Tuesday, June 28, 2011

ආසනික් තිබුණත් නැතත්.......

සුපර් ස්ටාර්, ආසනික් සහ නාථ දෙවියෝ .....

ආසනික්, සුපර් සටාර්, මෙගා ස්ටාර් තරමට ජනප‍්‍රිය මාතෘකාවක් වී  ඇත. ජනමාධ්‍යයේත් ඉන් අනතුරුව ජන සමාජයේත් ඇවිළී යන්නට මූල බීජය වූ ගිණි පුළිඟුව මුලින්ම මාධ්‍යයට මුදාහැරියේ මහාචාර්ය නලින් ද සිල්වා විසිනි. නලින් ද සිල්වා මේ වන විට කැළණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ පීඨාධිපතිවරයා ය. ඔහු මෙරට ජාතික චින්තනය පිළිබඳ කතිකාව ඇති කිරීමේදී පුරෝගාමී කාර්යභාරයක් කළ කිහිප දෙනා අතරින් කෙනෙකි. ”සිංහල බෞද්ධයින්”රටේ ප‍්‍රමුඛතම ජනවර්ගය බව ප‍්‍රකාශ කරන ඔහු ඉතිරි ජනයා සිංහල-බෞද්ධ සංරචකයේ උප කුලක ලෙස සලකයි. ඔහු ”බටහිර විද්‍යාව ප‍්‍රමුඛ බටහිර චින්තනයට ''මුළුමනින්ම පාහේ විරුද්ධ ය. සිංහල-බෞද්ධ ජන විඥාණයෙන් මතු වන ජාතික චින්තනය ඇසුරින් ඒ තුළින්ම නව දැනුම, ප‍්‍රවාද බිහිකර ගැනීම ඔහුගේ අභිප‍්‍රාය වන්නේ ය. ඒ අනුව බෞද්ධ ජන මනස අරක්ගත් දෙවිවරු පිළිබඳ විශ්වාසයත්, අධ්‍යාත්මික දියුණුව මගින් දැනුම වර්ධනය කරගැනීමත් ඔහුගේ මූලික පිළිගැනීමකි. එම අදහස් පද්ධතියට අනුව සිංහල බෞද්ධ සමයේ එන දෙවිවරු සම්‍යක් දෘෂ්ඨික දෙවිවරුන් වෙති. අනෙක් දෙවිවරු මිත්‍යා දෘෂ්ඨික දෙවිවරුන් වන්නේ ය.


රජරට ප‍්‍රදේශයේ පැතිර ඇති වකුගඩු රෝගයේ හේතුව ආසනික් ශරීරගත වීම බව මහාචාර්ය නලින් ද සිල්වා ඇතුළු පර්යේෂණ කණ්ඩායම ට මුලින්ම දැනුම් දී ඇත්තේ එම පර්යේෂණ කණ්ඩායමට අයත් නොවන බාහිර පුද්ගලයෙකු විසිනි.  හරියටම කිව්වොත් බාහිර තැනැත්තියක විසිනි. ඇය රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිලාභිනියකි. නමුත් මේ වන විට ඇයගේ ජීවන වෘත්තිය වී තිබෙන්නේ නාඩි බලා ලෙඩ, රෝග නිර්ණය කිරීමත්, ඒ අනුවම ප‍්‍රතිකාර කිරීමත් ය . ඇයට එම හැකියාව ලබා දී ඇත්තේ නාථ දෙවියන් විසිනි. ඒ අනුව ඇය නාථ දෙවියන් සමග සන්නිවේදනයේ යෙදෙන්නී ය. ඇය විසින් මුල් වරට, රජරට ජලයේත්, පොළොවේත්, භෝග වගාවන්හිත්, අනෙකුත් ගහ කොළ වලත්, මිනිස් ශරීරයේත් ආසනික් ඇති බව මෙම පර්යේෂණ කණ්ඩායමට අනාවරණය කර ඇත. එමෙන්ම වකුගඩු රෝගයේ හේතුව වන්නේ ද, එයම බව ඇය පවසා ඇත. මෙම දැනුම ඇයට ලබා දී ඇත්තේ, ඇය පවසන පරිදි නාථ දෙවියන් විසිනි.


‘සිංහල-බෞද්ධ’ ජන විඥාණය පෙරටු කරගත් ජාතික චින්තන දැනුම් පද්ධතියට අනුව, නාථ දෙවියන්ගේ මෙම අනාවරණය කිරීම කිසිදු අයුරකින් සැක කල නොහැක. ඒ සත්‍යක්ම ය. පර්යේෂණ කණ්ඩායම එය එලෙසම විශ්වාස කරන්නේ වුවත්, තවමත් බටහිර විද්‍යාවේ සහ බටහිර චින්තනයේ ආධිපත්‍යයට නතුවී ඊට ගැතිවී සිටින ලාංකිකයාට, මෙම ආසනික් පිළිබඳ අදහස බටහිර විද්‍යාවේ පර්යේෂණ විධ ක‍්‍රමයන්ට අනුව පර්යේෂණයේ යෙදී සනාථ කල යුතුය. ඔවුන් පවසන්නේ, ඔවුන් එම පර්යේෂණයන්හි නිරත වූ බවයි. ප‍්‍රථිඵලය වී ඇත්තේ දෙවියන්ගේ නිගමනය නැවත සනාථ වීම පමණි. ඒ අනුව ඔවුන් එය ජනමාධ්‍ය තුළ කථා බහට රැගෙන ආවේය.


ඉහතදී සඳහන් කිරීමට නොහැකී වූ වැදගත් කාරණයක් ඇත. එනම් නාථ දෙවියන් මෙම දැනුම ලබා දෙන්නේ එක් කොන්දේසියක් ඉටු කිරීමට බැඳී සිටින්නේ නම් පමණි. එනම් තමන්ගේ ජීවිතය බුදු දහමේ චිරස්ථිතිය ආරක්‍ෂා කිරීමට කැප කරන්නේ නම් ය. පර්යේෂණ කණ්ඩායම ඒ සඳහා පේවී, කැපවී සිටින බව පවසති.

නාථ දෙවියන්ට අභියෝගයක් ......

කෙසේ වෙතත් ජනමාධ්‍ය ට ආසනික් ආශික් එකක් බවට පත් විය. සමහර මාධ්‍ය එම අදහස බදා වැළඳ ගැනීමටත්, සමහර ඒවා ප‍්‍රතික්ෂේප කිරීමටත්, පෙළ ගැසුණි. රේගුවෙන් කෘමිනාශක තොගයක් මුදා හැරීම ප‍්‍රතික්ෂේපකර රඳවා තබා ගැණුනි. පසුව මේවා කාර්මික තාක්‍ෂණ ආයතනය විසින් පරීක්‍ෂණයක්  කලේය. එම පර්යේෂණයේ ප‍්‍රතිඵලය වූයේ කෘමිනාශක වර්ග දෙකක පමණක් ඉතා සුළු වශයෙන් ආසනික් පැවතුනත් ඉතිරි සියල්ලේ ආසනික් නොපැවතුණු බවය. මේ සමග නලින් ද සිල්වා ප‍්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමේ අදහස අභියෝගයට ලක් විය. ඒ සමගම වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය දිවයිනේ විවිධ ප‍්‍රදේශ වලින් සහල් සාම්පල් ලබාගෙන කළ පර්යේෂණයෙන් අනාවරණය වූයේ එම සහල් වල ආසනික් අඩංගු නොවන බවය.  එමෙන්ම කැළණිය විශ්ව විද්‍යාලයේම රසායන විද්‍යා අංශයේ මහාචාර්ය ජනිතා ලියනගේ විසින් කලක් තිස්සේ කළ පර්යේෂණ වලින් නලින් ද සිල්වා ප‍්‍රමුඛ කණ්ඩායමේ නිගමනය සාවද්‍ය බව අණාවරණය විය. මේ සෑම පර්යේෂණයක් සම්බන්ධ තොරතුරු අඩු වැඩි වශයෙන් පුවත්පත් හෝ රූපවාහිනී නාලිකා ආදී ඒ ඒ ජනමාධ්‍ය ඒකක තුළ ප‍්‍රකාශයට පත්වෙමින් පවතී. එමෙන්ම ඒවා රටේ ප‍්‍රතිපත්ති තීරණය කිරීමේදී වැදගත් වන ආයතනයන් තුළ ද විශේෂ කථාබහකට ලක් වූවේය. එපමනක් ද නොව ජාතික හෙළ උරුමය හා ජාතික නිදහස් පෙරමුණ ආදී දේශපාලන පක්‍ෂ, ආසනික් තම ප‍්‍රමුඛ සටන් පාඨයක් කර ගැනීමේ මෙහෙයුමක නිරතව සිටී. ජනිපෙ නායක විමල් වීරවංශ මහතා මීට ටික කලකට ඉහතදී ප‍්‍රකාශ කලේ පාන් පිටි ත‍්‍රස්තවාදයක් ගැන ය. පාන් පිටි ත‍්‍රස්තවාදයට එරෙහිව හාල් (පිටි ඉදිරියට රැගෙන ආ යුතු බව ඔහු ප‍්‍රකාශ කළේය. දැන් හාල් වල ආසනික් පවතී නම්, එහුගේ එම උත්සාහය ව්‍යවර්ථ වීම අනිවාර්යයකි. ඒ නිසාමදෝ එම පක්‍ෂය පොලූ, මුගුරු රැගෙන සටනට අවතීර්ණ වී සිටිති.


