Friday, October 29, 2010

සියැටල්

උඹ හිටියෙ නැහැ වෙන්න පුළුවනි
දැන් මේ අපේ ගේ
අපි හැදූ ගේ
ඉඩ දෙන්න බෑ 
සිවිලිම උඩවත්

‘කා එක්කද කතා කරන්නෙ?’
‘තල‍ගොයෙක්  මෙහෙලු හිටියෙ.’


-         සමර විජේසිංහ.

කවියක්................

උපත් කරුමෙට දොළොස් මාසය
            ගෙවන සා ගින්දරට පෙම් බැඳ
දොරෙන් වහලෙන් හිරුගෙ සරදම්
            සිනා ගෙට එන පැලක පින් ම්‍ඳ
අහිංසක දරු පවුලකට හිමි
            කුවෙර පාලන උරුමයෙන් ලද
දකින්නට දුක නැතොත් කවි ඇස
            අතට නොගනිව් ලියන පන්හිඳ


-         ජී. මලල්ගොඩ

සටහන.................


ප්‍රභාකරන්ගේ මරණයෙන් ඉනික්බිතිව ලංකාවේ දේශපාලනය තුළ දිගු කලක් පැවති සන්දර්භයන් මුළුමනින්ම වෙනස් වුණා. එය සුවි‍ශේෂී හැරවුම් ලක්ෂ්‍යක්. යුද්ධයෙන් පීඩාවට පත් උතුරේත් දකුණේත් ජනතාව නිදහසේ හුස්ම ගත හැකි පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී ඉඩ කඩ සහිත සමාජයක්, අළුත් ලෝකයක් අපේක්ෂා කළා. වසරක් ඇවෑමෙන් අද වන විට ජනතාව මූලධර්මවාදී අගති සහගත දේශපාලනයක කටුක ප්‍රතිඵල අත් විඳිමින් සිටිනවා. ජීවන වියදම අහස උසට ඉහළ නගිද්දී පාලකයින් ‘ආශ්චර්යයක්’ ගැන කතා කරනවා. ඉකුත් මාසය තුළ පාන් පිටි මිළ දෙවෙනි වතාවටත් ඉහළ ගියා. දුප්පත්කම, මන්දපෝෂණය, උග්‍ර වෙමින් පවතිනවා. අද ලංකාව මැද පන්තියේ මිනිසුන් පවා රාත්‍රියේ නිරාහාරව නින්දට යන රටක්. මුදල් නොමැති අයට ආහාර, බේත් හේත් පවා නොලැ‍බෙන රටක්. ඩෙංගු වසංගතයෙන් පමණක් සිදු වූ මරණ සංඛ්‍යාව 22% ක්. එය පාලනය කරන්න රජය අපොහොසත් වුණා.

           

සිසුන්ගේ හඬ අයුක්ති සහගත ද?

2010 ඔක්තෝම්බර් 26 වෙනිදා මෙරට ජනමාධ්‍යවල ප්‍රමුඛ ප්‍රවෘත්ති සිරස්තල කිහිපයක් මෙසේය.

‘විශ්ව විද්‍යාල පද්ධතිය අකර්මණ්‍ය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා......’
-         ජනාධිපති මහින්ද රාජපක්ෂ.
 ‘අන්තවාදීන්ගෙන් ළමයි බේරා ගන්න....’
-         ඇමති අනුර යාපා.
 ‘කැලණි විශ්ව විද්‍යාලයේ පිරිමි නේවාසිකාගාරයේ 300 ක් ඉවත් කිරීමට අධිකරණ නියෝගයක් ලබා ගත්තා......’
-         පොලිස් මාධ්‍ය ප්‍රකාශක
 ‘මේ හැම දෙයක්ම කරන්නේ ජ.වි.පෙ. අන්තරය කියන නීති    විරෝධී සංවිධානයයි....’
-         උසස් අධ්‍යාපන ඇමති එස්.බී.

සැබෑ ලෙසම මේ මොහොතේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිදුවන්නේ කුමක්ද?හදිසියේම සරසවි ශිෂ්‍ය ප්‍රශ්න මහපාරට ආවේ කොහොමද වත්මන් ජනාධිපතිවරයා පසුගිය ජනාධිපතිවරණයේ දී කිව්වේ නිදහස් අධ්‍යාපනය රකිනවා කියලයි.මැතිවරණ ප්‍රකාශවල තිබුණෙත් එහෙමයි.අපට බලය දෙන්න.අපි බලයට ඇවිත් පුද්ගලික විශ්ව විද්‍යාල අරිනවා කියල මේ ආණ්ඩුවේ කිසිම නියෝජිතයෙක් කීවේ නෑ. නමුත් බලයට ඇවිත් සති දෙකක් යන්න කලින් උසස් අධ්‍යාපන ඇමති එස්.බී.දිසානායක මහතා ප්‍රකාශ කළා,පෞද්ගලිකවිශ්ව විද්‍යාල 6 ක් අරින බව.රජය මෙහෙමකියන ගමන් වසරක් පාසා ලංකාවේ පාසැල් අධ්‍යාපනයට වෙන් කළ මුදල කප්පාදු කළා.

Thursday, October 28, 2010

සරුංගල් හැන්දෑව

නයි
මොණරු
නොපැටලී
එක ළග
ආකාහේ

මුගටි විතරයි
අඩු
ඒ ආකහෙට.......


                        - ජගත් රණතුංග

Tuesday, October 26, 2010

සියළු කියමන් කිය වී හමාරය. සියළු ලියවිලි ලිය වී හමාරය. ඉතිරිව ඇත්තේ ඒවා ක්‍රියාත්මක කිරීම පමණකි.

අප ගැන..........................
තරුණ වියේ දී ඔබ විප්ලවවාදියෙන් නොවන්නේ නම් ඔබගෙන් වැඩක් නැත. එමෙන්ම මැදි වියේ දී ඔබ එය අත් නොහරින්නේ නම් ද ඔබගෙන් වැඩක් නැත. මෙහි, ඇරිස්ටෝටල්ගේ දෙවන අදහසට අපි  එකඟ නොවෙමු  හුදෙකලා නිර්මාණයක් නොවන, සමාජ නිර්මිතයක් වන මිනිසා, නිෂ්පාදනයේ දී හා නිර්මාණකරණයේ දී එය හරහා තමන් තමන්වම නැවත ප්‍රතිනිර්මාණය කර ගන්නා බව අපි විශ්වාස කරමු.

            සිහින මිය යමින් පවතින යුගයක් ජීවත්වන අප, පැවති හා පවතින සමාජ සංස්කෘතික අදහස් ගලපා ගන්නේ කෙසේද? සමාජයේ පරිවර්තනීය වෙනසක් ඇති කළ හැකි නව මානයක් විවරකර ගන්නේ කෙසේද? ඒ සඳහා භාවිතයන්ට මඟ පෙන්වන න්‍යායන්ගෙන් පෝෂණය වීමට කැමති අපි "ක්‍රියාව" කෙරෙහි විශ්වාසය තබමු. සාධාරණත්වය, යුක්තිය හා සමානාත්මතාවය උදෙසා යන ගමනේදී ