Sunday, June 12, 2011

 මහජන රැස්විම ඡුනි 13 සවස 3/ 30 මහජන පුස්තකාලයේදි



14 Images | View Slideshow | Download Selected | Download All

උගතුන්ගේ සංස්‌කෘතියට එරෙහි තර්ජන

Divaina, 30/05/2011,  සාලිය කුලරත්න

විශ්වවිද්‍යාල සමාජයෙහි වූ බුද්ධි සංස්‌කෘතිය, කිසිවකුගේ බලයකට වැරදි අර්ථ දීමකට හෝ තර්ජනයකට යටපත් විය යුත්තක්‌ නොවේ. අවශ්‍යතන්හි වැදගත් සම්පත් දායකත්වයක්‌ සේ එහි ශක්‌තිය අවංකව යොදා ගැනීම රජයකද වගකීම වේ. විශ්වවිද්‍යාල සංස්‌කෘතියක ඇති ස්‌වාධීන බව සටහන් කරන ලද්දේ විදේශික උගතකු විසිනි. ඒත් අපේ රටේ ඇතැම් බලවේග, එහි වූ ස්‌වාධීන බව අකාමකා දැමීමට කටයුතු කළහොත් සිදුවන්නේ, මාකට්‌ සංස්‌කෘතියක්‌ බිහිවීමය. රටක තාක්‍ෂණය හා මානව ශාස්‌ත්‍ර හා සෞන්දර්යය සමබර විය යුතුය. මානව ශාස්‌ත්‍ර භාෂා, දර්ශන වලින් එක්‌වරම වෙළෙඳපළ වටිනාකම් සෙවිය යුතු නැත. එබඳු විෂයයන්ගෙන් ඉතා සුගැඹුරු හා බහුශ්‍රැත ඥන සම්පත් බිහිකිරීම සිදුවේ. එහි ඵලප්‍රයෝජනය දීර්ඝ කාලීන වේ, අදූර දර්ශී ඇතැමුන් විසින් රටක උගතුන් හා බද්ධ සංස්‌කෘතිය හෑල්ලු කරන විට, ඊට පහළින් සිටින සියලු අසංස්‌කෘත බලවේග උඩපනිමින් ඊට පහරදෙනු ඇත.

කාල්මාක්‌ස්‌ විසින් 1835 සැප්තැම්බර් 24 දින ටි්‍රයෙර් උසස්‌ ශාස්‌ත්‍රාලයෙහි උගනිමින් සිටියදී ලියූ "Reflections of a Youth on Choosing an Occupation", නමැති රචනාවක්‌ වෙයි. එය, මහාචාර්ය ඩෙස්‌මන් මල්ලිකාරච්චි විසින් සිංහල බසට පරිවර්තනය කරනු ලැබ 2003 දී නිකුත් වූ "මාක්‌ස්‌වාදී රචනා" නම් පොතේ ඇතුළත් වෙයි. එහි එක්‌ තැනක මෙසේ කියෑවේ.

"උගතෙකුට ගෞරවනීයත්වය ලබාදිය හැක්‌කේ කිසියම් බලයක දීන අතකොළු නොවී, ඔවුනට තම විදග්ධ වපසරිය තුළ ස්‌වාධීනව ක්‍රියාකළ හැකි වෘත්තියකටය. ගෞරවනීයත්වයෙන් තොර වෘත්තියක්‌ විසින් අපව අපේ උගත්කම්වලට නොසරිලන සේ පහතට ඇද දමනු ලබනු ඇත."

