Friday, December 31, 2010
Tuesday, December 21, 2010
සම සමාජ මුවා මරා මහින්දට පිදූ තිස්සලා
ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සාමාජික හා හිටපු විද්‍යා තාක්ෂණ කටයුතු භාර ඇමතිවරයා වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතාට මෙවර තම ඇමති ධුරය වෙනුවට ලැබී ඇත්තේ ජ්‍යෙෂ්ඨ ඇමතිකමකි. නමින් ජ්‍යෙෂ්ඨ වූවාට එම ඇමතිකමට අදාල විෂයක් හෝ අමාත්‍යාංශයක් නොමැති නිසා අඩුම තරමේ තමාට කාර්යාලයක්වත් නොමැති නිසා මෙම ජ්‍යෙෂ්ඨ ඇමතිධුර ලබා දුන් හිටපු ඇමතිවරුන් වික්ෂිප්තභාවයට පත්ව ඇත. ඔවුන්ගේ කාර්යයන් ලෙස අනිකුත් කැබිනට් හා එසේ නොවන අමාත්‍යාංශවලට උපදේශකත්වයන් ලබා දීමක් කළ හැකි බව පැවසුවද එහි ද කළයුතු නිශ්චිත කාර්යයක් සංගතව ඉදිරිපත් කර නොමැත. අමාත්‍යාංශයක් හෝ යම් විෂයක් යටතේ පවරා දෙන ඇමතිධුරයක වගකීම, රටට වැඩක් කිරීම යන අදහස කුමක් වුවද ඇමතිධුරය නිසා තමන්ට පුද්ගලිකව ලැබෙන වරප්‍රසාද වලට අමතරව පක්ෂයටද ප්‍රතිලාභ ලබා ගැනීම සඳහාද එය යොදා ගත හැකිය. සන්ධාන ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ සඳහා කැබිනට්, නොවන කැබිනට් හෝ නියෝජ්‍ය ඇමතිකම් ලබන එම පක්ෂ විසින් තමන්ට උදව් කළ පාක්ෂිකයින්ගේ හා හිතවතුන්ගේ අවශ්‍යතා සඳහා එම නිලයන්ගේ බලය පාවිච්චියට යොදවා ගනිති. ටෙන්ඩර්, පර්ම්ට් හා වෙනත් වරප්‍රසාද මෙහි දී දැකිය හැකිය.
සම සමාජ පක්ෂය ද තම හිතවතුන් පාක්ෂිකයින්ගේ අවශ්‍යතා හා උවමනා එපාකම්වලට උදව් කිරීමට තම පක්ෂයට ලැබුණු කැබිනට් ඇමතිධුරය දේශපාලනිකව යොදා ගත්හ. 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට (ජනාධිපතිධූර කාලය දිගු කර ගැනීම) අවු. 32 ක් පුරා විරුද්ධව සිට සම සමාජ පක්ෂ හා කො.ප. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පසුව එයට එකඟ වූයේ තම පක්ෂවලද එයට විරුද්ධ මතයක් ගොඩ නැඟෙමින් තිබියදීම ය. මහින්ද රාජපක්ෂ ද තිස්ස විතාරණලාගේ මෙම ක්‍රියාව නිසා පුදුමයට පත්වු බව ද කියවේ. ආණ්ඩුවට සම්බන්ධ වාමාංශික පක්ෂ ජනාධිපතිධුර කාලය දිගු කිරීම සම්බන්ධ විරෝධය දිගටම පවත්වාගෙන ගියේ නම් එයට විරුද්ධව ඡන්දය ද පාවිච්චි කළේ නම් වුවත් සන්ධාන ආණ්ඩුවේ 2/3 කොහොමටත් ලැබීමට නියමිතව තිබුණි. මහින්දට එය ප්‍රශ්නයක් වන්නේ ද නැත. අනාගතෙන් බලා වාමාංශික පක්ෂවල විරෝධය එලෙසම පවත්වා ගනිමින් ජනාධිපතිධුර කාලය දිගු කිරීමට විරුද්ධ ඡන්ද ද සන්ධාන ආණ්ඩුව තුළම තබා ගත යුතු බවට මහින්ද කල්පනා කළා විය හැකිය.
සම සමාජ පක්ෂ සම්මේලනයේ දී පක්ෂය 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ ඡන්ද 60 ක් ලැබුණු අතර තිස්ස විතාරණලාට පක්ෂව ඡන්ද 300 පමණ හිමිවිය. මෙම ඡන්ද ලබා දුන් අය සම සමාජ පක්ෂයේ සාමාජිකත්වය ලබා තිබුණ ද ඉන් බොහෝ අය සම සමාජ ප්‍රතිපත්තිවලට වඩා පුද්ගලිකව තිස්ස විතාරණ ඇමතිවරයා හරහා ලබා ගත් රැකියා හා වෙනත් උදව් මත සම්මේලනයේ දී ඡන්ද ලබා දුන් අය බව දැන ගන්නට ලැබිණි. සමහරුන් සම්මේලනයේ දී සර්, මැතිතුමා, වැනි වචනවලින් තිස්ස විතාරණ සහෝදරයාට කළ ඇමතුම් නිසා ඔවුන්ගේ සම (අ) සමාජ බව පෙන්නුම් කළේය.
ඉදිරියේ දි තිස්ස විතාරණලාට ඇමතිකම්වල වරපුසාද වලින් සම සමාජ පක්ෂයට බලය පෙන්වීමේ අවස්ථාව මහින්ද රාජපක්ෂ නිසා අහෝසි වී ඇත. එම නිසා ලබන වර සම සමාජ පක්ෂ සම්මේලන ප්‍රතිපත්ති තීන්දුවලට වැඩි ඡන්ද බලපෑම අඩුවිය හැකි වීම සාධනීය දෙයක් වනු ඇත.
මැක්කා.
Monday, December 20, 2010
අප සීඊඊඊඊ......ලංකා නමෝ නමෝ නමෝ මහතා......
මානව හිමිකම් ගැන කියන විට ඒ හා සමානව නිතැතින්ම පැණ නඟින ප්‍රශ්නයක් බොහෝ අයට ඇත. එනම් එය විදේශිය දෙයක් බවයි. ජනතාවට අවශ්‍ය අල්පෙනෙත්තේ සිට යුධ හමුදාවට අවශ්‍ය රොකට් ලොන්චර් දක්වා පිටරටින් ආනයනය කරමින් “සියරට දේ සිරි සැපදේ” ‘අපි වවමු රට නගමු’ පාඨයක් තුන්වෙනි පන්තියේ සිටින ළමුන්ට මෙන් මුළු මහත් ජනතාවටම කට පාඩම් කිරීමට පමණක් උගන්වන ආණ්ඩුව, ලංකාවේ තෙවෙනි අපනයන බෝගය ද පිටරටින් ගෙන්වීමට නොබෝදා තීරණය කළේය. එලෙස පිටරට පොල් පෙන්වා එයට ද බද්දක් අය කරගෙන එම බද්දෙන් තවත් මන්ත්‍රීන් පිරිසකට ප්‍රාඩෝ රථ තීරු බදු රහිතව ලබා දීමටත් කටයුතු යොදනු ඇත. මානව හිමිකම් යනු ද පිටරට සංකල්පගත දේවල්ය. ඒවා කවුරුන් හෝ ආනයනය කිරීමට ගන්නා උත්සාහය අධිරාජ්‍යවාදීන්ට කත් ඇදීමක් හෝ දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙස යුරෝපය අනෙකා කර ගත් පාලකයින් විසින් ම නම් කර ඇත.
ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීමේ තීරණය ගැන පසුගියදා ප්‍රකාශයක් කරමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා තම නොදන්නාකම නිසා සඳහන් කළේ ලෝකයේ කිසිදු රටක ජාතික ගීය එම රටේ තිබෙන විවිධ භාෂාවලින් ගායනා නොකරන බවයි. ලෝකයේ කිසිම රටක නැති දේවල් අපේ රටේ පමණක් තිබිම සුවිශේෂයක් ලෙස ගෙන වෙනත් අවස්ථාවල දී කථා පවත්වන වීරවංශ මන්ත්‍රීවරයා මෙම කරුණේ දී පෙනී සිටින්නේ ලෝකයේ එවැනි දේ නැති නිසා අපෙත් නැති වුනාට වරදක් නොවන බව හඟවමිනි. මෙහි දී ඔහුගේ මෙම දෙබිඩිකම වටහා ගැනීමට අපට ඇති එකම ක්‍රමවේදය නම් සන්ධාන රජය රැක ගැනීමට අසරණයෙකු ලෙස රගන ඔහුගේ භූමිකාවේ තරමය.
ආණ්ඩුවට වහ කදුරු වී ඇති මානව හිමිකම් දිනය සැමරීම සඳහා පසුගිය 16 වන දින ‘ඉන්‍ෆෝම්’ආයතනය විසින් තම ප්‍රාදේශීය සංවිධාන ඇතුළු ආරාධිතයන් සමඟ කොළඹ 07 හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේදී කටයුතු යොදා තිබුණි., විදේශීය, කොටි, දේශද්‍රෝහී ලේබල් ලෙස පසුගිය කාලය පුරාම නම් කළ ද ඉන්‍ෆෝම් ආයතනයේ සුනිලා අබේසේකර එහි දී ඉතා වැදගත් එළිදරව්වක් කළේය. තමාගේ මුළු තරුණ කාලයත්, අද දක්වා වයස අවු. 60 ක් පුරා ලංකාවේ මානව හිමිකම් ගැන කතා කිරීම වෙනුවෙන් පෙනී සිටිය ද පෙනෙන තෙක් මානයකවත් එම අයිතීන් ලැබෙන බවක් පෙනෙන්නට නැතිවා පමණක් නොව ඒවා වඩා වැඩියෙන් අද දින උල්ලංඝනය වෙමින් ඇති බව ද ඇය පැවසීය. තව ද 88-89 කාලවල තම සංවිධානයේ උදය කළුපතිරණ වැනි සගයන් මහින්ද රාජපක්ෂගේ ‘කාල්ටන්’ නිවසේ බරාදිවල වාඩි වී කල් ගත කරමින් අතුරුදහන් වූ ළමයින් වෙනුවෙන් ‘මව්වරුන්ගේ පෙරමුණ’ සැදීමට ගත් උත්සාහයක් ගැන ද ඇය මතක් කළාය. මහින්ද රාජපක්ෂ එම තොරතුරුද රැගෙන ජිනීවා ගොස් කටයුතු කළ ආකාරය ගැන ද පැවසූ ඇය එම අය විසින් ම අද දින මානව හිමිකම් උල්ලංඝනය කිරීමට කටයුතු කරමින් සිටින නිසා තමන්ට එදා මෙන්ම අදත් ඒ වෙනුවෙන් එකම ප්‍රතිපත්තියක හිඳිමින් ඒවා ආරක්ෂා කිරීමට සිදුව ඇති බව ද පැවසීය. තව ද එහි සිටින තරුණයින්ට ඇය ආරාධනය කළේ ඉදිරියට ඔබගේ කාලය මේ වෙනුවෙන් යොදා ඉන්පසු එළඹෙන වියේදීවත් අප රට මානව හිමිකම් ආරක්ෂා වන රටක් ලෙස ගොඩනංවා ගන්නා ලෙසය.
ලංකාවේ සෑම රජයක්ම බලය තිබෙන විට ජනයාගේ සියළු වර්ගයේ හිමිකම් උල්ලංඝනය වෙනුවෙන් පෙනී සිටිත්දී අද මෙන්ම හැමදාමත් විපක්ෂය එහි දී ඒවා ආරක්ෂා කිරීමේ උවමනාවම පෙන්වමින් ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සමඟ ඉතා ළඟ සම්බන්ධයන් පැවැත්වීම සුලභ කාරණයක් ලෙස ඉතිහාසය පුරාම දැකගත හැකිය. 1994 දී චන්ද්‍රිකා ආණ්ඩුව 62% ජනවරමක් ලබා ජයග්‍රහණය කිරීම දක්වාම දිගු විය. එහි දී පෙරමුණ ගෙන සිටියේ මානව හිමිකම් සිවිල් අයිතිවාසිකම් සංවිධාන මෙන්ම නිදහස් කලා, මාධ්‍ය, සංවිධානයන්ය.
පාලකයන් කලින් පැවති තත්වයන්ට වඩා සාපේක්ෂව දරුණු සාහසික වන ප්‍රමාණයට, අතර මැද කටයුතු කරන සිවිල් සංවිධානවලට යම් තීරණාත්මක තීන්දුවක් ගැනීමට සිද වුයේ ඊළඟට එන විපක්ෂය සාපේක්ෂව හොඳ යැයි ලෙස තෝරා ගනිමින් එය ජයග්‍රහණය කිරීම දක්වා යන මාවතත් සමගය. 2009 ජනාධිපතිවරණයේ දී ද මානව හිමිකම් වලට කිසිදු ඇහුම්කම් දීමක් නොකළ රාජපක්ෂ ආණ්ඩුව පැරදවීම සඳහා යුධ විරෝධි හා සමහර මානව හිමිකම් සංවිධාන තමන් සමඟ එකඟ නොවන දෙගිඩියාවකින් යුක්තව ද පසුව ලැබෙන ප්‍රතිඵලය අති බිහිසුනු බව උපකල්පනය කරමින්ම ඉන්ටවල් එකක් සඳහා වත් ජෙනරාල් ෆොන්සේකාට සහයෝගය ලබා දී ඔහු දිනවීමට ගත් උත්සාහයක් ද විය. සංවිධාන ලෙස නොවුවද යම් විටෙක එය පුද්ගලික (අ)කැමැත්තක් සඳහා ද බල කෙරී තිබුණි.
සුනිලා අබේසේකර මහත්මියගේ මානව හිමිකම් සැමරුම් දින සභාව මෙහෙයවීමට සිටි සුදර්ශන ගුණවර්ධන ගැන විමසා බලන්නේ නම් සුනිලා අබේසේකර මහත්මියගේ මහින්ද රාජපක්ෂ සම්බන්ධ මානව හිමිකම් පිළිබඳ කණස්සලු ප්‍රශ්ණයට යම් පිළිතුරක්ද ලැබෙනු ඇත. එනම් විපක්ෂයේ සිටි මහින්ද රාජපක්ෂ සමඟ මානව හිමිකම් ගැන කටයුතු කළ ද ජනාධිපති මහින්ද කටයුතු කළේ ඒවා උල්ලංඝනය වන අයුරින් නම්, වර්තමානයේ පෙරටුගාමී පක්ෂයේ ප්‍රධාන සාමාජිකයෙකු වන සුදර්ශන මහතා (මානව හිමිකම්, ප්‍රජාතන්තුවාදය හා නිදහසේ වේදිකාවල් ගැන කතා කරණ ලංකාවේ සිවිල් චරිතයකි.) ඒ මහතාගේ පක්ෂයේ භාෂාවන් හා ප්‍රකාශණවල තිබෙන මානව විරෝධී, ස්ත්‍රී හිංසන, වෛරී භාෂාවන් වේදිකාවල ඔහුගේ නායකයා විසින් පුද්ගලයන්ට කරන නින්දා අපහාසවල තරම දැන දැනම සුනිලා අබේසේකර මහත්මියත් එම පක්ෂයේ මෙවැනි කෙනෙකුට තම සභාවේ මූලාසනය ලබා දීමය. මහින්ද ගෙන් බැට කෑ අයෙකු ලෙස සුනිලා මහත්මියත් ඉතිහාසයේ තමන් කළ වරද දැන දැනම එයම නැවත කිරීමක් එදින රැස්වීමේ දී සිදු විය. එදින රැස්වීමේ දී මහාචාර්ය ජයදේව උයන්ගොඩ පැවසූ ලෙස පුද්ගලයන් විසින් වෙනත් අයගේ මානව හිමිකම් වලට ගරු කිරීම, පුද්ගලයින් ලෙස මනුෂ්‍යයින්ව හෙළා නොදැකීම, අපහාස නොකිරීම ශිෂ්ට සමාජවල ලක්ෂණයක් මෙන්ම වැදගත් සමාජවල දි ආයතන විසින් හිමිකම් රැකීම, ගරු කිරීම, ලෙස වර්ග දෙකක් නම් කළ හැකි බවයි. අප උත්සාහ ගත යුත්තේ රජයන් සාදා ඒවා මගින් මානව හිමිකම් රැකීම වෙනුවට අප අතරම ඒවායේ වටිනාකම් ඇති කරවීමට මහන්සි ගැනීමය. එවිට ඒවාට ගරු නොකරන්නන් අප අතර සිටිය නොහැක. එම නිසා සිවිල් සංවිධානවල උපකාරයෙන් බලයට පත්වීමක්ද අනාගතයේදි එවැනි දෙබිඩ්ඩන්ට කළ නොහැකි වනු ඇත. අපට මහින්ද රාජපක්ෂව වඩා හොඳට විවේචනය කළ හැක්කේ බඩී මහින්දලා අප අතර නොසිටින්නේ නම් පමණි. නැතහොත් සුනිලා මහත්මිය කළ ඉල්ලීම වෙනුවට ඊළඟ පරම්පරා තුන හතරකට ද මෙම මානව හිමිකම් අරගලය, ඔවුන් වයසට යෑම දක්වාම කිරීමට සිදුවනු ඇත.
Friday, December 17, 2010
වෙන රටකට යමු ද රත්තරන්
රජ්ජුරුවන්ගේ මඟුල් තොරණේ බොහොඬෙක් වාසය කළේය. බොහොඬා කියන්නේ කටුස්සාටය. රජු මඟුල් උයනට පිවිසෙන සෑම වාරයකම තොරණ මත සිටින කටුස්සා ගෞරවයෙන් යුතුව හිස නමා ආචාර කිරීම පුරුද්දක් කර ගත්තේය. මෙය දුටු රජු බොහෝ සතුටට පත්ව කෘතගුණ සැලකීම පිණිස කටුස්සාෙග් ගෙලෙහි රන් කෙන්දක් බඳින ලෙස රාජ පුරුෂයන්ට නියම කළේය. පසුදින මඟුල් උයනට පිවිසෙන රජු තොරණ මත සිටින කටුස්සාගේ ගෙලෙහි රත්‍තරං අරුණාලෝකය වැටී දිලිසෙන අයුරු දුටුවේය. රජා තුට්ටුවකට මායිම් නොකළ බොහෙඬා සාඩම්බර ලීලාවෙන් අහක බලා ගත්තේය. රත්තරංවල ආනුභාව එහෙමය.
රත්තරංවල ගති සොබාව අනුව රත්තරං කැමති ඇති නැති උදවියගේ කණේ කරේ එල්ලෙන්නටය. එහෙම උදවිය ළඟ ඇතෙක් බරට වුවත් රත්තරං තිබේ. නැති බැරි අය ළඟ රත්තරං තිබෙන්නේ මංචාඩි ගාණටය. ඒ රත්තරං, දෝනියැන්දෑගේ ගෙලේ සුමානයක් තිබුනොත් ඉතිරි අවුරුද්ද පුරාම තිබෙන්නේ උකස් බැංකුවේය. දැන් රත්තරං බේරා දෙන අය ද සිටිති. රත්තරං බේරා දෙන්න අපට කියන්න රත්තරං කියලා. කියලා දැන්වීම් පත්තරවලත් මග තොටේත් දකින්නට තිබේ. ඒ උකසට සින්න වෙන්න යන රත්තරං ගැනය. රත්තරං බිස්කට් ද තිබේ. ඒවා වැඩිපුර අතපත ගාන්නේ රේගුවේ මහත්තුරුය.
එල්.ටී.ටී. රත්තරං කියා තවත් රත්තරං ජාතියක් තිබේ. ඒ රත්තරං උතුරේ යුද්ධයේ අවසාන දවස්වල යුද්ධ හමුදාවට තොග පිටින් හමු වී යැයි මාධ්‍යවල පලවිය. ඊට පසුව ඒ ගැන හාවක් හූවක් නොවූ නිසා රත්තරං අන්ත්‍රස්ථාන වී දැයි සැකයක් තිබිණ. ඒසැකය පහව ගියේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ මතු කළ ප්‍රශ්නයක් නිසාවෙනි.
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරයාගෙන් අසන ලද රත්තරං ප්‍රශ්නය සහ ඊට ආණ්ඩු පක්ෂයේ සංවිධායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමා දෙන ලද රත්තරං පිළිතුර මෙසේය.
කක්කුටු ඔවදන්
ඉදිරි මුදල් වර්ෂය සඳහා වූ අයවැය විසර්ජන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මෙන්ම අයවැය පිළිබඳ විවාදය අවසන් වීමෙන් පසුව මුදල් ඇමතිවරයාට නියමිත පිළිතුරු කතාව පැවැත්වීමට ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණිම විශේෂ වැදගත්කමකින් යුත් සාධනීය කටයුත්තකි. අප එසේ පවසන්නේ මුදල් අමාත්‍යධුරයේ වගකීම පවරා ගන්නා ජනාධිපතිවරු ව්‍යවස්ථා දායක සභාව ඉදිරියට පැමිණ සෘජුව ඊට මුහුණ දීමේ සම්ප්‍රදායක් ලංකාවේ නොවූ හෙයිනි. අයවැය ලේඛනය සම්බන්ධ රජයේ තීන්දු, තීරණ, ප්‍රතිපත්ති, ජනාධිපතිවරයා විසින්ම රට හමුවේ තැබීම හේතුවෙන් ඒවා ඒවාට නියමිත බරෙන්ම සමාජ ගත කළ වීම සිදුවේ. බොහෝ විට පොරොන්දු සුළඟේ යන ලංකාව වැනි රටක මුදල් ඇමතිවරයාට පහසුවෙන් ලිස්සා යාමට නොහැකි පසු බිමක් මේ හේතුව විසින් නිර්මාණය වේ.
ජනාධිපතිවරයාගේ මැදිහත්වීම කෙසේ වුවද තුනෙන් දෙක ඉක්ම වූ බලයක් හිමි කරගෙන සිටින ආණ්ඩු පක්ෂය පසුගිය අයවැය විවාදය තුළ හැසිරුණු ආකාරය ඉතා ලජ්ජා සහගතය. අයවැය විවාදයේ දී විපක්ෂයට කිසිසේත් ස්වකීය අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව නොදිය යුතුය යන උපකල්පනය මත පිහිටා ආණ්ඩු පක්ෂය ක්‍රියාකල බැව් පැහැදිලි විය. ඉන් පැන නගින ගැටලුව නම් විපක්ෂ මන්ත්‍රීන්ට නිදහසේ අයවැය විවාදයට සහභාගී වන්නට ඉඩ නොදෙනවානම් අයවැය විවාදයක් පැවැත්වීමේ තේරුමක් නැති බවයි.
