය. 
   
පැරණි ආකාරයට වුවද සුචරිත ගම්ලත් විදු පිලිබඳ අගතියෙන් මිදී ඇති බව පවසන භූපති නලින් පෙන්වා දෙන්නේ ප්රේක්ෂකාගාරය පිලිබඳ අර්බුදයක ගිලී ඇති හඳගම ජනප්රියවාදය දක්වා පසු බැස ඇති බවය. තවද සිනමා පටයේ පදනම් දෘෂ්ටිවාදය ලාංකීය නව සිංහල බෞද්ධ වාණිජ දෘෂ්ටිවාදය ලෙස ඔහු හඳුනාගනී.
       
විදු යනු කිසිදා පාසල් නොගිය වයස අයුරුදු 9 10 ළමයෙකි. වැල්ලේ නිදහසේ ජීවත්වන නිරතුරුවම සුද්දන් ඇසුරු කරන ඔහුට ලැබෙන දැනුම යනු තම ජීවතයට අදාල ව්යවහාරිකත්වය තුලින් ලැබෙන දැනුමක් මිස ජීවිතයට ඓන්ද්රීය නොමැති ආයතන ගත අධ්යාපනය තුළින් ලැබෙන දැනුමක් නොවේ. ඔහුට ඉංග්රීසි කතා කිරීමේ හැකියාව ලැබෙන්නේද ඔහු දන්නා අනෙකුත් දේවල් පිලිබඳ දැනුම ලැබෙන්නේද ඔහුගේ ජීවිතයට, සමාජය සහ ඔහු අත්විඳින පරිසරය සමග ඇති ඓන්ද්රීය ජීවන-භාවිතාව තුලිනි. ඔහුට තිබෙන දැනුම සහ ව්යවහාරිකත්වය අවියෝජනීයව එකට බැඳී පවතින අතර ඔහු අත්විඳින සමාජ-පරිසරය ගැන, ඔහු ලෝකය දකින ආකාරය පිලිබඳ පාසල තුළින් හෝ වෙනයම් ආයතනයක් තුළින් ඔහු වෙත අර්ථකතනයන් නොලැබේ. මේ පිලිබඳ එක් උදාහරණයක් සිනමා පටය තුළින්ම ගෙන හැර දැක්විය හැකිය. එක් ජවනිකාවක විදු තාප්පයක් උඩ වාඩිවී සිටියදී විදුහල්පති සහ ඔහුගේ දියණිය ඔවුන්ගේ කාරයෙන් එතනින් යන අතර තුර එය විදු ඉදිරිපිට නවත්වයි. එහි සිටින දියණිය විදුට මෙසේ පවසයි. "ඔතන හිටියොත් වැස්සට තෙමේවි දැන් ගෙදර යන්න" එම කාරය එතනින් නික්ම යනවාත් සමගම තවත් කාරයක් පැමිණ එතන නවත්වා, ඉන් එලියට බැස ගන්නා අයෙකු විසින් විදුගේ මව එම කාරය තුළින් එලියට ඇද බිමට දමා යන්න යන විට, "මගේ ගාන දීල පලයන්" යනුවෙන් ඇය බෙරිහන්දේ. පසුව විදු මවගෙන් විමසා සිටින්නේ හැමෝටම වටිනාකම් තියනවාද යනුවෙනි. විදු ඩොලර් එකක් වත් නොවටිනා කොල්ලෙකු බව වැල්ලේදී හමුවන සුද්දා විසින් ඊට පෙර පවසා තිබුණි. එවිට කාර් පිළිබඳව, කාර් වල යන අය, සහ එම මිනිස්  සම්බඳතා වල සුවිශේෂතා පිළිබඳව මෙන්ම මිනිසුන්ගේ වටිනාකම් තීරණය වන ආකාරයන් සම්බන්ධයෙන්ද විදුට ලැබෙන අවබෝධයන්ගේ සිද්ධි අනුභූතික වන ආකාරය එබඳුය. සුචරිත ගම්ලත්ට ප්රශ්නයක් වී ඇති විදුගේ ඉංග්රීසි කතා කිරීමේ හැකියාව සහ සබකෝලයක් නොමැති වීම  ඔහු තුළ පවතින්නේ මෙන්න මේ ජීවන භාවිතාව තුළිනි. ඔහුට මහජන රැස්වීමක් වැනි සභාවල් පිලිබඳ හැඟීමක් හෝ දැනීමක්  අන් ළමුන්ට ඇති අර්ථයෙන් නොමැත. එම නිසා ඔහුට එවැනි සභාවක් යනු තම එදිනෙද ජීවන ව්යවහාරය තුළ අත්දකින තවත් එක සංසිද්ධියක් පමණි. ඔහු කතා කරන්නේ එවෙලෙහි හිතට එන දේය. නමුත් තවත් පැහැදිලි කල යුතු දෙයක් ඇත. එනම්  පාසල් නොගිය පමණින්, වැල්ලේ නිදහසේ ජීවත් වූ පමණින්, යම් ළමයෙකු විදු වැනි නොවී වෙනත් අය බවටද පත්වීම ගැනය. 
  
අප එකිනෙකා විවිධාකාර වී ඇත්තේ අපගේ ජීවිතය තුළ අපට හමු වූ අය, අපට ලැබුන අත්දැකීම් සහ සිද්ධීන්, ආර්ථික, සමාජ දේශපාලන දෘෂ්ටිවාදී සමස්තය තුළ සංකරන සංයෝජන වූ අකාරයන්ගේ සහසබඳතා එකතුවක් ලෙසය. ආදිකල්පික සමාජයක මෙන් නොව ඉතා සංකීරණ ආර්ථික, දේශපාලන, නිෂ්පාදන, දෘෂ්ටිවාදීමය සම්බන්දතා සහිත සමාජයක් තුළ, කෙනෙකු අත්විඳින ඉහත සඳහන් කල සංකරන සංයෝජන සංකීර්ණතා ඉතා විශාල අගයක් සහ විවිධත්වයක් ගැනීම තුළ එකිනෙකාගෙන් බොහෝ වෙනස් විවිධ මිනිස් විෂයයන් බිහිවේ. විදු වැල්ලේ කුඩු කාරයන්, හොරුන් හෝ වෙනත් තක්කඩියන් සමග එකතු නොවීමට හේතුව විදුගේ මවගේ ස්වභාවය බව සිනමාපටය තුළ පෙන්නුම් කෙරේ. ඇය කිසිඳු අවස්ථාවක විදු නොවිකුනයි. විදු පාසල් යැවීමට නොහැකි වූ එකම බාධාව උප්පැන්න සහතිකයි.       

ගණිකා ගැට කපන්නියකගේ දරුවෙකු වන, දිළිඳු කෙසඟ සිරුරක් ඇති විදු වටිනකමක් ඇත්තෙකු බවට පත්නොවුනි නම්, එනම් ඔහු දක්ෂයෙකු නොවුනි නම් ඔහු නොකා නොබී සිටියයද කිසිවෙකුටත් එය ප්රශ්නයක් නොවේ. රිය අනතුරකින් හෝ වෙනත් අයුරකින් දක්ෂ සිසුවෙකු මිය ගිය විට පිලිබඳ බොහෝ දෙනා ඉමහත් කම්පාවට පත්වේ. මෙම නිසා මෙවැනි සිද්ධියක් වාර්තා කිරීමේදී සිද්ධියට අදාළ සිසුවා දක්ෂයෙකු නොවුවද ඉතා දක්ෂ සිසුවෙකු ලෙස පුවත් පත් විසින් පිලිබඳ රස කතා වාර්තා කරන්නේ, පිළිබද ප්රවෘත්තිමය වටිනාකම ඉහල යන නිසාය. 

විදුගේ හැකියාවන් දකින විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන්, ළමුන්  සහ වෙනත් අය විදු යනු  දක්ෂයා ලෙස හඳුනා ගනී. එනම් මෙතරම් විධිමත් පාසල් වලදී මෙන්ම සුචරිත ගම්ලත්ම කියන පරිදි විශ්වවිද්යාල තුලදී වත් හමු නොවන ඝනයේ හැකියාවක් විදු තුළින් හදුනා ගැනීමයි. එවිට විදු යනු ඔහු තුළ ඇති සුවිශේෂතාවයක් හේතුවෙන් මෙම ඉංග්රීසි සහ සිංහලෙන් කතා කිරීමේ හැකියාව ලබාගත් අයෙකු ලෙසට සිනමා පටය තුළ සියලුදෙනාත්, සිනමා ප්රේක්ෂකයා මෙන්ම විචාරකයනුත් හඳුනා ගනී. එය ඉතා හොඳින් පෙන්නුම් කරන්නේ විදු සිනමාපටයේ ප්රචාරක දැන්වීම් තුලිනි. පිලිබඳ අදහස් දක්වන විදුහල්පති වරුන්, ගුරුවරුන්, සහ එය නරඹන සියලු දෙනාම එක හඬින් කියා සිටින්නේ දක්ෂයා කොහේ හිටියත් එලියට එනවා වැල්ලේ මුඩුක්කුවක හැදුනද ඔහු දක්ෂයෙකු නම් සමාජය තුළ ඉදිරියට යා හැකි බවත් එය කියා දෙන එසේ නොමැතිනම් එම අසිරිමත් පණිවිඩය රැගෙන යන විදු සිනමා පටය ළමුන්ට ගුරුවරුන්ට මෙන්ම සියලු දෙනාට ආදර්ශයක් බව සහ  දක්ෂයාට නිසි තැන ලබා දියයුතුයි වැනි උදාන වාක්යන්ය. මින් පෙන්නුම්  කරන්නේ මෙම යුගයේ සියලු දෙනාට "සත්" ලෙස පෙනෙන සහ ඊනියා සම්භාව් මෙන්ම පශ්චාත් මාක්ස්වාදීන්ටද නිසි පිළිතුරක් ලබාදිය නොහැකි වී ඇත්තේ, ශ්රම විභජනය තුළ අසමානතාවය නමැති සමාජ ප්රශ්නය වසන්කරන නවලිබරල්වාදී න්යාය ගත කිරීම (ඔබගේ දක්ෂතාවය අනුව දක්ෂතාවයේ හැකියාවන්ට නියම වී ඇති වටිනාකම් අනුව ඔබට සමාජයේ නිසි තැන ලැබෙනු ඇත....) අති මහත් බහුතරය පිළිගෙන ඇති ආකාරයත් අනෙකුත් අයට මෙම තත්වය පිලිබඳ වැටහීමක් නොමැති බවත් තුළය. එම නිසා මෙම යුගය තුළ ධනවාදය ආගමකි. 
(මතු සම්බන්ධයි)

Thursday, March 17, 2011

ජැක්සන් ඇන්තනිගේ භුමිකාව අසරන රඟ දක්වන්නෙකු ලෙස‍‍‍‍‍......

  ජීව විද්‍යාත්මකව පිරිමි ශරීරයක් හිමි, එහෙත් තමන්ගේ ලිංගිකත්වය සමකාමී Home sexual  ලෙස තෝරා ගන්නන් අතරින්, සමහර සම්බන්ධවලදි  ස්ත්‍රී භුමිකාව මානසිකව තෝරා ගන්නා පිරිමියා අනෙක් පස සිටින පිරිමියා වෙනුවෙන් ස්ත්‍රියකට වඩා ස්ත්‍රී වෙස් ගැනීමක් කර ගන්නා බව අපි දැක ඇත්තෙමු. ලිංගිකත්වයන් අතරින් සම ලිංගිකත්වය තවත් එක ලිංගිකත්ව වෙනස් කමක් ලෙස තේරුම් නොගැනීම හා විෂම ලිංගික බව ස්වභාවික ලිංගිකත්වයේ පරමත්වයටද පත් කරගන්නන් විසින් මෙම  පිඩිත ලිංගිකත්වයට පරිභව කිරීමක්ද දක්නට ඇත. එම අධිපති කතිකාව තළ සිටින අය මෙවැනි අයව ,{transsexuals}පහල සංස්කෘතික පංතිකයන්  විසින් හඳුන්වන්නේ, පොන්නයන් ලෙසින්ය.  මෙවැනි අය බොහෝ විට වෙනත් සෙල්ලක්කාර පිරිමින්ගේ හා කොලු ගැටයින්ගේ උපහාස අපහාස සමඟ පහර කෑම්වලට ලක්වන නිසා බොහෝ විට රාත්‍රියට කළුවරේ රහසේ සැඟවී සිට තමන්ට එකඟ වෙන පිරිමින් සොයා  නගරවල අහුමුළුවල ස්ත්‍රී ආභරණ වස්ත්‍ර සහ මේකප් වලින් සැරසී සිටිමින් සිටිනු දැකිය හැකිවේ. දැන් ඔබ එසේ දැක ඇති එම නමින් හඳුන්වන අයව හොඳින් මතකයට නඟා ගන්න. ඔවුන්ගේ ඉරියව්, කතාබහ, ඉඟි බිඟි, අඟර දඟර මේ සෑම දෙයක්ම මතකයට ගන්න. ඔබේ සිහියට නැ‍ඟෙනු ඇත්තේ ස්ත්‍රීන් නොවන පිරිමින් වන මොවුන් ස්ත්‍රී චර්යාවන් අනුගමනය කිරීමේ දී ස්ත්‍රීන්ටත් වඩා ස්ත්‍රී චර්යාවන්වල, අදි රංගාත්මක බවක් දක්වන බවයි. ස්ත්‍රී භාවිතාවට වඩා විෂම ලිංගිකත්වය අධිපති ලිංගිකත්වය ලෙස භාරගෙන ඇති තත්වයක වෙනත් සුළු ලිංගිකයන් තම මනස හැම විටම යටත් ලිංගික මානසිකත්වයක පවත්වාගෙන යයි. එය සිංහල හෝ බුද්ධාගම අධිපති වී ඇති රටක එහි වෙසෙන අනෙකුත් ජාති හා ආගමිකයන් තමන්ට අඩු සැලකිල්ලක් ලැබෙනවා යැයි සිතන මානසිකත්වයකට හා සමානව බැඳී පවතී. මේ දෙකෙහිම, විෂම ලිංගිකත්ව කතිකාව හා සිංහල බෞද්ධ අධිපති කතිකාව සුළු ලිංගිකයා, සුළු වාර්ගික හා ආගමිකයා තුළ ඇති කරවන්නේද එම පීඩිත තර්කනයයි. එනම් පොන්නයා,  දුර්වලයා, පහත්,නොහැකියාවක් සහිත කෙනා වසයෙන්ය.. සම ලිංගිකත්ව‍යේ දි ස්ත්‍රියගේ භුමිකා සුළු ලිංගිකත්වය සහිත කෙනා එම අභියෝගයට මුහුණ දෙන්නේ තමන් පෙනි සිටින ස්ත්‍රී භූමිකාව  ස්ත්‍රියකට වඩා අදි රංගානාත්මක කරමින්ය.
   ජැක්සන් ඇන්තනී මහතා සමඟ මෙම උදාහරණය ගලපා ගැනීමේ දී අපට එය මෙසේද දැක්විය හැකිය. එම මහතා ලංකාවේ  වෙසෙන ශ්‍රී ලාංකිතයෙකු වුව ද ඔහුගේ කතෝලික සුලු ආගමික බව නිසා මහ ජාතියේ අගමික අධිපති බ‍වේ මානසික යටත්කමක් තම මනසින් බාරගෙන සිටියි.. වෙනත් අය ඒ සඳහා ආගමික, ජාතික අයිතිවාසිකම් සඳහා පෙනී සිටිමින් කටයුතු කරන විට ජැක්සන්  ඇන්තනී මහතා ඒ වෙනුවට තෝරා ගන්නේ මහා ජාතියේ ආගමික අනන්‍යතාවය තමා කුලියට ගැනී‍මේ මගය. කුලියට ගෙන පසුව එය තමාගේම කර ගන්නේ මහා ආගමික අනන්‍යතාවයක් සහිත අයටත් වඩා  අධි රංගාත්මකවය. තම ආගමික අනන්‍යතාවය වෙනස් කර ගෙන බණ්ඩාරනායක මහතා, දේශපාලනය වෙනුවෙන් බුද්ධාගම තෝරා ගැනීමේ මඟ වෙනුවට ජැක්සන් තමාගේ ආගමේ ඉඳිමින් මහ ජාතියේ ආගමික බව, එම මහ ජාතියේ අයටත් වඩා හොඳින්, තමා තුළ තිබෙනවා යන්න ප්‍රදර්ශනය කරවයි.
           
රූපවාහිනි නාලිකාවලට පැමිණෙන ජැක්සන් බෞද්ධයන් තුළ ඇති ශ්‍රද්ධාවටත් වඩා සුළු ආගමිකයෙක්  විමේ දරිද්‍රතා මානසිකත්වය හේතු කොට ගෙන වඩා රංගනයක් ඉදිරිපත් කරමින් ඒ වෙනුවෙන් පෙනි සිවියි.

ලාංකීය ඉතිහාසය  මහා වංශය තුළ ‍බෞද්ධ ආගමික ඉතිහාසයක් පමණක් ලෙස ඉතිහාසකරණය කිරීම ගැන කථා බහ කරන විට ජැක්සන් ඔහුගේ මෙම  අධි රංගන භූමිකාව ප්‍රදර්ශනය කරවන්නේ එහි සිටින සියලු දෙනාටත් වඩා ඉදිරියට පැමිණෙමින්ය. කතෝලික ආගමේ වතාවත්වලදී, ඔහු එයට දක්වන භක්තියට වඩා වැඩි අධි භක්තිමත් බවක් බෞද්ධ වතාවත්වලදී දක්වයි. ඔහු වැඳ නමස්කාර කරන්නේ දොහොත් මුදුනේ තබා ගෙනය. ගැහැනු නොවන පිරිමියාට ගැහැනුකම අධිතාත්විකව රඟ දැක්වීමට සිදුවු අකාරයට මෙනි. බෞද්ධයෙකු එය එතරම්ම ප්‍රමාණයෙන් නොකළ ද ජැක්සන් එයට වඩා කිරීමට යෑම නිසා බෞද්ධයාවද  අපහසු කරවන්නේ, විකාර රංගන පිරිමි  ගැහැනිය නිසා සැබැ ගැහැනිය අපහසු  වු ආකාරයටය. බෞද්ධයා තමා උපතින් බෞද්ධ නිසා ඔහුගේ බෞද්ධකම තුළ ඔහුට අඩි තාත්විකව පෙන්වීමට තරම් දෙයක් අවශ්‍ය නැත. දළදාව ගැන කරන රූපවාහිනි වැඩ සටහන් වලදී ද දළදාවට වැඳ නමස්කාර කරන්නේ අධිරංගනාත්මකවය. එය නළු නිවේදකයෙන් වීම නිසා වන දෙයක් නොව, ඔහුගේ ආග‍මේ  යටහත් මානසිකය වන මහා ආගම බලපැම සමඟ සමපාත කරගැනීමේ පීඩිත මානසිකත්වයයි... ජැක්සන් ගේ පෙනී සිටීම පළල් අර්ථයෙන්ම යටත් වීමකි. එය ඔහු අපට වෙනත් ලෙස  ප්‍රදර්ශනය කරන්නේ ගෑහැණු නොවී ගෑහැණු වීමට පැවැත්මක් ඇති කරගත් අයගේ, අධිරංගනයේ ආකාරය මෙනි. මේ කාරණය සැලකිල්ලට ගැනීමේ දි ජැක්සන්ගේ මෙම අධි රංගනයේ අසරණකම තුළින් නැවතත් කියාපාන්නේ ගැහැණියට ගැහැණියක් වීම සඳහා රංගනයක් කළ යුතු නැති වුවද ගැහැණු නොවන කෙනාට එය තම පීඩක මානසිකත්වය නිසා කළ යුතු බව කියවෙන  අනිවාර්යයකින්ය.  අධිපති කතිකා‍වේ පුබලත්වය නිසා වන අසරණ කමක්ද මෙම භුමිකාවන් රග දක්වන්නන් තුළින්ද දැක  ගැනීමට පුලුවන් කමක් ඇත.

Tuesday, March 8, 2011

05.03.2011 දින ස්වාධීන රූපවාහිනි  සේවය විසින් රජයේ පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරයට උදව් ලබා දීම පිණිස සකසා තිබෙන වැඩසටහන්වල මුල් කොටසට කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන හා ජාත්‍යන්තර සබඳතා විෂය සම්බන්ධ කථිකාචාර්ය  ධම්ම දිසානායක මහතාව ගෙන්වා තිබුණි.  දේශපාලන විචාරකයෙකු ලෙස පෙනී සිටින එම මහතාගේ සමහර විචාරයන් බොහෝ විට ශ්‍රී.ල.නි.ප. යේ පහළම මන්ත්‍රීවරයෙකු දක්වන අදහසටක් වඩා පහතට වැටෙන අයුරු
දැකගත හැකිය.. ඔහුගේ එවැනි කතා දෙක තුනකට අපේ අවධානය යොමු විය. ධම්ම දිසානායක යූ.ඇන්.පී.දේශපාලනයට විරුද්ධවීම සහ එය දිගටම පවත්වාගෙන යාමට බල පෑ ප්‍රධාන හේතුවක් ලෙස ඔහුගෙන් ප්‍රකාශ වූයේ 88-89 කාලය පුරා යූ.ඇන්. පි. ය විසින් රටේ තරුණයින්ව කුරිරු ලෙස ඝාතනය කිරීම ය. ඔහුගේ එක් අතක් කඩා දැමූ බව ද එම නිසා පුද්ගලිකව ද යූ.ඇන්.පි. ය සමඟ වෛර බවත් ඔහු කියා සිටියේය.

            රටම දන්නා පරිදි, ධම්ම සදහන් කල 88-89 තරුණයින් යනු, ජ.වි.පෙ. හා ජ.වි.පෙ. මතවාදයට සම්බන්ධව සිටී අය පමණක් නොව එම කාලය තුළ, පැවති රජයට සන්නද්ධව අභියෝග කළ පිරිසකි. මරාදැමීම සිදු වන්නේ රජය සහ ජ.වි.පෙ. යන දෙපාර්ශවයෙන්මය. පරිවාස කාලය තුළ සහ ශ්‍රී.ල.නි.ප. සමඟ සිටින විට එසේ මරා දැමීම ගැන යූ.ඇන්.පි. යට පමණක් දොස් පවරන (විජය මරා දැම්මේ ද ජ.වි.පෙ. විසින් නොවන බව කීමට තරම් පරිවාස ආණ්ඩු කාලවල චන්ද්‍රිකා ද පරිස්සම් විය.)  ශ්‍රී.ල.නි.පක්ෂය ජ.වි.පෙ. තමන්ට විරුද්ධු වු හැම විටම 71 සහ 88-89 කැරලිවල ඝාතනවල මුල් වගකීම ජ.වි.පෙ.ට පැවරීමට ඉදිරියට පැන ක්‍රියාකරයි. මේ දිනවල මැතිවරණ වේදිකාවල කතා දෙස බැලූ විට එය අපට හොඳින් වටහා ගැනීමට පුළුවන. ශ්‍රී.ල.නි.ප. ය ලෙස ඔවුන් එසේ අවස්ථාවාදීව ක්‍රියා කළත් වර්තමානයේ දි LTTE  ය සන්ධාන රජය විසින් කල පරාජය හා සලකා බලන කල. ශ්‍රී.ල.නි.ප එසේ කිව යුතුය LTTE ය ද ජ.වි.පෙ. ලෙසම තම මතවාදය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් සන්නද්ධ රජයන්වලට එරෙහිව ක්‍රියාකළ සංවිධානයකි. එම නිසා ජ.වි.පෙ.ව යූ.ඇන්.පි රජය විසින්ද  LTTE ය සන්ධාන රජය විසින්ද පරාජය කිරීම රජයන් ලෛස යුක්ති සහගතය. මෙහි දී අවුලක් ඇති වන්නේ ධම්ම දිසානායකගේ විචාරයටය.  ඔහු කියන්නේ යූ.ඇන්.පිය තරුණයන් මරා දැමූ බවයි. LTTE  සංවිධානයට  සම්බන්ධව සිටි මර්ධනයට ලක් වී අත් කඩා දැමූ අය ද , (ධම්මගේ මුල් තර්කයට අනුව,) අනාගතයේ දී  දෙමළ තරුණයන් අමු අමුවේ සන්ධාන රජාය ද මරා දමා තිබෙන නිසාසදාකාලිකව ලෙස ශ්‍රී ල.නි. පක්ෂයට විරුද්ධ වෙනත් පක්ෂයකට සම්බන්ධව විත් රූපවාහිනි චැනලයක ධම්ම කල ලෙස  ප්‍රකාශ කළහොත් අප එය තේරුම් ගන්නේ කෙලෙසද? රටම ඉල්ලා සන්නද්ධව සිටි  ජ.වි.පෙ. මර්ධනය කිරීම යූ.ඇන්.පි. ය නොකළ යුතු දෙයක් බව ධම්මගේ ප්‍රකාශනයේ අඩංගුය. ඒ අනුව රටෙන් කාලක් ඉල්ලා සන්නද්ධව සිට LTTE ය මර්ධනය කිරීම ද ( ධම්මගේ මුල් තර්කයට අනුව) වත්මන් රඡයද LTTE තරුණයින් මර දමා තිබෛන නිසා එය  වැරදි වන අතර LTTE සංවිධානය නිවුරදිය.
            ජ.වි.පෙ. සිංහල තරුණයන් නිසාත්,  LTTE දෙමළ තරුණයන් නිසා සිංහල තරුණයින් මර්ධනය කිරීම වැරදියි යන්න තර්කයක් ධම්ම ගොඩනගනවාද යන්නත්, වරෙකදි අපට හැඟවේ. කෙසේ උවද දේශපාලන විචාරකයන් ලෙස කෙනෙකු ඕනෑම පක්ෂයකට සම්බන්ධ කර ගැනීමේ දි ඔවුන් උත්සාහ කරනවා ඇත්තේ මෙවැනි හිරිකිත හිතෙන  ආකාරයේ විචාර කරවා ගැනීම නොව එවැනි දේ සඳහා ඔවුන්ට ඕනෑම ආකාරයේ චණ්ඩි, වාචාල, තර්කානුකූල නොවන කතා කාරයින් සිටිය ද ධම්මලාගෙන් ආණ්ඩුව බලාපොරොත්තු වෙන දේටත් වඩා දේ ලබාදීමට යෑම නිසා දේශපාලකයින්ටත් වඩා ඉක්මනින් ලංකාවේ විචාරකයින් කුජිත වෙන අන්දම අපට මේ හරහා බලාගත හැකිය.  සියල්ල නිරුවත් කිරුම වෙනුවෙන් අපි  මහින්ද  රාජපක්ෂට පුශංසා කල යුතු නොවෙිද?    

-  මුණසිංහ

Monday, March 7, 2011

ස්ත්‍රීවාදයට එහා ගිය.....


කාන්තා දිනයක් ජාත්‍යන්තරව ප්‍රකාශයට පත් වී තිබුණත්, ජාත්‍යන්තර හැම දෙයටම ඊනියා ලෙස විරෝධය පාන ලංකා ආණ්ඩුව පවා එම දිනය සැමරීමට වන සූදානම හැම තැනම දක්නට ලැබෙනවා. කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් යන අදහස අසන විටම පරලවන දේශ ප්‍රේමි කට්ටිය කියන්නේ මේක බටහිර දෙයක් නිසා ලංකාවට මෙය අදාල නොවන බවයි. එහෙත් එසේ කියන අයගේ දරුවන්ගේ ජීවිත බටහිර අධ්‍යාපන හා සංකල්ප හරහා ගොඩනංවා ගැනීමට (හොඳම දේ දරුවන්ට) තම ගෙවල් දොරවල්, ආදායම් සියල්ල පවා යොදමින්  පමණක් නොව මහජන දේපල සොරකම් කරමින් ද ලක්ෂ 30,40 විදෙස් විශ්ව විද්‍යාල සඳහා ගෙවමින් එම කටයුත්තවල් සාර්ථක කර ගැනීමට කටයුතු කරති. ප්‍රභාකරන්ගේ මරණයේ වර්ෂය දක්වා අවුරුදු පතා වැලන්ටයින් දිනය ට ලෝකල් අර්ථයක් එකතු කරමින් අළුත් අදහසක් වෙනුවට තරුණ තරුණයින් විහාර මහා දේවි උද්‍යානයට ගෙන්වා සුපුරුදු ශීල ව්‍යාපාර අමා වැස්ස නමින් පැවැත්වූ හෙළ උරුමය මෙවර එය සැමරීම අත්හැර දැම්මේ පෙර දී තම දේශපාලන න්‍යාය පත්‍රයට අදාල කරුණක් ලෙස සළකා එය කළ නිසා මිස, එය අද වෙනත් දෙයකට අදාල නොවන නිසාය.

            1980 දශකයේ ස්ත්‍රීවාදය (Feminism) ලංකාවට හඳුන්වා දීමට එවකට සිටි ස්ත්‍රී ක්‍රියාකාරිනියන් උත්සාහ ගන්නා විට, ලංකාවේ ප්‍රධාන පෙළේ සියළු දේශපාලන සංවිධාන පමණක් නොව සමහර වාමාංශික සංවිධානවලටද  දැනුනේ එය කුණුහරුපයක් ලෙසටය. ප්‍රගතිශීලි ලේඛකයෙක් ලෙස හඳුනාගෙන සිටි අයද, ඩබල් මීනින්ස් කතා ලියමින්  මෙම ස්ත්‍රිවාදි කතිකාව දරුණු අපහාසයට ලක් කළහ. මෙම දිනය මාර්තු 8 ලෙස නම් කළේ ජර්මන් සමාජ ප්‍රජාතන්තුවාදී ව්‍යාපාරගේ විප්ලවය පිළිබඳ රැඩිකල් අදහස් වෙනුවෙන් පෙනී සිටි රෝසා ලක්සම්බර්ග් ඝාතනය වූ දිනය වෙනුවෙන් බවවත් මොවුන් නොදැන සිටියේය. බටහිර ආර්ථික දේශපාලන, සංස්කෘතික, නූතන  සන්දර්භයන් තුළ බිහි වූ ස්ත්‍රීවාදී අදහස ලංකාවට හඳුන්වා දීම නිසා පෙර දී මෙලෙස හඳුන්වා දුන් සියළු සංකල්ප ගර්හිත වූ ආකාරයටම එම ස්ත්‍රීවාදී අදහස්   ධනාත්මක හා සෘණාත්මක බාරගත් සියලු දෙනාම තුල අද ද එම ගර්හිත බව ලිහාගෙන නැති බවක් හැ‍‍ඟේ. ධනාත්මකව එම අදහස බාරගත් අය එය හුදු පුද්ගලික පුරුෂ විරෝධයකට හා ස්ත්‍රී සමලිංගිකත්වයකට ඌනනය කරමින් එහි මුල් අවධියේ පෙනී සිටියහ. තවත් විටෙක ස්ත්‍රිය යන්න ජීව විද්‍යාත්මක ශරීරය ලෙස හඳුනා ගනිමින් එවැනි ශරීරයක් හිමිවීම පමණක් නිසා ස්ත්‍රීවාදයේ සියළු අර්ථකතන ඒ හරහා ක්‍රියාත්මක කළහ.  පිරිමි ගුණය (masculinity) ඇති ස්ත්‍රීන්ට ද  තම ශරීරයේ ආවරණය නිසා ස්ත්‍රී ගුණය  (Feminine) විරෝධි දේවල් පවා සාධාරණය කරගෙන කටයුතු කළහ. තවමත් නිරාකරණය කර නොගත් මේ ගැටළුව නිසා ස්ත්‍රීවාදයට විරුද්ධව අදහස් දැක්වූවන්ට තම ග්‍රාම්‍ය විවේචනයන්ට සුජාත බවක් ලැබිණ. ස්ත්‍රීවාදී අදහස් ලංකාවට හ‍ඳුන්වා දුන් අයගේ පසු ක්‍රියාකාරිත්වය N.G.O. ව්‍යාපෘති බවට පමණක් පත්වී තිබීම නිසා එයට එරෙහි වූ ඊනියා දේශප්‍රේමී පාර්ශවයන්ට තව තවත් එය පොඩිකර දැමීමට අවශ්‍ය ආයුධ සැපයිණි. එම නිසා ස්ත්‍රීවාදය +බටහිර+දේශද්‍රෝහි (LTTE)+ NGO+ වී ගියේය.