මාක්‌ස්‌ මෙම ලියවිල්ල ලියා මේවනවිට වසර 176 ක්‌ පමණ, එනම් ශතවර්ෂ එකහමාරකට වඩා ගතවී තිබේ. එහෙත් මාක්‌ස්‌ එයින් ඉඟිකළ අවදානම මේ වනතුරුද පහවී නැත. මේ ලිපිය ලියන මම, තවමත් වියපත් නැති, මැදි තරුණ වියක පසුවන්නෙක්‌මි. කිසිදු ලෙසකින් ශිල්ප අලෙවියේ නොයෙදෙන්නෙක්‌මි. කිසිදු අයුරකින් මගේ වෘත්තියට අතිරේකව රජයේ හෝ රාජ්‍ය නොවන ආයතනයකින් වේතනයක්‌ නොලබන්නෙක්‌මි. රටේ ඒ ඒ සමයේ සිදුවන ජනතා හිතෛෂී වෙනස්‌කම් හමුවේ රජය හෝ වේවා අන්කිසි සමාජ බලවේගයක්‌ වේවා සිදුකරන යහපත් කර්තව්‍ය අගය කරමින් ලිපි ලියා ඇත්තෙමි. නිදසුනක්‌ ලෙස දක්‌වතොත් ජනාධිපතිතුමාගේ දෙවැනි පදවිප්‍රාප්තිය සම්බන්ධයෙන් මවිසින්, එසේ වඩා සාධනීය ලිපි පළ කරනු ලැබිණි. ඒ හැර මම, කිසිදු දේශපාලන පක්‍ෂයක ක්‍රියාකාරී සාමාජිකයෙක්‌ නොවෙමි. මේ කියන්නා වූ මධ්‍යස්‌ථභාවයේ සිටිමින් මා සහ මා වැනි තවෙකෙකු අදහස්‌ දක්‌වන්නේ නම් එය කාගේ හෝ මෙහෙයවීමකින් සිදුවන කටයුතතක්‌ සේ නොසැලකීමට තරම් මෙය කියවන්නාද මධ්‍යස්‌ථ විය යුතු වේ.

විශ්වවිද්‍යාල ආචාර්වරයෙකුගේ භූමිකාව අන් කවර වෘත්තිකයෙකුගේ වෘත්තීය තත්ත්වයකට වඩා වෙනස්‌ වේ. ඔහුගේ රාජකාරිය උදේ අට හෝ හවස හතර අතරතුර පමණක්‌ සීමා නොවන්නකි, අවසන් වසර ශිෂ්‍යයන් සිය පර්යේෂණ නිබන්ධන ලියන විටකදී ඔවුහු මිටි ගණන් පරිච්ඡේද ගෙනැවිත් ආචාර්යවරුනට භාරදෙති. එක්‌ ඇදුරෙකුට එවන් ශිෂ්‍යයන් හතක්‌ අටක්‌ පමණ අධීක්‍ෂණය පැවරෙයි. එවිට උදේ සිට හවස්‌වනතුරු දේශන පවත්වා හවස පටන්ගෙන රෑ වනතුරු අර නිබන්ධන වල හරි වැරදි බැලිය යුතුය. ඊට අමතරව හැම සමාසිකයකට වරක්‌ දෙන පැවරුම් 20 - 30 ක්‌ පමණ එක්‌ ඇදුරෙකුට පැවරෙයි. ඊටත් අතිරේකව ඔහු පසු දිනට ඇති දේශන සඳහා සූදානම් විය යුතුය.

ඇතැම් දේශපාලකයන්, මාධ්‍ය අබියසදී ඔවුනට කැමැති ඕනෑම දෙයක්‌ කීමට නිදහස භුක්‌ති වින්දත්, සරසවි ඇදුරන් වන අපට කැමැති ඕනෑම දෙයක්‌ ශිෂ්‍යයන් ඉදිරියේ කිව නොහැක. අපි නිතරම, නව දැනුම සමග සිසුන් හා ගැවසෙමු. එය එසේ වන ලෙස සියලු පද්ධතීන් සකස්‌ වී ඇත. යම් විෂයක්‌ පිළිබඳ ප්‍රාමාණික දැනුමක්‌ අදාළ ආචාර්යවරයා තුළ තහවුරුව පවතින බවට, ඔහු ආයතනයේ පසුකරන කඩඉම් විසින් සනාථ කෙරෙනු ඇත. සහාය කථිකාචාර්යවරයෙකු තෝරා ගැනෙන්නේ අදාළ විෂයට පළමු පංති සාමාර්ථයක්‌ ගත් අයෙකු පමණි. එවැන්නෙකුට ස්‌ථිර කථිකාචාර්යවරයෙකු විය හැක්‌කේ විශාල වශයෙන් ශාස්‌ත්‍රීය ලිපි ලේඛන ලියා ශාස්‌ත්‍රීය භූමිකාවක්‌ නිර්මාණය කරගතහොත් පමණි. ඔහුට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන්නට නම් වසර හය හතක්‌ තුළ පශ්චාත් උපාධි පර්යේෂණයක්‌ කළ යුතුමය. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පළමු වැනි ශ්‍රේණිය සඳහා පශ්චාත් උපාධිය ඇතුළු ශාස්‌ත්‍රීය පර්යේෂණ සලකා බැලේ. මහාචාර්යවරයෙකු වීමට ආචාර්ය උපාධිය ((PhD)) සමග විශාල ශාස්‌ත්‍රීය පර්යේෂණ හා පතපොත ලිවීම අවශ්‍යය.