Thursday, December 16, 2010
බල්ලන් සමඟ නිදාගෙන මැක්කන් සමඟ නැගිටීම
ජාතික නාලිකාවක දේශපාලන සංවාදයකට පැමිණි ආණ්ඩුවට පක්ෂ දේශපාලකයෙක්, විත්‍රමබාහු හා ජයලත් ජයවර්ධන එංගනලන්තයේ පැවති රැස්වීමක අදහස් දැක්මකට ගිය අවස්ථාවක ගත් ඡායාරූපයක් පෙන්වීය. එම දේශපාලනඥයා සඳහන් කළේ ජයලත් ජයවර්ධනගේ අනෙක් පසින් සිටින්නා කොටි සංවිධානයේ හිතවතෙකු බවයි. තව ද ස්වයංතීරණ ගැන අදහස් පළකල වික්‍රමබාහු සමඟ එකට පෙනී සිටිමෙන් ජයලත් ජයවර්ධන ද ඒ වරදේ කොටස්කරුවෙකු වී ඇති බවත් කීවේය. මෙය නම් අපූරු තර්ක ක්‍රමයකි. විමල් වීරවංශගේ ගෝල බාලයෙක් වූ එම දේශපාලනඥයා තමන් විමල්ගේම ගෝලයෙක් බව එම අපූරු තර්ක ක්‍රමය මගින් ඔප්පු කළේ සියළු බුද්ධිමත් මිනිසුන්ගේ බුද්ධියට ප්‍රාථමිකව නිගා කරමින්ය. ලංකාවේ සන්නද්ධව වී සිටි දමිළ දේශපාලන කණ්ඩායම්වල නම් සඳහා “ඊළම්” යන්න කොටස තවමත් සඳහන්ව ඇත. එම සංවිධාන සියල්ල මේ වන විට සන්ධාන ආණ්ඩුවේ සෘජු හෝ වක්‍ර කොටස්කරුවන්ය. සමහරුන් ඇමතිවරුන්ය. රජය වෙනුවෙන් මේ කණ්ඩායම් පෙනී සිටියි. මෙම දේශපාලනඥයාට අවශ්‍ය නම් එයටද ඇඟිල්ල දිගු කර පෙන්විය හැකිය. තව ද පොදු රැස්වීම් ඇමතීම සඳහා ආරාධනා ලැබූ කථිකයන් ඒ සඳහා සහභාගී වූ අවස්ථාවල එයට පරස්පර කථා පවත්වන කථිකයන් ද එම සභාවල පෙනී සිටියි. අවශ්‍ය නම් ඒ සියළු දෙනාගේම එකට හිඳ ගන්නා ඡායාරූප ද වේ. එහි දී කිසිදු කෙනෙක් එය ප්‍රතික්ෂේප කරන්නේ ද නැත. කොටින් සමඟ ද සාකච්ඡා කළ දේශපාලනඥයින් ගත් ඡායාරූප ද කොතෙකුත් පල වී ඇත. පරාද වී සිටින කොටි සංවිධානය ගැන ද සංවාද කිරීම මඟින් එම ප්‍රශ්නයන්ගේ පැතිකඩවල් හඳුනා ගැනීමේ ඉඩකඩ මතු කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට අනුව වරදක් නොවන්නේ සංවාද වේදිකාව නිසා අනාගතය වෙනුවෙන් ඝාතන, ආයුධ සංස්කෘතියන්ට ඉඩ ඇහිරෙන බැවින් ය. ජ.වි.පෙ. ඉන්දියාවට එරෙහිව ආයුධ සමඟ පෙනී සිටි ප්‍රතිපත්තියෙන් පසුව ද ආයුධ රහිතව එම ප්‍රතිපත්තියේ සිටියේ ය. ස්වයංතීරණය පිළිබඳ මතයක් දැරීම පමණක් නොව විමල්ගේ මෝඩ දේශපාලනයට අනුව එම මතය දරන අය සමඟ පෙනී සිටින ඡායාරූපත් නීති විරෝධි වී ඇත. දේශපාලනය දන්නවා යැයි කියන ජ.වි.පෙ. හිටපු සාමාජිකයන්ගේ තරම මෙයින් මැන ගත හැකිය ආණ්ඩුව වෙනුවෙන් වැඩියෙන්ම ගොන් තර්ක මේ දිනවල ගෙන එන්නේ මොවුන්ය. ශ්‍රී.ල.නි.ප. යේ වැඩියෙන්ම මෝඩ දේශපාලනඥයින් සිටිනවා යැයි සම්මතයක් තිබුණ ද ශ්‍රී.ල.නි.ප. යට ජැක් ගසා ඇති අනිකුත් කුඩා පක්ෂවල දේශපාලනඥයින් ආණ්ඩුව වෙනුවෙන් ශ්‍රී.ල.නි.ප. ටත් වඩා පෙරමුණේ සිටියි. ඔවුන්ගේ අනන්‍යතාවයවත් රැක නොගෙන ඔවුන් කටයුතු කිරීම නිසා මොවුන් දීන වී ඇති තරම ඩිව්, තිස්ස හා වාසුදේව 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවසථා සංශෝධනයේ දී එයට පක්ෂව ද චම්පිකව හා රතන හිමි සූදු පනත ගෙන එද්දී එයට පක්ෂව ද දිනේශ් හා විමල්ලාව අයවැය ප්‍රශ්නවලදී විපක්ෂ ජනයා අතර හොඳින්ම එළිදරවු වී ගියේය.