කෙසේ වෙතත් මේ ආකාරයට ආසනික් තිබීමට එරෙහි පර්යේෂණ මගින් කරළිය අත්පත් කරගැනීමත් සමග නලින් ද සිල්වා ප‍්‍රකාශ කළේ, තම කණ්ඩායමේ පර්යේෂණ විධි ක‍්‍රමය බටහිර විද්‍යාත්මක ක‍්‍රමවේදයන්ට අනුකූලව පර්යේෂණ පත‍්‍රිකාවක් ලෙස ඉදිරියේදී එළිදක්වන බවයි. ඒ අනුව ආසනික් විවාදය තව තවත් ඉදිරියට ඇදී යනු ඇත.

නියරේ කතිකාව
ඒ මේ සියළු සාකච්ජා අතරතුර ‘නියරේ’ අදහස කුමක්දැයි අප ප‍්‍රකාශ කළ යුතුව ඇත. එය මේ පරිදිය.


පත්තර කීපයක් හා රූපවාහිනී නාලිකා කීපයක් ආසනික් පටලවා ගෙන ඇත්තේ අලෙවි ප‍්‍රශ්නයක් ලෙස ය. ඔවුන් ට ආසනික් තිබීමේ හෝ නොතිබීමේ අදාලත්වයක් නැත. ”හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා” යන සටන් පාඨය ඔවුන්ගේ පරම ආදර්ශ පාඨයයි. අලෙවිය වැඩි වන්නේ නම්  ඕනෑම දෙයක් කරන එම මාධ්‍ය ආයතන සහ බහු ජාතික කෘෂි රසායන සමාගම් අතර වෙළඳපොල තර්කණයේ අර්ථයෙන් කිසිදු වෙනසක් නැත.

යුගයේ විලාසිතාව


විෂ ශරීරගත කර ගැනීම මේ යුගයේ මිනිස් ශරීරය පිනවීමේ ප‍්‍රධාන ආකෘතිය වී ඇත. ඒ සමඟම සත්‍යය සෙවීම වෙනුවට, යථාර්ථය වියවුලක් බවට පත් කර ගැනීම මානසික තෘප්තිය ලැබීමේ මාර්ගය බවට  පත් වී තිබේ. ජනමාධ්‍ය මේ දෙකටම නොමඳව සහාය දක්වමින් සිටී.


නලින් ද සිල්වා විසින් නාථ දෙවියන් සිංහල-බෞද්ධ ජන විඥාණය එකිනෙක සම්බන්ධ කිරීම මගින් සිංහල බෞද්ධයාට තමන්ගේ විඥාණයේ හා ‘‘තරම’’ බලා ගැනීමට කැඩපතක් නිර්මාණය කර ඇත. නමුත් කිසිවෙක් තමන්ට නොපෙනෙනා දේ කැඩපතින් බලා ගැනීමට උත්සුක වන බවක් පෙනෙන්නට නැත.

ආසනික් ප‍්‍රශ්නාර්ථිකය

අනෙක් අතට නාථ දෙවියන්ගේ නිගමනය බොරු කරමින් සහල් වල හා කෘෂි රසායන වල ආසනික් බිඳුවක් වත් අඩංගු නොවන බව තහවුරු වුවහොත් අපි කෘමි නාශක හා වල් නාශක සමග සහෝදරත්වයෙන් අත්වැල් බැඳගනිමුද? අප හමුවේ ඇති බරපතල ප‍්‍රශ්නය මෙය යැයි සිතමු. නලින් ද සිල්වා පත්තු කළ වදුලේ ආසනික් නොමැති බව නිච්චියටම තහවුරු වුව හොත් කෘෂි රසායන භාවිතය කැප ද? ආසනික් ගැටළුවේ ප‍්‍රශ්නාර්ථිකය මෙතන ඇත.


නලින් ද සිල්වා මතුකරන සිංහල-බෞද්ධ ජන වර්ගය හෝ වෙනත්  ඕනෑම ජන වර්ගයක් හෝ එකිනෙක සංසන්දනය කරමින් එකක් අනෙකට වඩා ඉහළ හෝ පහළ හෙළීමට අප ක‍්‍රියා කරන්නේ නැත. නලින් ද සිල්වා පවසන පරිදි නාථ දෙවියන් යනු දුටුගැමුණු රජතුමා වන්නේය. එය ඒ ආකාරයට අර්ථ කථනය කිරීමේ අවසාන උවමනාව හා ගොඩනැගීමට උත්සාහ කරන කතාන්දරය පැහැදිලිය. එනම් බුදු දහමේ චිරස්ථිතිය ආරක්‍ෂා කිරීමේත්, ලංකාව ආරක්‍ෂා කිරීමේත් දිව්‍යමය ආත්මය දුටුගැමුණුට සම්බන්ධ කර ඊනියා සිංහල-බෞද්ධ ඉතිහාස කථාන්තරය වර්තමානය තුල සමාජ දේශපාලන බලයක් ලෙස නැවත නැවතත් තහවුරු කිරීම ය.


(අප එම විනාශකාරී දේශපාලන එළඹුමට මෙතනදී ගැඹුරින් ප‍්‍රතිචාර දක්වන්නේ නැත. එය වෙනත් තැනක සාකච්ජා කළ යුතු එකකැයි සිතමු. නමුත් ‘ආසනික්‘ කෙතරම් ‘විෂ’ ද , එතරම්ම මෙම දේශපාලන මෙහෙයුමත් මනුෂ්‍ය සමාජයට ‘විෂ’ බව පමණක් සටහන් කර තබමු.

බහුජාතික ආසනික්
එමෙන් ම, කෘෂි රසායන වල ආසනික් නැති බව පර්යේෂණ ඇසුරින් තහවුරු කිරීම නිසා ගොවියා සූරාකන බහු ජාතික සමාගම් වල ඉතිහාස කථාව සුජාතකරණය වන්නේ ය. ඔවුන්ගේ එම පර්යේෂණ, කෘෂි රසායන වලින් පොළොවට සිදුවුන හානියත්, ජෛව විවිධත්වයට සිදුවන හානියත්, පොළොව, ගහ කොළ, කුඩා ජීවීන් හා මහා ජීවීන් ඇතුළු මිනිසා ව්‍යාධියට පත් වී විනාශ වන ආකාරයත් අනාවරණය කරන්නේ නැත. මෙහි ඇති අරුමය එයයි. මේ නිසා එම පර්යේෂණයන් ද මිනිස් සමාජයට ආසනික් තරමටම විෂ වන්නේ ය.


ප‍්‍රාග්ධනයේ බැම්මෙන් බැඳ ගොවියා සහ පාරිභෝගිකයා සූරාකන බහුජාතික සමාගම් වල ක‍්‍රියාකාරීත්වයත්, ජාතිවාදී කතිකාව තව තවත් ශක්තිමත් කරමින්  ජන සමාජයේ ඒකමිතිය වඩ වඩාත් බිඳ වට්ටමින් විනාශ කිරීමත් යන දෙකම අප හමුවේ ඇති අභියෝග වන්නේ ය. අප මේ දෙකටම එරෙහිව සිහිය එළවාගෙන මුහුණ දිය යුතුය. එමෙන්ම අප නවීන පර්යේෂණයන්ට හෝ විද්‍යාවට තේරුමක් නැතිව විරුද්ධ වන්නේ නැත. අපට ඇති ගැටළුව ඒවා මිනිසා පීඩාවට පත් කිරීමට එරෙහිව හා මනුෂ්‍ය සමාජයේ යහපත වෙනුවෙන් යොදා නොගැනීම ගැනය. සොබා දහම සුවපත් කිරීමට නව පර්යේෂණ අවශ්‍ය බව අප විශ්වාස කරමු.

නිගමනය
මේ නිසා අපට අවසාන වශයෙන් පැවැසීමට ඇත්තේ කුමක්ද? එනම් ආසනික් තිබුණත් නැතත්, මෙම විනාශකාරී කෘෂි රසායනයන් ට, ඒවා සම්බන්ධ බහු ජාතික වෙළඳ ජාලයට අපගේ පැවැති විරෝධයේ කිසිදු වෙනසක්  වන්නේ නැති බවයි.
                                         ප‍්‍රදීප් ජයරත්න
''නියර'' පුවත්පතේ 2011 මැයි-ජූනි කලාපයේ පලවූ ලිපියකි..

Sunday, June 26, 2011

මිත්‍යාවටත් විද්‍යාත්මක අයිසිං

            පරිණාමවාදයේ ඉදිරිපත් කොට ඇති ජෛව සංවර්ධනයේ ඉතිහාසය හා  එහි දැක්වෙන සංකීර්ණ හා වරණීය අනු පිළිවෙළ ප්‍රශ්න කරමින්, මෙතරම් සංකීර්ණ වූද (තවමත් නූතන විද්‍යාවට විද්‍යාගාරයක නිර්මාණය කිරීමට නොහැකි වූද...) ජීවය යනු අහඹු ලෙස සිදු වූ භෞතික සංසිද්ධීන් දාමයක ප්‍රතිඵලයක් විය නොහැකිය යනුවෙන් ප්‍රවාද ගත කළ ලියවිල්ලක් නිමිති කොට ගෙන මෙම අදහස පෙළ ගස්වමි. එනයින් එකී ලියවිල්ල අවධාරණය කිරීමට උත්සාහ දරා ඇත්තේ ජීවය කිසියම් මැවුම් කරුවෙකුගේ ක්‍රියාවක් විය යුතු බවයි.  ජීවයේ තැනුම් ඒකකය වන ඇමයිනෝ අම්ලය වැනි සංකීර්ණ ක්ෂුද්‍ර ව්‍යුහයක් හුදෙක් භෞතික සංසිද්ධි දාමයකින් වූවක් යැයි පැවසීම පිළීගැනීමට අසීරු බවත්, එහි සැකැස්මේ ඇති සංකීර්ණභාවය අනුව එය මැවීමක් විය යුතු බවත් එම නිබන්ධනයෙන් කියැවේ. එම නිබන්ධනය සඳහා ජෛව විද්‍යාත්මක වාග් මාලාවේ සහ විද්‍යාවේ විවිධ කරුණු ද උපකාරක ලෙස පාවිච්චි කොට ඇත.
            මේ සඳහා විද්‍යාත්මක දැනුම හා ක්‍රමවේදය අනුව දිය හැකි පිළිතුර කෙබඳුද? ඊට ප්‍රවේශයක් ලෙස ප්‍රාථමික කරුණු දැක්වීමකට මෙහි දී ඉඩකඩ වෙන්කර ගනිමි.
            විද්‍යාව යනු පුළුල් සංකීර්ණ හා දිනෙන් දින අතු ඉති දමා පැතිරෙන විෂයය සමූහයකි. මීට පෙර ස්වභාවික විද්‍යාවේ සම්මත වට්ටෝරැවට පරිභාහිර යැයි සැලකුණු විෂයයන් කරා ද විද්‍යාව සහ එහි විධික්‍රමය දැන් කාන්දු වෙමින් ඇත. කලාව හෝ ආර්ථික විද්‍යාව හෝ සම්භාව්‍ය දේශපාලන  සංවාදයන් මෙන්ම යුද්ධය සඳහාද විද්‍යාත්මක දෑ අනුකලනය වෙමින් ඇත.
            විද්‍යාවේ විවිධ දැනුම හා සංසිද්ධි විග්‍රහ කිරීම්වලදී  විවිධ න්‍යාය, උපකල්පන, න්‍යාස, උපන්‍යාස, සංකල්ප ආදිය පුරුක් ලෙස හෝ උපකාරක අවයව ලෙස හෝ යොදා ගනු ලබයි. ඒවා එක් එක් සන්දර්භයන්ට සාපේක්ෂ විය හැකි බැවින් නිරපේක්ෂ හා සාර්වත්‍ර ලෙස සැලකිය හැකි නොවේ. එවැනි න්‍යාය, උපකල්පන අභිමත පරිදි යොදාගෙන ගොඩනංවන ලද  ප්‍රවාදයක් මූලික අරුතින් මුළුමනින්ම වැරදි විය හැකිය. අද පවතින විද්‍යාවේ මෙවලම් හා දැනුම් පද්ධති සපුරා සම්පූර්ණ වූ ඒවා  නොවිය හැක. මක්නිසාද විද්‍යාවේ ඉතිහාසය අවුරුදු 300-400 ක් පමණ වේ යැයි සැලකුව‍හොත් නූතන විද්‍යාවේ වයස අවුරුදු 50-60 ක් පමණ වන බැවිනි. විද්‍යාව යනු ඒ අනුව අපට ඇති ශක්තිමත් පදනම යැයි සැලකිය හැකි මුත්, මිනිස් ඉතිහාසයට සාපේක්ෂව බැලූ විට හය තවම ලාබාළ වියෙහි වැනිය. ඒ නිසා විද්‍යාවේ එන විවිධ දේ හා විවිධ සංසිද්ධි විශ්ලේෂණයෙහි දී අනුපූරක, පරිපූරක ගැලපීම් සම්බන්ධතා සපුරා සම්පූර්ණ නොවීමට ඉඩ ඇත. එනිසා පරිණාම වාදයේ විවිධ හිස්තැන්, වෙනස්කම්, පරස්පරයන්, අනුමානයන් තිබෙනු ඇත. එය සාදා නිමකළ යමක් නොවේ. එලෙසම පරිනාමවාදී න්‍යායට  අවශ්‍ය ඉතිහාසීය සාක්ෂි දාමයේද හිස්තැන් තිබෙනු ඇත.
             විද්‍යාවේ හෝ පරිණාමවාදයේ හෝ වෙනත් එවැනි වාදයක හෝ ඉහත සඳහන් කළ ආකාරයේ හිස්තැන් අසම්පූර්ණතා, පරස්පරයන් ආදිය මතින් තම විශ්වාසයට ගෝචර වූ ප්‍රවාදයක් කෙනෙකුට ගොඩනැගිය හැක. භෞතික විද්‍යාවේ වැදගත් න්‍යායන් ලෝකයට දායාද කළ විද්‍යාඥයින් අතර ද දෙවියන් විශ්වාස කළ අය සිටිය හැක.
             මීට සමාන ප්‍රවාද විද්‍යා සාහිත්‍යයේ  තවත් ඇත. සමහර ප්‍රවාද වලින් කියැවෙන දෑ විශ්මය දනවයි.
            පෘථිවිය ගෝලාකාර නොවේය (පැතලිය) යනුවෙන් ගොඩ නැගූ ප්‍රවාදයක් සහිත කෘතියක් (Earth not a globe) සැමුවෙල් බලි රොබොතම් විසින් 1881 දී Parallax ක්‍රමවේදය ඇසුරින් ලියා පළකොට ඇත.
            එවැනිම වූ තවත් ප්‍රවාදයක් උපුටා දක්වමින්, අපගේ හේතුවාදී ව්‍යාපෘතියට එරෙහිව, එක්තරා ජාතිකවාදී න්‍යායධරයෙකු විසින් පසුගියදා සති අන්ත පුවත්පතකින් කරුණු දක්වා තිබුණි. ඔහු දක්වා තිබුණේ සමනල ආවරණය (Butterfly effect) නම් ප්‍රවාදයට අනුව හිමාල අඩවියේ  සමනලුන් තටු ගැසිම නිසා ඇන්ඩිස් කඳුකරයේ  භූමිකම්පාවක් පවා ඇතිවිය හැකිය යනුවෙනි.  (මාළුන් වරල්  ගැසීම  නිසා සුනාමියක්  ඇති විය හැකි යැයි තව ‍ෙකනකුට ප්‍රවාද කළ හැකිය.) මෙවැනි ප්‍රවාදයන් හි ද බරසාර විද්‍යාත්මක කරුණු දකවා ඇත. එහෙත් පුත්‍යක්ෂ යථාර්තය ඊට වෙනස් බව අපි දනිමු.
-