තත්ත්වය මෙසේ නමුදු, ස්‌ථිර කථිකාචාර්යවරයෙකු ලබාගන්නා ආරම්භක වැටුප රු. 26000 කි. පංති සාමාර්ථයක්‌ කිසිත් නැතිව මූලික උපාධිය පමණක්‌ සහිත උපාධිධාරියෙකුට කෙටි පුහුණුවක්‌ සහිතව මධ්‍යම බැංකුවේ ලැබෙන ආරම්භක වැටුප 37,000 කි. මා දන්නා තවත් නිදසුනක්‌ කියමි. එක්‌තරා පෞද්ගලික ව්‍යාපාරයක සේවය කරන උසස්‌ පෙළ පමණක්‌ ඇති, වෙළෙඳ නියෝජිතයෙකුට ඉන්ධන ගාස්‌තුද සහිතව රු, 40,000 ක වැටුපක්‌ ලැබේ. ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුට ලැබෙන්නේ 65000 - 70000 ත් අතර වැටුපකි. මෙය අප දන්නා සත්‍යම කාරණය වේ. සරසවි ඇදුරන්ගේ වැටුප් වැඩි කළ යුතු බව සඳහන් කරමින් පාර්ලිමේන්තුවේ පවා නොයෙක්‌ ආන්දොaලන සිදු වුවද එවැන්නක්‌ සඳහා මේ වනතුරු කිසිදු පියවරක්‌ ගෙන නැති බව කාරුණිකව සඳහන් කළ යුතුය. සරසවි ඇදුරන්ට වැඩ වර්ජනයක්‌ කිරීම ප්‍රායෝගික කාර්යයක්‌ නොවේ. සිසුන්ගේ පර්යේෂණ නිබන්ධන අධීක්‍ෂණය කිරීමේ පටන් ඉගැන්වීම දක්‌වා කාර්යයේ මේ වනතුරුද අපි යෙදී සිටිමු. එහෙත් කිසිදු ස්‌වෙච්ඡා තනතුරක්‌ දරන ආචාර්යවරයෙකුට ඒ සඳහා අතිරේක ගෙවීම් සරසවි පද්ධතිය තුළ නැත. සාධාරණ වෘත්තීය කාරණයක්‌ පිළිබඳ මතක්‌ කරමින්, ඒ පිළිබඳ නිතර නිතර සිදුවූ අපේක්‍ෂා භංගත්වය තුළම සියලු ආචාර්යවරු සිය රාජකාරිමය භූමිකා තුළම විනා ඉන් පරිබාහිර උද්ඝෝෂණයක නියෑළී නොසිටිති. ස්‌වෙච්ඡාවෙන් සිදුකරන ඇතැම් සම්බන්ධීකරණ කටයුතු පිළිබඳ කිසිවකුට බල කළ නොහැක. ඒ කටයුතු අඩාල වුවද නැතද අපට නම්, රාජකාරියට අදාළ කටයුතුවල නිමක්‌ නැත. එසේ තිබියදීත් මේ මස වැටුපටද අපි හිමිකම් නොලබමු. රටේ ඉහළම බුද්ධි ස්‌ථරය වූ අපි, රටේ තීරණාත්මක තත්ත්ව වලදී දායක වූ සම්පත් දායකයන් වූ අපි, අද ඒ සියල්ලට පොහොනා පරිදි ඉහළම සැලකුම් ලබමු·