මෙලෙස කිසිදු අදහස් නැති නිසා ස්ත්‍රීන්ට ගේ සුපුරුදු වෘත්තීන්වලට උදව් කරන ව්‍යාපෘති සඳහා වන ව්‍යාපෘතියක් බවට එම දිනය ලංකාව තුළ අද පත්කර ගෙන ඇත. ලිබරල් යූ.ඇන්.පි.යට පවා එම දිනය හෝ එම ව්‍යාපෘතියට අදාල වෙනත් යමක් වෙනුවෙන් වූ පෙනී සිටීමක් නොකළහ. වාමාංශික සංවිධානයක් වූ ජ.වි.‍ ‍ෙප. කාන්තා සංවිධාන තුළින්ද ‍‍කෙරෙන්නේ පක්ෂ න්‍යාය පත්‍රයට අවශ්‍ය පිරිමින් කරන කටයුතුවලට උදව් කරන රතු සාරි හැට්ට ඇඳගත් සුපුරුදු කාන්තාවගේ ක්‍රියාකාරිත්වය පමණක්ය.

ස්ත්‍රීවාදය යන්න මනුෂ්‍යත්වය පිළිබඳ වන ගැටළුවක් ලෙස හඳුනාගෙන, මීට අවුරුදු  100කට පමණ පෙර නොර්වේ ඔස්ලෝ නගරයට කි.මී. 160 ක පමණ ඈතින් වෙරළබඩ ස්කයින් නැමති ප්‍රදේශයේ ජීවත් වූ හෙන්රික් ඉබ්සන්ගෙන් අපේ ස්ත්‍රි සංවාදයේ ධන සෘණ අවුල ගැඹුරින් තේරුම් ගත හැකිය.
 
Doll House නාට්‍යයේ ජවනිකාවක්

බෝනිකි ගෙදර  Dolls House ලෙස නිර්මාණය වූ නාට්‍යයේ නෝරාගේ චරිතයට පණ දෙන දරුවන් ති‍දෙනෙකු‍ගේ මවක් හරහා මෙම නාට්‍යකරුවා ස්ත්‍රීවාදය පිළිබඳ අදහස් දියුනු වි නැති කාලයක අපට හඟවන්නේ කුමක්ද? 

පීතෘමූලික සමාජයේ විශේෂ වශයෙන්ම පීඩාවට පත්වන්නේ කිසියම් වියුක්ත ගැහැණියක් නොව මවයි.
ගැහැණුන් සහ පිරිමින් අතර ඇති ජීව විද්‍යාත්මක වෙනස්කම්වල අවසාන හරය දරුවන් බිහි කිරීමට ගැහැණියට ඇති හැකියාව නම්, මාතෘත්වය හැම ස්ත්‍රීවාදී ව්‍යාපාරයකටම වැදගත් තේමාවක් විය යුතුය.

            මේ නාට්‍යයේ බෝනිකි ගෙදර නම විසින් ම ඉඟි කරන අයුරින් හා අවසානයේ නෝරා තමා විසින් කියා සිටින පරිදි, විවාහය හා මාතෘත්වය ඇයට දිග් ගැස්සුනු බෝනිකි සමයක් විය. දරුවෝ ඇයට සෙල්ලම් බෝනික්කෝ බඳු වූහ. එලෙසින්ම ඇයද සැමියාටත් ඊට පෙර පියාටත් බෝනික්කෙක් වූවාය. සැබෑ පරිණතභාවය අත්පත් කර ගැනීම උදෙසා ඇය මේ ජීවිතය අත්හැර දැමිය යුතුය.

            ඔවුන්ට මේ ජරා නාඩගම රඟන්නට සිදුවන්නේ තමන් ආදරය කරන අය වෙනුවෙනි. නෝරා වසර ගණනාවක් විවාහය තුළ ජීවත්වන්නේ තමන් ගෙවන මානුෂීය වන්දිය ගැන දැනීමක් නැතිව අවිඥානිකවය. සබඳතා රැක ගැනීමට නොයෙක් අයතා ක්‍රම සොයා ගැනීමට නෝරාට සිදු‍වෙයි. ඉන්පසු ජීවිතය ගෙවන්නට ඔවුනට සිදුවන්නේ බැඳි වෙස් ගැලවේය යන බියෙනි. මේ දරුණු බිය නිසා නෝරා ආදරවන්තිය වෙනුවෙන් ජීවිතය පරදුවට තබන මධ්‍යකාලීන නයිට්වරයෙක් මෙන්, තමාගේ සැමියා නොපැකිල තමා වෙනුවෙන් ඉදිරිපත්වී තමා අරක්ෂා කරනු ඇතැයි යන විශාල සිහිනය නිර්මාණය කර ගනිති.