 තාරක වරාපිටිය


ඉතිහාසය 
හා 
පුරා විද්‍යාව 

ශ්‍රී ලංකාවේ ඉතිහාසගත පුරාවෘත්ත අධිනිෂ්චය  වී ඇත්තේ මහා වංශය පදනම් කර ගෙනයි. කාම්බෝජයටත් අපට මෙන් මහාවංශයක් ඇති අතර එය ප්‍රමාණාත්මකව ගත් විට අපේ මහාවංශය මෙන් දෙගුණයක් වන බව ලංකාවේ බොහෝ දෙනා නම් දන්නේ නැති බව නිසැකය. අද පවතින අතීතකාමී උනන්දුව තුළ මෙකී වංශ කථා සාහිත්‍යය යළි යළිත් ප්‍රති  නිර්මාණය වෙමින් ඇත. මේ කටුසටහන ඊට පසුවදනකි.
            මහාවංශය යනු ධාතුසේන රජුගේ මාමා කෙනෙකු වන මහානාම හිමියන්ගේ රචනාවක් වන බවට ඉතිහාසඥයින් වැඩි දෙනාගේ අනුමානයයි. (වන්සප්න ප්‍රකාශිතය  නම් වූ  ටීකාවේද ඒ පිළිබඳ සාක්ෂි සපයා ඇත) එය ව්‍යක්ත පාළි භාෂාවෙන් ලියැවී ඇති ගාථා හකසිය ගණනකින් සමන්විත රචනාවකි.  එහි වැඩිම ඉඩකඩ වෙන් වී ඇත්තේ දුටුගැමුණු රජු වැනුමටයි.
            මහා වංශය ලියැවෙන්නේ එකල රාජ්‍යත්වයට සමීප වූවෙකු මෙන්ම බෞද්ධ භික්ෂුවක්ද  අතින් වීම යන්න මෙහිදී මූලිකව සිහිතබා ගත යුතු පැති මානයයි. එවිට එහි අඩංගුව තුළ රාජ්‍යත්වයට බැහැර දේ පිළිබඳව ලිය වී ඇත්ද? ඒවා අපක්ෂපාතී වී තිබේද? යන්න, ඒ හා පැන නගින විචිකච්චාවයි.
            මහාවංශය සිංහලයින්ගේ අවධානයට පාත්‍ර වූයේ කවදා සිටද යන්න බොහෝ දෙනා මතුකොට දක්වන්නේ නැත. අනුරාධපුර රාජධානිය ද, එහි බෞද්ධ නෂ්ටාවශේෂයන් ඇතුළු පුරා විද්‍යාත්මක සළකුණු ද  මුල්වරට එළිපෙහෙළි කොට අනාවරණය කළේ ඉංග්‍රීසි ජාතික ගවේෂකයින් විසිනි. එලෙසින්ම මහාවංශ ඉතිහාස පුරාවෘත්තය ද අවධානයට පාත්‍ර වූයේ ඉංග්‍රීසි ජාතික ශාස්ත්‍ර ගවේශකයෙකුගේ පුරෝගාමිත්වය නිසාවෙනි.
            බ්‍රිතාන්‍ය ජාතික විජිත පරිපාලන නිලධාරියෙකු වූ ජෝජ් ටර්නර් සිංහල හා පාලි භාෂා උගෙන මහාවංශය කියවා තිබුණි. 1835 දී බෙංගාලයේ පැවති රාජකීය ආසියාතික සංගමයේ සැසිවාරයේදී මෙම මහාවංශය ඉදිරිපත් කරන විටදිත් එය සිංහල  භාෂාවට පරිවර්තනය වී නොතිබිණි. පසුව ටර්නර් විසින් එය ඉංග්‍රිසි භාෂාවට පරිවර්තනය කරන ලදී.
            අපේ මහාවංශය මුලින්ම පරිවර්තනය වූයේ සිංහල භාෂාවට නොව ඉංග්‍රීසි භාෂාවටයි. (එතෙක් එය ලංකාවාසීන්ගේ අවධානයට ලක් වූ ලියවිල්ලක්ව තිබී නැත) 1838 දී ටර්නර් ගේ පරිවර්තනය රාජකීය ආසියාතික සංගමය නම් වූ පෙරදිග බුද්ධිමතුන්ගේ සාමුහිකයේ ලේකම් ජේමිස් ප්‍රින්සෙප් විසින් සංස්කරණය කරනු ලැබීය.
            අද ලංකාවේ පුරා විද්‍යාව ගොඩනැගෙන්නේත්, මේ පුරාවෘත්ත කථාව පදනම් කරගනිමිනුයි. ඒ අනුව පුරා විද්‍යාත්මක ගවේශනයන් යොමු වන්නේ මහාවංශයේ සිදුවීම් ගලපා ලීමට ද යන්න වනාහි සාධාරණ ප්‍රශ්න කිරීමකි. ලංකාවේ පුරා විද්‍යාත්මක යොමුව, පොදු හා පළල් ඓතිහාසික සන්දර්භයක් කරා හෝ මානව විද්‍යාත්මක ගවේශණයන් ආවරණය කරමින් හෝ සිදුවන්නක් නොව බොහෝ දුරට ආගමික සන්දර්භයට සීමා වූ බවක් පෙන්නුම් කොට ඇත.  අඩුම තරමින් පොදු ජන සමාජය තුළ පුරා විද්‍යාව යන්න පරිකල්පනය වී ඇත්තේ ඒ අදහසිනි.
            උතුරේදී හමු වූ බෞද්ධ පුරා විද්‍යාත්මක සාක්ෂියකින් කියවෙන්නේ එහි ඇති සිංහල බෞද්ධ උරුමය යැයි සාමාන්‍ය මනෝභාවය තුළ ලියවෙන්නේ සිංහල ජාතිකවාදී උගතුන් මගින්, ජන මාධ්‍ය හරහායි. 
            නමුත් ඇත්ත කථාව නම්, ලංකාවේ ථෙරවාදී පාර්ශවය විසින් ඇති කළ භේදයත්, දකුණු ඉන්දීය බලපෑමත්, දැඩි වන්නට පෙර උතුරේ ජීවත් වූ බහුතරයක් දෙනා බෞද්ධ මහායානිකයින් වූ බවයි. ඉතිහාසය විමසිලිමත් ලෙස සොයා බලන්නේ නම් එහි මූලාශ්‍ර හඳුනාගත හැකි වෙයි. දෙමළ බෞද්ධ යටගියාව සිංහල බෞද්ධ උරුමයක් කර ගෙන ඇත්තේ එලෙසයි.
            10 වැනි සියවසේ දි යාපනය කන්දරෝඩෙයි බෞද්ධ ආරාමයට කළ පරිත්‍යාගයන් ලිය වී තිබෙන කන්දරෝඩෙයි සෙල්ලිපිය නිසා හෝ වඩමාරච්චියේ වල්ලිපුරම් ග්‍රාමයේ පැරණි විශ්ණු දේවාල භුමියකින් හමු වූ (බ්‍රාහ්මී අක්ෂරයෙන් ලිය වී ඇති අඟල් 3 ක් දිග හා අඟල් එකක් පළල) කුඩා රන්පත් ඉරුව හෙවත් සුප්‍රසිද්ධ වල්ලිපුරම් රන්පත්‍රය නිසා හෝ ඒ ඉතිහාසය අමතක කර දැමිය නොහැක.