මාක්‌ස්‌ ගේ "Reflections of a Youth on Choosing an Occupation", නම් ලේඛනයෙන් උපුටා අවධාරණය කළ පරිදි ගෞරවනීයත්වයෙන් තොර වෘත්තියක්‌ විසින් අපව අපේ උගත්කම්වලට නොසරිලන සේ පහතට ඇද දමනු ලැබ තිබේ. මෙවන් වැටුපක්‌ ලබමින් සියලු ඇදුරනට සිය විදුලි බිල්, වතුර බිල් ගෙවීමටද, දරුවන් පාසලට දැමීමටද, කුමක්‌ හෝ වාහනයක්‌ ගමන් බිමන් සඳහා යොදා ගැනීමටද සිදුවේ. ඇතැම් රාජ්‍ය හා එසේ නොවන උත්සව, සම්මන්ත්‍රණවලදී, ලැබෙන ආරාධනා සඳහා අපේම ඉන්ධන වැයකරමින් අනන්ත, අප්‍රමාණ ගමන් බිමන් ගොස්‌ ඇත්තෙමු. අපට ඉන්ධන වියදම් දෙන්නෝ නැත්තාහ. The Mysterious Universe නම් ග්‍රන්ථයේ කර්තෘ Sir Games Jenas මෙසේ කියා තිබේ. "කටමැත දෙඩීමට මිනිසා බොහෝ කැමතිය. එසේ කළ විට එහි වැදගැම්මක්‌ ඇති දෙයක්‌ නැති බැවින් වගකීමක්‌ද නැත. ගැඹුරු හා ස්‌ථිරසාර කථා කරන මිනිසුන්ගෙන් පමණි මිහිතලයට යහපතක්‌ සිදුව ඇත්තේ".

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරම්භක කුලපති වූ සර් අයිවර් ජෙනිංග්ස්‌ ලියූ ,"The Kandy Road" කෘතියේ තැනක මෙසේ දක්‌වයි.
"The autonomy or essential independence of a University community is not an end in itself.It involves the gurantee and the protection of the freedom to think,speak,read and write".

එහි සරල අරුත වන්නේ, "සරසවි ප්‍රජාවක්‌ සතු අවශ්‍යතම බලය හෝ ශක්‌තිය එතෙකින් නිමාවට නොයයි. (එහි වූ ඉදිකිරීම් පද්ධතියට සමගාමීව) ඔවුනට නිදහසේ සිතන්නට, කථා කරන්නට, කියවන්නට හා ලියන්නට ඇති අයිතිය හා වගකීම ආරක්‍ෂාවීමද ඊට ඇතුළත්ය.

විශ්වවිද්‍යාල සමාජයෙහි වූ බුද්ධි සංස්‌කෘතිය, කිසිවකුගේ බලයකට වැරදි අර්ථ දීමකට හෝ තර්ජනයකට යටපත් විය යුත්තක්‌ නොවේ. අවශ්‍යතන්හි වැදගත් සම්පත් දායකත්වයක්‌ සේ එහි ශක්‌තිය අවංකව යොදා ගැනීම රජයකද වගකීම වේ. විශ්වවිද්‍යාල සංස්‌කෘතියක ඇති ස්‌වාධීන බව සටහන් කරන ලද්දේ විදේශික උගතකු විසිනි. ඒත් අපේ රටේ ඇතැම් බලවේග, එහි වූ ස්‌වාධීන බව අකාමකා දැමීමට කටයුතු කළහොත් සිදුවන්නේ, මාකට්‌ සංස්‌කෘතියක්‌ බිහිවීමය. රටක තාක්‍ෂණය හා මානව ශාස්‌ත්‍ර හා සෞන්දර්යය සමබර විය යුතුය. මානව ශාස්‌ත්‍ර භාෂා, දර්ශන වලින් එක්‌වරම වෙළෙඳපළ වටිනාකම් සෙවිය යුතු නැත. එබඳු විෂයයන්ගෙන් ඉතා සුගැඹුරු හා බහුශ්‍රැත ඥන සම්පත් බිහිකිරීම සිදුවේ. එහි ඵලප්‍රයෝජනය දීර්ඝ කාලීන වේ, අදූර දර්ශී ඇතැමුන් විසින් රටක උගතුන් හා බද්ධ සංස්‌කෘතිය හෑල්ලු කරන විට, ඊට පහළින් සිටින සියලු අසංස්‌කෘත බලවේග උඩපනිමින් ඊට පහරදෙනු ඇත.

සරසවි ඇදුරෙකුගේ වාහනයක්‌, යම් හෙයිකින් අධිවේගයෙන් යන දේශපාලන මැරයකුගේ වාහනයක යාන්තම් ගැටුනොත්, (වරද මැරයාගේ වුවද) අපහසුවට පත්වන්නේ ඇදුරාය. ඕනෑම හීලෑ මස්‌කන වර්ගයේ සතෙකුට මිනීකෑමට ඉගැන්විය හැකිය.