ආශ්චර්යමත් දේ පිළිබඳ තම සිහිනය කෙතරම් නිසරු දැයි හෙළිවන මොහොතේ නෝරාගේ මනස තමා සිරවී සිටින ජීවන උගුලෙන්  ගැලවීමට මෙතෙක් නොසෙවූ විකල්ප මාවත් ගැන කල්පනා කිරීමට තරම්, ගැඹුරු නිදහසක් ලබන්නේය.  ඒ මොහොතේ නෝරා, ඉබ්සන් නිර්මාණය කළ ගැහැණු චරිත සමුදායය අතර පුද්ගල නිදහසට එරෙහි බාධක කිසිවක් මායිම් නොකිරීම පිළිබඳ අර්ථයෙන්, වඩාත්ම අදීන මනසින් යුත් චරිතය ලෙස දැවැන්තව නැඟී සිටින්නේය. එබඳු ඈ, තම ජීවිතය සැමියාට බැඳ ඇති රැහැන් සියල්ල කපා දැමීමට අදිටන් කරයි. නමුත් ඇය මනා ලෙස දක්නා පරිදි නිදහස අන්‍යොන්‍ය විය යුතු ය. අපි දෙන්නම සම්පූර්ණයෙන්ම එකිනෙකාගේ බන්ධනයෙන් නිදහස් වෙන්න ඕන. ඇය මෙලෙස ඔහුටද නිදහස දෙන්නේ ඔහුටද වෙනත් මිනිසෙකු වීමට අවකාශ ඇති කරනු බලාපොරොත්තුවෙනි. දැන් එලෙස පරිවර්තනය වීමට සූදානම් හෙල්මර්ටයි ඇය අපේක්ෂාවේ පිදුරු ගසක් දිගු කරන්නේ. ආශ්චර්යයන් අතරින් ලොකුම ආශ්චර්යය!(121 පිට) එතැනදි නාට්‍යය නිසැකින්ම උටෝපියානු දිශානතියක් දරන්නේය. අනාගතයේ යම් දිනක ඔවුන් නැවත හමුවීමට ඉඩ ඇත. ඒ සම බිමක පය තබා සෘජුව ඇවිදින අදීන හා නිදහස් පුද්ගලයන් දෙදෙනෙකු වශයෙනි!

            බෝනිකි ගෙදරට පසුගිය ශත වර්ෂය මුල් භාගය පුරා එල්ල වූ දරුණු විවේචනයක් වන්නේ එයින් ගැහැණිය ආත්මර්ථකාමී ආවේශයන් හා අරාජික අරගලයන් කරා යොමු කිරීමට තැත් දරන්නේය යනුවෙනි. නමුත් එම විවේචනය පසුබිමේ ඇති පුරුෂ කේන්ද්‍රීය දෘෂ්ටිය විසින් නාට්‍යයේ වැදගත් මානයක් ග්‍රහණය කර ගැනීමට බාධා කර ඇති බැව් පැහැදිළිය.  පුද්ගල නිදහස දිනා ගැනීමේ නෝරාගේ අරගලය ඉලක්කයක් රහිත හුදු අරාජික කැරැල්ලක් නොවේ. නාට්‍යයෙන් ඉතා පැහැදිළිව ඉඟි කරන පරිදි මෙකී නිදහස වනාහි මනුෂ්‍යයෙක් ලෙස වැඩීමට සිය විභවයන් හා ශක්‍යතාවයන් පුබුදුවා  ගැනීමට, ආත්ම ගෞරවයක් ඇති පුද්ගලයෙක් ලෙස තමාගේ විනිශ්චය ඉදිරියේත් අනෙකා ඉදිරියේත් නැඟී සිටීමට අවශ්‍ය පූර්ව කොන්දේසියක් පමණය. ඇගේ ගවේෂණය විසින් හෙළි කරන තිත්ත සත්‍යය නම් ඇය මෙතෙක් ජීවත් වී ඇත්තේ කිසි වැදගැම්මකට නැති පුද්ගලයෙක් ලෙස බවයි. ඒ නිසරු  ආත්ම ස්වභාවය  වෙනස් විය යුතුය. අර්ථාන්විත මනුෂ්‍ය ජීවිතයක් සඳහා ඇයට අයිතියක් ඇත. ලබා ගන්නා නිදහස ඇය භාවිතා කිරීමට බලාපොරොත්තු වන්නේ එය ගොඩනඟා ගැනීමටයි. 

ළමයින්ට, පුරුෂයාට ආදරය කරන්නන්ට ආදරය කිරීම ආදරය ‍ලෙස හඳුනා ගනිමින්ම නෝරා එම ආදරය අපට ඉතිරි කර ආදරය වෙනුවෙන් නික්ම ගියේය.

ඉබ්සන්ගේ නාට්‍යක් නරඹන්න යන එක දත් දොස්තර කෙනෙක් ගාවට යනවා වගේ හරිම උද්වේගකාරියි.....ඒ වගේම වේදනාකාරිය.

- බර්නාර්ඩ් ෂෝ   ‍

මෙහි සිටින ඔබගෙන් කිසිවෙක් ඉබ්සන්ගේ බෝනිකි ගෙදර නාට්‍යය කියවා ඇත්දැයි මා කල්පනා කළා. එහෙමනම් ඔබටම මෙතනදී බෝනික්කා යන වචනය පාවිච්චි කිරීමෙන් මතු කරන්නට අදහස් කරන අරුත් වඩා තියුණුව වැටහේවි. ඉන්දියාවේ අනාගතය බෝනික්කන්ට හා ක්‍රීඩා භාණ්ඩවලට පවරන්න කොහෙත්ම බැහැ. ජනගහනයේ භාගයක් අනෙක් භාගයේ බෝනික්කන් වී සිටිනවා නම් අපට කිසි විටෙක ප්‍රගතියක් අත්පත් කර ගත හැක
                                                                 -         ශ්‍රී ජවහාල් ලාල් නේරු
                                                    ඉන්දීය කාන්තා විද්‍යාලීය සභාවක් අමතා 1928 දී දිල්ලියේදී


උපුටා ගැනීම-  බෝනිකි ගෙදර නාට්‍ය පිටපත
පරිවර්තක- සුනිල් විජේසිරිවර්ධන


සටහන- කල්‍යානන්ද පෙරේරා.