-         කෙවින් කරුණාතිලක

 

Monday, June 20, 2011

ඇරයුමයි

මිතුරනි,

ලංකාවේ අරගල ඉතිහාසයට අළුත් මානයන් කීපයක් එකතු කරන්න විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයට හැකි වෙලා තියෙනවා. ඒක අඛණ්ඩව ඉස්සරහට මේ තරම් දුරට හෝ අර‍ගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නෙ ඒ හින්දා. අරගලය මෙහෙයවන්නෙත්, මතවාදී නායකත්වය දෙන්නෙත් එයාලමයි. මේක ලෙනින් ගෙ "කම්කරු පංතිය ට, බාහිරින් පංති විංඥාණය රැගෙන ආ යුතුයි " කියන අදහසට වඩා  හුඟක් වෙනස් තත්ත්වයක්.

නිපුණතාවය ඇති ශ්‍රමිකයෙක් බිහිකරන්නේ කොහොමද? යන්න අද දවසේ අධ්‍යාපනය මුහුණ දී ඇති අභියෝගය ද? එහෙම නැත්නම් මිනින්දෝරුවෙකු වීමට උවමනා භූගෝල විද්‍යාවේ "කොටස" ඉගෙනගෙන නැවතීමට එරෙහිව භූගෝල විද්‍යාව ඉගෙනීම අඛණ්ඩ කිරීම ද?

මේවා ගැන සංවාදශීලී වෙමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ධෛර්ය සම්පන්න අරගලය ට, ඔබේ සහාය දෙන්න, හෙට (ජූනි 21) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැත්වෙන රැස්වීමට සහභාගි වී ඔබත් අරගලයට හවුල් වන්න.

ඔවුන් කියනා පරිදි,

නොසිතන මොහොතක,
නිශාචර පක්ෂියාගේ ඇසත්, ඔබේ ඇසත් එකිනෙක පටලැවෙන විදිහටම,
අපි එකිනෙකා හවුල් වන දිනය නිසැකවම එනවා ඇත.

නික් ට්ටි.

Sunday, June 12, 2011

 මහජන රැස්විම ඡුනි 13 සවස 3/ 30 මහජන පුස්තකාලයේදි



14 Images | View Slideshow | Download Selected | Download All

උගතුන්ගේ සංස්‌කෘතියට එරෙහි තර්ජන

Divaina, 30/05/2011,  සාලිය කුලරත්න

විශ්වවිද්‍යාල සමාජයෙහි වූ බුද්ධි සංස්‌කෘතිය, කිසිවකුගේ බලයකට වැරදි අර්ථ දීමකට හෝ තර්ජනයකට යටපත් විය යුත්තක්‌ නොවේ. අවශ්‍යතන්හි වැදගත් සම්පත් දායකත්වයක්‌ සේ එහි ශක්‌තිය අවංකව යොදා ගැනීම රජයකද වගකීම වේ. විශ්වවිද්‍යාල සංස්‌කෘතියක ඇති ස්‌වාධීන බව සටහන් කරන ලද්දේ විදේශික උගතකු විසිනි. ඒත් අපේ රටේ ඇතැම් බලවේග, එහි වූ ස්‌වාධීන බව අකාමකා දැමීමට කටයුතු කළහොත් සිදුවන්නේ, මාකට්‌ සංස්‌කෘතියක්‌ බිහිවීමය. රටක තාක්‍ෂණය හා මානව ශාස්‌ත්‍ර හා සෞන්දර්යය සමබර විය යුතුය. මානව ශාස්‌ත්‍ර භාෂා, දර්ශන වලින් එක්‌වරම වෙළෙඳපළ වටිනාකම් සෙවිය යුතු නැත. එබඳු විෂයයන්ගෙන් ඉතා සුගැඹුරු හා බහුශ්‍රැත ඥන සම්පත් බිහිකිරීම සිදුවේ. එහි ඵලප්‍රයෝජනය දීර්ඝ කාලීන වේ, අදූර දර්ශී ඇතැමුන් විසින් රටක උගතුන් හා බද්ධ සංස්‌කෘතිය හෑල්ලු කරන විට, ඊට පහළින් සිටින සියලු අසංස්‌කෘත බලවේග උඩපනිමින් ඊට පහරදෙනු ඇත.

කාල්මාක්‌ස්‌ විසින් 1835 සැප්තැම්බර් 24 දින ටි්‍රයෙර් උසස්‌ ශාස්‌ත්‍රාලයෙහි උගනිමින් සිටියදී ලියූ "Reflections of a Youth on Choosing an Occupation", නමැති රචනාවක්‌ වෙයි. එය, මහාචාර්ය ඩෙස්‌මන් මල්ලිකාරච්චි විසින් සිංහල බසට පරිවර්තනය කරනු ලැබ 2003 දී නිකුත් වූ "මාක්‌ස්‌වාදී රචනා" නම් පොතේ ඇතුළත් වෙයි. එහි එක්‌ තැනක මෙසේ කියෑවේ.

"උගතෙකුට ගෞරවනීයත්වය ලබාදිය හැක්‌කේ කිසියම් බලයක දීන අතකොළු නොවී, ඔවුනට තම විදග්ධ වපසරිය තුළ ස්‌වාධීනව ක්‍රියාකළ හැකි වෘත්තියකටය. ගෞරවනීයත්වයෙන් තොර වෘත්තියක්‌ විසින් අපව අපේ උගත්කම්වලට නොසරිලන සේ පහතට ඇද දමනු ලබනු ඇත."

මාක්‌ස්‌ මෙම ලියවිල්ල ලියා මේවනවිට වසර 176 ක්‌ පමණ, එනම් ශතවර්ෂ එකහමාරකට වඩා ගතවී තිබේ. එහෙත් මාක්‌ස්‌ එයින් ඉඟිකළ අවදානම මේ වනතුරුද පහවී නැත. මේ ලිපිය ලියන මම, තවමත් වියපත් නැති, මැදි තරුණ වියක පසුවන්නෙක්‌මි. කිසිදු ලෙසකින් ශිල්ප අලෙවියේ නොයෙදෙන්නෙක්‌මි. කිසිදු අයුරකින් මගේ වෘත්තියට අතිරේකව රජයේ හෝ රාජ්‍ය නොවන ආයතනයකින් වේතනයක්‌ නොලබන්නෙක්‌මි. රටේ ඒ ඒ සමයේ සිදුවන ජනතා හිතෛෂී වෙනස්‌කම් හමුවේ රජය හෝ වේවා අන්කිසි සමාජ බලවේගයක්‌ වේවා සිදුකරන යහපත් කර්තව්‍ය අගය කරමින් ලිපි ලියා ඇත්තෙමි. නිදසුනක්‌ ලෙස දක්‌වතොත් ජනාධිපතිතුමාගේ දෙවැනි පදවිප්‍රාප්තිය සම්බන්ධයෙන් මවිසින්, එසේ වඩා සාධනීය ලිපි පළ කරනු ලැබිණි. ඒ හැර මම, කිසිදු දේශපාලන පක්‍ෂයක ක්‍රියාකාරී සාමාජිකයෙක්‌ නොවෙමි. මේ කියන්නා වූ මධ්‍යස්‌ථභාවයේ සිටිමින් මා සහ මා වැනි තවෙකෙකු අදහස්‌ දක්‌වන්නේ නම් එය කාගේ හෝ මෙහෙයවීමකින් සිදුවන කටයුතතක්‌ සේ නොසැලකීමට තරම් මෙය කියවන්නාද මධ්‍යස්‌ථ විය යුතු වේ.