උගතකු අතින් මානුෂික වැරදි සිදුවිය හැකිය. මන්ද ඔහු පෘථග්ජන බැවිනි. මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණද මේ කරුණට සාක්‍ෂි දරයි. ඕනෑම උගතෙකුගේ පෞද්ගලික ජීවිතයේ ගැටලු පැවතිය හැකිය. ඔහුට ආදරය, ප්‍රේමය සම්බන්ධ අත්වැරදි පැවතිය හැකිය. එබඳු මානෂික දුබලකමකදී වුවද උගතා, ඊට පහළ නූගත්, අවස්‌ථාවාදී, බලකාමී මැරයකුගේ තත්ත්වයට පත් නොවේ. කෝපයකදී, ශෝකයකදී මානුෂික හැඟීම් මත පිහිටා සිටියද උගත්කම නමැති ශික්‍ෂණය, මේ රටේ අන් සියලු ශික්‍ෂණ ක්‍රම අභිබවා ඉදිරියෙන් සිටී.

උගතුන්ගේ සංස්‌කෘතිය හෑල්ලු කරන, කටට ආවක්‌ම කියන ඕනෑම අයෙකුට කාරුණිකව සිතා බැලිය යුතු කරුණක්‌ වේ. තමන් මොනතරම් අවස්‌ථාවාදී වුවද, තම දරුවන් වඩා උගත් වඩා උසස්‌ වඩා ශික්‍ෂිත අයවළුන් කිරීම ඔවුන්ගේ අවංක ප්‍රාර්ථනය විය හැකිය. එවන් දරුවෙකුට සරසවියට පැමිණීමට සිදුවනු ඇත. එවිට ඔවුනට ශිල්ප දිය යුතු වන්නේ අර ඇදුරන්ටමය. ගුරු යනු ලෝකය පාලනය කරන්නා යන අදහස එක්‌ ශ්ලෝකයක ඇත. "ග" කාරාඋච්‍යතෙ විෂ්ණුඃ" ගුරු යන්නෙහි "ග" අකුරින් ලොව පාලනය කරන විෂ්ණු හැඳින්වෙයි. ලොව පාලනය කරන්නාට පහර දුන්විට ලෝකයේ ආධ්‍යාත්මික පැවැත්ම විනාශ වේ.