ආණ්ඩුව ආරක්ෂා කිරීමේ දී ශ්‍රී.ල.නි.ල. දේශපාලනඥයින්ටත් වඩා දුර්වලව ගොස් සංවාද තර්කවලදී ගෙන එන විහිලු දීන ප්‍රකාශ නිසා අතීතයේ දී වීරයන් වූ සන්ධාන කුඩා පක්ෂ නායකත්වයේ සිටින මොවුන් අද දින විහිලු කාරයින් බවට පත්වෙමින් යයි ශ්‍රී.ල.නි.ල. දේශපාලනඥයින් ද තම නොහැකියාව නිසාමත් අන් අයව එසේ අනාවරණය වීමට ඉඩ දී තමන්ගේ නොහැකියාව නිසා කටවල් නෑර සිටින බවක් පෙන්නුම් කරවයි. පැනලා දෙන තරමටම සවුත්තු වෙමින් යන මෙම කුඩා පක්ෂ දේශපාලනඥයින් දෙස අද දින බලා සිටීමෙන් කල්පනා වන්නේ දැනටමත් යම් ප්‍රමාණයකින් ඇති මොවුන්ගේ පරාජයන්වල සෙවනැල්ල තවත් වැඩි වෙමින් ඉදිරි මැතිවරණ වලදී දැක ගත හැකි බවය. අනාගතයේ දී එය ආණ්ඩුව ජනතාවගෙන් ඈත්වෙන ප්‍රමාණයටම වඩා වැඩි ප්‍රතිශතයකින් මොවුන්ගේන් ඈත් වීම සිදුවෙනු ඇත. යුද්ධයේ දී පමණක් හැර හැම කාලයකම සිදු වූ ලෙසම ජනතාවට ගෞරව නොකරන මෙන්ම ජනයා ගොන්නුන් බවට සිතා සිටින ආණ්ඩුවල ක්‍රියාමාර්ග නිසා විපක්ෂ අදහස් දෙසට පිරිස එකතුවීම නොවැළැක්විය හැකි නිසා මෙම පක්ෂ වල අනාගත ඉරණම කනගාටුදායකද වනු ඇත;1970-77 ආණ්ඩුවේ වර්ණවත්ව සිටි සම සමාජ හා කො.ප. 77 පරාද වන්නේ එකදු ආසනයක්වත් නොලබමින්ය. 2002 විපක්ෂය දිනවීමට කටයුතු කළ ජ.වි.පෙ. ට ආසන 42 ක් ශ්‍රී.ල.නි.ල. පාක්ෂිකයින්, ලංකර ගැනීම- දුරස්කර ගැනීම යන දෙකම ලබා දෙන්නේඑවැනි එකම තර්කනයකින්ය. චම්පික, විමල්, දිනේෂ්, වාසු කුඩා පක්ෂ වුවද ආණ්ඩුවේ සමස්ත ජනප්‍රියත්වය හමුවේ සැලකිය යුතු මනාප ගන්නා ප්‍රමාණයටම එසේ නොමැති වූ විට සිදුවන්නේ ආණ්ඩුව විනාශ කළවුන් ලෙස නම් වී එහි ප්‍රතිපක්ෂය විඳින්නට සිදුවීමය. ආණ්ඩුවට විවේචනයක් සහිතව සිටී නම් අඩුම තරමේ වැටෙන ආණ්ඩු පක්ෂය හමුවේ තමන්ගේ පක්ෂය යම් පමණකට හෝ බේරාගෙන සිටිය හැකි බවටත් අද දින මොවුන්ට අමතකව ගොස් මොවුන් මෝඩ ශ්‍රී.ල.නි.ල.ටත් වඩා මෝඩයින් ලෙස පෙනී සිටිමින් කටයුතු කරයි.
මුණසිංහ
මුණසිංහ
Subscribe to:
Posts (Atom)