විශ්වවිද්‍යාල ආචාර්වරයෙකුගේ භූමිකාව අන් කවර වෘත්තිකයෙකුගේ වෘත්තීය තත්ත්වයකට වඩා වෙනස්‌ වේ. ඔහුගේ රාජකාරිය උදේ අට හෝ හවස හතර අතරතුර පමණක්‌ සීමා නොවන්නකි, අවසන් වසර ශිෂ්‍යයන් සිය පර්යේෂණ නිබන්ධන ලියන විටකදී ඔවුහු මිටි ගණන් පරිච්ඡේද ගෙනැවිත් ආචාර්යවරුනට භාරදෙති. එක්‌ ඇදුරෙකුට එවන් ශිෂ්‍යයන් හතක්‌ අටක්‌ පමණ අධීක්‍ෂණය පැවරෙයි. එවිට උදේ සිට හවස්‌වනතුරු දේශන පවත්වා හවස පටන්ගෙන රෑ වනතුරු අර නිබන්ධන වල හරි වැරදි බැලිය යුතුය. ඊට අමතරව හැම සමාසිකයකට වරක්‌ දෙන පැවරුම් 20 - 30 ක්‌ පමණ එක්‌ ඇදුරෙකුට පැවරෙයි. ඊටත් අතිරේකව ඔහු පසු දිනට ඇති දේශන සඳහා සූදානම් විය යුතුය.

ඇතැම් දේශපාලකයන්, මාධ්‍ය අබියසදී ඔවුනට කැමැති ඕනෑම දෙයක්‌ කීමට නිදහස භුක්‌ති වින්දත්, සරසවි ඇදුරන් වන අපට කැමැති ඕනෑම දෙයක්‌ ශිෂ්‍යයන් ඉදිරියේ කිව නොහැක. අපි නිතරම, නව දැනුම සමග සිසුන් හා ගැවසෙමු. එය එසේ වන ලෙස සියලු පද්ධතීන් සකස්‌ වී ඇත. යම් විෂයක්‌ පිළිබඳ ප්‍රාමාණික දැනුමක්‌ අදාළ ආචාර්යවරයා තුළ තහවුරුව පවතින බවට, ඔහු ආයතනයේ පසුකරන කඩඉම් විසින් සනාථ කෙරෙනු ඇත. සහාය කථිකාචාර්යවරයෙකු තෝරා ගැනෙන්නේ අදාළ විෂයට පළමු පංති සාමාර්ථයක්‌ ගත් අයෙකු පමණි. එවැන්නෙකුට ස්‌ථිර කථිකාචාර්යවරයෙකු විය හැක්‌කේ විශාල වශයෙන් ශාස්‌ත්‍රීය ලිපි ලේඛන ලියා ශාස්‌ත්‍රීය භූමිකාවක්‌ නිර්මාණය කරගතහොත් පමණි. ඔහුට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන්නට නම් වසර හය හතක්‌ තුළ පශ්චාත් උපාධි පර්යේෂණයක්‌ කළ යුතුමය. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පළමු වැනි ශ්‍රේණිය සඳහා පශ්චාත් උපාධිය ඇතුළු ශාස්‌ත්‍රීය පර්යේෂණ සලකා බැලේ. මහාචාර්යවරයෙකු වීමට ආචාර්ය උපාධිය ((PhD)) සමග විශාල ශාස්‌ත්‍රීය පර්යේෂණ හා පතපොත ලිවීම අවශ්‍යය.

තත්ත්වය මෙසේ නමුදු, ස්‌ථිර කථිකාචාර්යවරයෙකු ලබාගන්නා ආරම්භක වැටුප රු. 26000 කි. පංති සාමාර්ථයක්‌ කිසිත් නැතිව මූලික උපාධිය පමණක්‌ සහිත උපාධිධාරියෙකුට කෙටි පුහුණුවක්‌ සහිතව මධ්‍යම බැංකුවේ ලැබෙන ආරම්භක වැටුප 37,000 කි. මා දන්නා තවත් නිදසුනක්‌ කියමි. එක්‌තරා පෞද්ගලික ව්‍යාපාරයක සේවය කරන උසස්‌ පෙළ පමණක්‌ ඇති, වෙළෙඳ නියෝජිතයෙකුට ඉන්ධන ගාස්‌තුද සහිතව රු, 40,000 ක වැටුපක්‌ ලැබේ. ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුට ලැබෙන්නේ 65000 - 70000 ත් අතර වැටුපකි. මෙය අප දන්නා සත්‍යම කාරණය වේ. සරසවි ඇදුරන්ගේ වැටුප් වැඩි කළ යුතු බව සඳහන් කරමින් පාර්ලිමේන්තුවේ පවා නොයෙක්‌ ආන්දොaලන සිදු වුවද එවැන්නක්‌ සඳහා මේ වනතුරු කිසිදු පියවරක්‌ ගෙන නැති බව කාරුණිකව සඳහන් කළ යුතුය. සරසවි ඇදුරන්ට වැඩ වර්ජනයක්‌ කිරීම ප්‍රායෝගික කාර්යයක්‌ නොවේ. සිසුන්ගේ පර්යේෂණ නිබන්ධන අධීක්‍ෂණය කිරීමේ පටන් ඉගැන්වීම දක්‌වා කාර්යයේ මේ වනතුරුද අපි යෙදී සිටිමු. එහෙත් කිසිදු ස්‌වෙච්ඡා තනතුරක්‌ දරන ආචාර්යවරයෙකුට ඒ සඳහා අතිරේක ගෙවීම් සරසවි පද්ධතිය තුළ නැත. සාධාරණ වෘත්තීය කාරණයක්‌ පිළිබඳ මතක්‌ කරමින්, ඒ පිළිබඳ නිතර නිතර සිදුවූ අපේක්‍ෂා භංගත්වය තුළම සියලු ආචාර්යවරු සිය රාජකාරිමය භූමිකා තුළම විනා ඉන් පරිබාහිර උද්ඝෝෂණයක නියෑළී නොසිටිති. ස්‌වෙච්ඡාවෙන් සිදුකරන ඇතැම් සම්බන්ධීකරණ කටයුතු පිළිබඳ කිසිවකුට බල කළ නොහැක. ඒ කටයුතු අඩාල වුවද නැතද අපට නම්, රාජකාරියට අදාළ කටයුතුවල නිමක්‌ නැත. එසේ තිබියදීත් මේ මස වැටුපටද අපි හිමිකම් නොලබමු. රටේ ඉහළම බුද්ධි ස්‌ථරය වූ අපි, රටේ තීරණාත්මක තත්ත්ව වලදී දායක වූ සම්පත් දායකයන් වූ අපි, අද ඒ සියල්ලට පොහොනා පරිදි ඉහළම සැලකුම් ලබමු·

මාක්‌ස්‌ ගේ "Reflections of a Youth on Choosing an Occupation", නම් ලේඛනයෙන් උපුටා අවධාරණය කළ පරිදි ගෞරවනීයත්වයෙන් තොර වෘත්තියක්‌ විසින් අපව අපේ උගත්කම්වලට නොසරිලන සේ පහතට ඇද දමනු ලැබ තිබේ. මෙවන් වැටුපක්‌ ලබමින් සියලු ඇදුරනට සිය විදුලි බිල්, වතුර බිල් ගෙවීමටද, දරුවන් පාසලට දැමීමටද, කුමක්‌ හෝ වාහනයක්‌ ගමන් බිමන් සඳහා යොදා ගැනීමටද සිදුවේ. ඇතැම් රාජ්‍ය හා එසේ නොවන උත්සව, සම්මන්ත්‍රණවලදී, ලැබෙන ආරාධනා සඳහා අපේම ඉන්ධන වැයකරමින් අනන්ත, අප්‍රමාණ ගමන් බිමන් ගොස්‌ ඇත්තෙමු. අපට ඉන්ධන වියදම් දෙන්නෝ නැත්තාහ. The Mysterious Universe නම් ග්‍රන්ථයේ කර්තෘ Sir Games Jenas මෙසේ කියා තිබේ. "කටමැත දෙඩීමට මිනිසා බොහෝ කැමතිය. එසේ කළ විට එහි වැදගැම්මක්‌ ඇති දෙයක්‌ නැති බැවින් වගකීමක්‌ද නැත. ගැඹුරු හා ස්‌ථිරසාර කථා කරන මිනිසුන්ගෙන් පමණි මිහිතලයට යහපතක්‌ සිදුව ඇත්තේ".