ආචාර්ය සාලිය කුලරත්න
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

Friday, June 10, 2011

කබර මාලැ තෝරා පෙති ලෙස

කබර මාලැ තෝරා පෙති ලෙස












සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී කම්කරු හා වැඩ කරන ජනතාවට රු. 10000/
කින් පඩි වැඩි කිරීමේ පොරොන්දුව බොරුවක් බව කියා පාමින් තමන් ඇත්තටම රු. 2500/-දෙන බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පොරොන්දු විය. දැනටමත් U –Tube වල  දක්නට ඇති පරිදි ‍‍මං ඔය බොරු කියන්නෙ නෑ හාමුදුරුවනේවේදිකාවේ සිටින හාමුදුරුවන් දෙස බලා  කියමින් මං කියන දේ කරන, කරන දේ කියන  නායකයෙ ක් ලෙස තම කථාව අවසන් කළේ අත් පුඩියකට අවශ් ප්රමාණයකට කටහඬ උස්සමින් . රු. 2500/- අද වන තුරු අය වැය දෙකක් පසුවුවද, කිසිම ‍ෙ කනකුට ලැබුනේ නැත චන්ද්රිකා පාලන කාලය තුළ කම්කරු ඇමති ලෙස ගෙන කම්කරු ප්රඥ්ප්තිය ගැන  මහින්ද ගෙන් අද  ඇසුවොත් ඒවා සොයා ගැනීමට පුරා විද්යා කැනීම් කිරීමට තරම්ම ලෙස ඒවා අමතකව ගොස් ඇත. සියල්ල පසෙක තබා කම්කරුවන් වෙනුවෙන් වූ මැයි දිනයබෑන් කී මූන් දිනයක්කර ගත් මහින්ද රාජපක්ෂ රජය හදිසියෙන්ම විශ්රාම වැටුප් පනතක් ඉදිරිපත් කරමින් කුමන අභියෝග පැමිණිය කම්කරු ජනතාව වෙනුවෙන් එය ක්රියාත්මක කරන බව සපථ කරමින් සිටයේය. සෑම රජයක්ම මැයි දිනවලට  සුපුරුදු  ලෙස ... බස් රථවලින් 10-15 දෙනා ගානේ ගෙන්වා ගත් බස් ජනතාව අතර පුද්ගලික අංශයේ සේවක සේවිකාවන් සිටීම දක්නට ලැබුණි. ඔවුන්ද  මහින්ද රාජපක්ෂගේ  විශ්රාම වැටුප් කථාව, මැයි දින යෝජනාවක් ලෙස කළ ප්රකාශය ගැන 100% ක්ම විශෟවාස කළ ලේ රට බේරා ගත් නායකයා ජනතාවට සෙතක් ශාන්තියක්  නොකර සිටිනවා යැයි සිතීම අමාරු වූ බැවිනි. 2006 සට 2009 දක්වා ලංකාවේ සිවිල් යුද්ධය සඳහා වියදම් වූ මුදල රු. කෝටි 65000ක් ලෙස දක්වා තිබුණි. මේ වන විට යුද්ධය අවසන් වී අවු. 02 ක් පසු වී ඇතිවද යුධ වියදම වෙනත් වියදම් සඳහා යොදවා ඉන් ජනයාට අංශු මාත්රයක හෝ ප්රතිලාභයක් ලැබෙන බවට අනාගතයෙන්වත් ඉඟියක් නැති විටක පුද්ගලික අංශ විශ්රාම වැටුප් ලහි ලහියේ ගෙන ඒම ගැන කම්කරුවන්  තමනට සුගතියක් නොකරන ආණ්ඩුව ගැන සැක පහළ කර ගන්නේය.එයට දැක් වූ විරෝධයට ඉන්පසු පොලීසිය ලවා පහර දී  වෙඩි තබා නාමල් රාජපක්ෂගේ වයසේ පසු වූ තරුණයෙක්ව ආඩම්බරකාර තාත්තා විසින් තමා අණදෙන සේනිධිපති ලෙස පොලිසිය ලවා වෙඩි තබා මරා දැමූහ. වැරැද්ද වසා ගැනීමේ ක්රියාමාර්ගය වූයේ ලංකා ඉතිහාසයේ මුල්වරට තම රාජකාරියේ වගකීම පිළිබඳ අර්ථයෙන් පොලිස්පති  විශ්රාම ගැන්වීමයිවෙඩි තැබූ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට පත් කිරීමත්ය. බැලූ බැල්මට යහපත් ලෙස පෙනුණද අවිශ්වාසය ඥානය පහලවීමට සම්බන්ධ කරුණක් ලෙස ගැනීමේ දී උසාවිවලින් වැරදි කර  හා මිනීමරුවන් ලෙස ඔප්පු වූ බොහෝ දෙනෙක් ජනාධිපති සමා යටතේ නිදහස ලබා තිබීම නිසා පොලිස්පති සිද්ධිය යහපත් ක්රියාවක් ලෙස භාර ගැනිමට සිත පෙළඹෙන්නේම නැත. උතුරේ සිවිල් යුද්ධයේ දී අවසන් දින කීපය තුළ සිවිල් වැසියන් ඝාතනය කිරීම ගැන පරික්ෂණයක් පැවැත්වීම ගැන කතා කිරීමට  ලෙහෙසියෙන්අධිරාජ්යවාදියෙකු හෝ දේශ ද්රෝහියෙකු ඩොලර් කාක්කෙක් ලෙස නම් වී ඇති නිසා  කම්කරුවන්ට පහර දුන් වෙඩි තැබූ අය රණවිරු ගානට උස්සා නොතැබුවේ මන්දැයි යන්න සැකයක් ඇතිවේ.
                වාමාංශිකයන්ට වහ කදුරු වී ඇති .ජා.. යේ පාලන කාලය = මේ දක්වා 1980 දී එක් කම්කරුවෙක් පමණක් වෙඩි තබා මරා දැමූ විට වාමංශිකයින් උදව් කළ හා ඇමතිකම් දරණ ප්රගතිශීලී අධීරාජ් විරෝධි, දේශ හිතෛශී ශ්රී..නි.. අනුබද්ධිත පාලක රෙජීමයන් විසින් චන්ද්රිකා පාලනය ඇග්සන් ලංකා ඇතුළු නිදහස් වෙළ කලාපය තුළ මේ වන විට කම්කරුවන් තිදෙනෙකු මරා දමා ඇත. 1980 ගැටුමේ දී පොලිස් අත්අඩංගුවට බලෙන් පත් වූ වාසුදේව නානායක්කාර සහෝදරයා මෙම අරගලයේ දී කම්කරුවන් පොලිස් අත්අඩංගුවට බලහත්කාරයෙන් පත් වූ බව නායක්කාරවංශිකයෙකු වෙමින්  පවසා තිබුණි.
                ආණ්ඩුව අවසානයේ දී  හත් පොළේ ගා ගත් බළලා මෙන් දඟලමින් මේ දිනවල ස්වාධීන කම්කරුවන් විසින් කළ අරගලය .වි.පෙ. උසි ගැන්වීමක් ලෙස සඳහන් කරමින් ප්රකාශ නිකුත් කරත් දී අසිත තවුසාගේ භුමිකාව අපට රඟපෑමට සිදු වී ඇත්තේ වරෙක සිනාසෙමින් හා තවත් වරෙක අඬමින්ය. 1988 -89 යනු 2003 පෙර ඵන්නක් බව (.වි.පෙ. සමඟ පරිවාස ආණ්ඩුව  සැදැ වර්ෂ්‍ක්) බව කුඩා ළමුන්ද දන්නා කරුණකි. .වි.පෙ. සමඟ පරිවාස ආණ්ඩුව සාදා මන්ත්රීකම් 42 ක් වෙනුයවන්  මනාප ලැබුනත් ශ්රී..නි..යට නැවත 88-89 .වි.පෙ. ක්රියාකාරකම් මතක් වී ඇත. 88-89 භීෂණ යුගය තුළ ඊනියා දේශ ප්රේමයට කඩේ යෑමට සෑදී පැහැදී සිටී. ශ්රි..නි.පක්ෂය  .ජා.. යට එරෙහිව .වි.පෙ. සීමාන්තික ත්රස්තවාදී ක්රියාකාරකම්වලට අනුබලයක් විය.  වැස්මට අවශ් තුණ්ඩු කෑලි ඇතුළු ජිනීවා දක්වා ගොස් කේලම් කීමට මහින්ද හා වාසුදේව ක්රියා කළේය. යූ.ඇන්.පි. පැරදවීමට .වි.පෙ. ත්රස්තවාදයට උදව් කළ වර්තමාන ශ්රි..නි. අංශක 180 කින් හැරී සන්ධාන ආණ්ඩුවක පැවති ඇමතිකම්ද .වි.පෙ. පුදා නැවත 2011 දී 88-89 මතක් කරවිම අපට නම් නව දොරටුවලින් පමණක් නොව තවත් එවැනි දොරටු කීපයක් විවෘත කරවාගෙන සිනාසීමට තරම්ම කරුණකි. ඇඩීමට සිදුවන්නේ  කුපිත වී පරාජිත වී සිටිනවා යැයි කියන .වි.පෙ. මෙවැනි අරගලයක් මෙහෙයවීම කියන ලේබලය නිසා ස්වාධීනව සංවිධානය වූ කම්කරුවන්ට  ආණ්ඩුව අපහාසයක් කරන බැවිනි.
රොෂේන් ගේ සහෝදරයාගේ ප්රකාශවල ඇති ආණ්ඩුවේ මවුත් පීස් එකට විරෝධය පළ කරමින් රොෂේන්  තරුණ කම්කරු සහෝදරයා ඔහුගේ පියා පවසන ලෙස පුතා වීරයෙක් ලෙස ඔහුට දැනෙන හැඟීම ගැන වඩා සංවේදී වෙමින් අප,
විජේවීර විසින් 71 අරගලය ගැන සිරිමා බණ්ඩාරනායක ඇතුළු ශ්රි..නි..යට දුන් පිළීතුරකින් මෙය අවසන් කිරීමට සිත්විය.
බණ්ඩාරනායක නෝන කියනව තරුණ ජීවිත 10000ක් විජේවීර බිලි දුන්නා කියල. මං අහනව දුන්න නමි ,ඔයා ඇයි ඵ් බිලි ගත්තෙ කියලා.”
ආණ්ඩුව කියනව .වි.පෙ. බිලි දුන්න කියලා. එහෙම නම් ඇයි ආණ්ඩුව බිලි ගත්තේ.


 මැක් පෙරේරා