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරම්භක කුලපති වූ සර් අයිවර් ජෙනිංග්ස්‌ ලියූ ,"The Kandy Road" කෘතියේ තැනක මෙසේ දක්‌වයි.
"The autonomy or essential independence of a University community is not an end in itself.It involves the gurantee and the protection of the freedom to think,speak,read and write".

එහි සරල අරුත වන්නේ, "සරසවි ප්‍රජාවක්‌ සතු අවශ්‍යතම බලය හෝ ශක්‌තිය එතෙකින් නිමාවට නොයයි. (එහි වූ ඉදිකිරීම් පද්ධතියට සමගාමීව) ඔවුනට නිදහසේ සිතන්නට, කථා කරන්නට, කියවන්නට හා ලියන්නට ඇති අයිතිය හා වගකීම ආරක්‍ෂාවීමද ඊට ඇතුළත්ය.

විශ්වවිද්‍යාල සමාජයෙහි වූ බුද්ධි සංස්‌කෘතිය, කිසිවකුගේ බලයකට වැරදි අර්ථ දීමකට හෝ තර්ජනයකට යටපත් විය යුත්තක්‌ නොවේ. අවශ්‍යතන්හි වැදගත් සම්පත් දායකත්වයක්‌ සේ එහි ශක්‌තිය අවංකව යොදා ගැනීම රජයකද වගකීම වේ. විශ්වවිද්‍යාල සංස්‌කෘතියක ඇති ස්‌වාධීන බව සටහන් කරන ලද්දේ විදේශික උගතකු විසිනි. ඒත් අපේ රටේ ඇතැම් බලවේග, එහි වූ ස්‌වාධීන බව අකාමකා දැමීමට කටයුතු කළහොත් සිදුවන්නේ, මාකට්‌ සංස්‌කෘතියක්‌ බිහිවීමය. රටක තාක්‍ෂණය හා මානව ශාස්‌ත්‍ර හා සෞන්දර්යය සමබර විය යුතුය. මානව ශාස්‌ත්‍ර භාෂා, දර්ශන වලින් එක්‌වරම වෙළෙඳපළ වටිනාකම් සෙවිය යුතු නැත. එබඳු විෂයයන්ගෙන් ඉතා සුගැඹුරු හා බහුශ්‍රැත ඥන සම්පත් බිහිකිරීම සිදුවේ. එහි ඵලප්‍රයෝජනය දීර්ඝ කාලීන වේ, අදූර දර්ශී ඇතැමුන් විසින් රටක උගතුන් හා බද්ධ සංස්‌කෘතිය හෑල්ලු කරන විට, ඊට පහළින් සිටින සියලු අසංස්‌කෘත බලවේග උඩපනිමින් ඊට පහරදෙනු ඇත.

සරසවි ඇදුරෙකුගේ වාහනයක්‌, යම් හෙයිකින් අධිවේගයෙන් යන දේශපාලන මැරයකුගේ වාහනයක යාන්තම් ගැටුනොත්, (වරද මැරයාගේ වුවද) අපහසුවට පත්වන්නේ ඇදුරාය. ඕනෑම හීලෑ මස්‌කන වර්ගයේ සතෙකුට මිනීකෑමට ඉගැන්විය හැකිය.

උගතකු අතින් මානුෂික වැරදි සිදුවිය හැකිය. මන්ද ඔහු පෘථග්ජන බැවිනි. මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණද මේ කරුණට සාක්‍ෂි දරයි. ඕනෑම උගතෙකුගේ පෞද්ගලික ජීවිතයේ ගැටලු පැවතිය හැකිය. ඔහුට ආදරය, ප්‍රේමය සම්බන්ධ අත්වැරදි පැවතිය හැකිය. එබඳු මානෂික දුබලකමකදී වුවද උගතා, ඊට පහළ නූගත්, අවස්‌ථාවාදී, බලකාමී මැරයකුගේ තත්ත්වයට පත් නොවේ. කෝපයකදී, ශෝකයකදී මානුෂික හැඟීම් මත පිහිටා සිටියද උගත්කම නමැති ශික්‍ෂණය, මේ රටේ අන් සියලු ශික්‍ෂණ ක්‍රම අභිබවා ඉදිරියෙන් සිටී.

උගතුන්ගේ සංස්‌කෘතිය හෑල්ලු කරන, කටට ආවක්‌ම කියන ඕනෑම අයෙකුට කාරුණිකව සිතා බැලිය යුතු කරුණක්‌ වේ. තමන් මොනතරම් අවස්‌ථාවාදී වුවද, තම දරුවන් වඩා උගත් වඩා උසස්‌ වඩා ශික්‍ෂිත අයවළුන් කිරීම ඔවුන්ගේ අවංක ප්‍රාර්ථනය විය හැකිය. එවන් දරුවෙකුට සරසවියට පැමිණීමට සිදුවනු ඇත. එවිට ඔවුනට ශිල්ප දිය යුතු වන්නේ අර ඇදුරන්ටමය. ගුරු යනු ලෝකය පාලනය කරන්නා යන අදහස එක්‌ ශ්ලෝකයක ඇත. "ග" කාරාඋච්‍යතෙ විෂ්ණුඃ" ගුරු යන්නෙහි "ග" අකුරින් ලොව පාලනය කරන විෂ්ණු හැඳින්වෙයි. ලොව පාලනය කරන්නාට පහර දුන්විට ලෝකයේ ආධ්‍යාත්මික පැවැත්ම විනාශ වේ.

ආචාර්ය සාලිය කුලරත්න
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

Friday, June 10, 2011

කබර මාලැ තෝරා පෙති ලෙස

කබර මාලැ තෝරා පෙති ලෙස












සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී කම්කරු හා වැඩ කරන ජනතාවට රු. 10000/
කින් පඩි වැඩි කිරීමේ පොරොන්දුව බොරුවක් බව කියා පාමින් තමන් ඇත්තටම රු. 2500/-දෙන බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පොරොන්දු විය. දැනටමත් U –Tube වල  දක්නට ඇති පරිදි ‍‍මං ඔය බොරු කියන්නෙ නෑ හාමුදුරුවනේවේදිකාවේ සිටින හාමුදුරුවන් දෙස බලා  කියමින් මං කියන දේ කරන, කරන දේ කියන  නායකයෙ ක් ලෙස තම කථාව අවසන් කළේ අත් පුඩියකට අවශ් ප්රමාණයකට කටහඬ උස්සමින් . රු. 2500/- අද වන තුරු අය වැය දෙකක් පසුවුවද, කිසිම ‍ෙ කනකුට ලැබුනේ නැත චන්ද්රිකා පාලන කාලය තුළ කම්කරු ඇමති ලෙස ගෙන කම්කරු ප්රඥ්ප්තිය ගැන  මහින්ද ගෙන් අද  ඇසුවොත් ඒවා සොයා ගැනීමට පුරා විද්යා කැනීම් කිරීමට තරම්ම ලෙස ඒවා අමතකව ගොස් ඇත. සියල්ල පසෙක තබා කම්කරුවන් වෙනුවෙන් වූ මැයි දිනයබෑන් කී මූන් දිනයක්කර ගත් මහින්ද රාජපක්ෂ රජය හදිසියෙන්ම විශ්රාම වැටුප් පනතක් ඉදිරිපත් කරමින් කුමන අභියෝග පැමිණිය කම්කරු ජනතාව වෙනුවෙන් එය ක්රියාත්මක කරන බව සපථ කරමින් සිටයේය. සෑම රජයක්ම මැයි දිනවලට  සුපුරුදු  ලෙස ... බස් රථවලින් 10-15 දෙනා ගානේ ගෙන්වා ගත් බස් ජනතාව අතර පුද්ගලික අංශයේ සේවක සේවිකාවන් සිටීම දක්නට ලැබුණි. ඔවුන්ද  මහින්ද රාජපක්ෂගේ  විශ්රාම වැටුප් කථාව, මැයි දින යෝජනාවක් ලෙස කළ ප්රකාශය ගැන 100% ක්ම විශෟවාස කළ ලේ රට බේරා ගත් නායකයා ජනතාවට සෙතක් ශාන්තියක්  නොකර සිටිනවා යැයි සිතීම අමාරු වූ බැවිනි. 2006 සට 2009 දක්වා ලංකාවේ සිවිල් යුද්ධය සඳහා වියදම් වූ මුදල රු. කෝටි 65000ක් ලෙස දක්වා තිබුණි. මේ වන විට යුද්ධය අවසන් වී අවු. 02 ක් පසු වී ඇතිවද යුධ වියදම වෙනත් වියදම් සඳහා යොදවා ඉන් ජනයාට අංශු මාත්රයක හෝ ප්රතිලාභයක් ලැබෙන බවට අනාගතයෙන්වත් ඉඟියක් නැති විටක පුද්ගලික අංශ විශ්රාම වැටුප් ලහි ලහියේ ගෙන ඒම ගැන කම්කරුවන්  තමනට සුගතියක් නොකරන ආණ්ඩුව ගැන සැක පහළ කර ගන්නේය.එයට දැක් වූ විරෝධයට ඉන්පසු පොලීසිය ලවා පහර දී  වෙඩි තබා නාමල් රාජපක්ෂගේ වයසේ පසු වූ තරුණයෙක්ව ආඩම්බරකාර තාත්තා විසින් තමා අණදෙන සේනිධිපති ලෙස පොලිසිය ලවා වෙඩි තබා මරා දැමූහ. වැරැද්ද වසා ගැනීමේ ක්රියාමාර්ගය වූයේ ලංකා ඉතිහාසයේ මුල්වරට තම රාජකාරියේ වගකීම පිළිබඳ අර්ථයෙන් පොලිස්පති  විශ්රාම ගැන්වීමයිවෙඩි තැබූ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට පත් කිරීමත්ය. බැලූ බැල්මට යහපත් ලෙස පෙනුණද අවිශ්වාසය ඥානය පහලවීමට සම්බන්ධ කරුණක් ලෙස ගැනීමේ දී උසාවිවලින් වැරදි කර  හා මිනීමරුවන් ලෙස ඔප්පු වූ බොහෝ දෙනෙක් ජනාධිපති සමා යටතේ නිදහස ලබා තිබීම නිසා පොලිස්පති සිද්ධිය යහපත් ක්රියාවක් ලෙස භාර ගැනිමට සිත පෙළඹෙන්නේම නැත. උතුරේ සිවිල් යුද්ධයේ දී අවසන් දින කීපය තුළ සිවිල් වැසියන් ඝාතනය කිරීම ගැන පරික්ෂණයක් පැවැත්වීම ගැන කතා කිරීමට  ලෙහෙසියෙන්අධිරාජ්යවාදියෙකු හෝ දේශ ද්රෝහියෙකු ඩොලර් කාක්කෙක් ලෙස නම් වී ඇති නිසා  කම්කරුවන්ට පහර දුන් වෙඩි තැබූ අය රණවිරු ගානට උස්සා නොතැබුවේ මන්දැයි යන්න සැකයක් ඇතිවේ.
                වාමාංශිකයන්ට වහ කදුරු වී ඇති .ජා.. යේ පාලන කාලය = මේ දක්වා 1980 දී එක් කම්කරුවෙක් පමණක් වෙඩි තබා මරා දැමූ විට වාමංශිකයින් උදව් කළ හා ඇමතිකම් දරණ ප්රගතිශීලී අධීරාජ් විරෝධි, දේශ හිතෛශී ශ්රී..නි.. අනුබද්ධිත පාලක රෙජීමයන් විසින් චන්ද්රිකා පාලනය ඇග්සන් ලංකා ඇතුළු නිදහස් වෙළ කලාපය තුළ මේ වන විට කම්කරුවන් තිදෙනෙකු මරා දමා ඇත. 1980 ගැටුමේ දී පොලිස් අත්අඩංගුවට බලෙන් පත් වූ වාසුදේව නානායක්කාර සහෝදරයා මෙම අරගලයේ දී කම්කරුවන් පොලිස් අත්අඩංගුවට බලහත්කාරයෙන් පත් වූ බව නායක්කාරවංශිකයෙකු වෙමින්  පවසා තිබුණි.
                ආණ්ඩුව අවසානයේ දී  හත් පොළේ ගා ගත් බළලා මෙන් දඟලමින් මේ දිනවල ස්වාධීන කම්කරුවන් විසින් කළ අරගලය .වි.පෙ. උසි ගැන්වීමක් ලෙස සඳහන් කරමින් ප්රකාශ නිකුත් කරත් දී අසිත තවුසාගේ භුමිකාව අපට රඟපෑමට සිදු වී ඇත්තේ වරෙක සිනාසෙමින් හා තවත් වරෙක අඬමින්ය. 1988 -89 යනු 2003 පෙර ඵන්නක් බව (.වි.පෙ. සමඟ පරිවාස ආණ්ඩුව  සැදැ වර්ෂ්‍ක්) බව කුඩා ළමුන්ද දන්නා කරුණකි. .වි.පෙ. සමඟ පරිවාස ආණ්ඩුව සාදා මන්ත්රීකම් 42 ක් වෙනුයවන්  මනාප ලැබුනත් ශ්රී..නි..යට නැවත 88-89 .වි.පෙ. ක්රියාකාරකම් මතක් වී ඇත. 88-89 භීෂණ යුගය තුළ ඊනියා දේශ ප්රේමයට කඩේ යෑමට සෑදී පැහැදී සිටී. ශ්රි..නි.පක්ෂය  .ජා.. යට එරෙහිව .වි.පෙ. සීමාන්තික ත්රස්තවාදී ක්රියාකාරකම්වලට අනුබලයක් විය.  වැස්මට අවශ් තුණ්ඩු කෑලි ඇතුළු ජිනීවා දක්වා ගොස් කේලම් කීමට මහින්ද හා වාසුදේව ක්රියා කළේය. යූ.ඇන්.පි. පැරදවීමට .වි.පෙ. ත්රස්තවාදයට උදව් කළ වර්තමාන ශ්රි..නි. අංශක 180 කින් හැරී සන්ධාන ආණ්ඩුවක පැවති ඇමතිකම්ද .වි.පෙ. පුදා නැවත 2011 දී 88-89 මතක් කරවිම අපට නම් නව දොරටුවලින් පමණක් නොව තවත් එවැනි දොරටු කීපයක් විවෘත කරවාගෙන සිනාසීමට තරම්ම කරුණකි. ඇඩීමට සිදුවන්නේ  කුපිත වී පරාජිත වී සිටිනවා යැයි කියන .වි.පෙ. මෙවැනි අරගලයක් මෙහෙයවීම කියන ලේබලය නිසා ස්වාධීනව සංවිධානය වූ කම්කරුවන්ට  ආණ්ඩුව අපහාසයක් කරන බැවිනි.
රොෂේන් ගේ සහෝදරයාගේ ප්රකාශවල ඇති ආණ්ඩුවේ මවුත් පීස් එකට විරෝධය පළ කරමින් රොෂේන්  තරුණ කම්කරු සහෝදරයා ඔහුගේ පියා පවසන ලෙස පුතා වීරයෙක් ලෙස ඔහුට දැනෙන හැඟීම ගැන වඩා සංවේදී වෙමින් අප,
විජේවීර විසින් 71 අරගලය ගැන සිරිමා බණ්ඩාරනායක ඇතුළු ශ්රි..නි..යට දුන් පිළීතුරකින් මෙය අවසන් කිරීමට සිත්විය.
බණ්ඩාරනායක නෝන කියනව තරුණ ජීවිත 10000ක් විජේවීර බිලි දුන්නා කියල. මං අහනව දුන්න නමි ,ඔයා ඇයි ඵ් බිලි ගත්තෙ කියලා.”
ආණ්ඩුව කියනව .වි.පෙ. බිලි දුන්න කියලා. එහෙම නම් ඇයි ආණ්ඩුව බිලි ගත්තේ.


 මැක් පෙරේරා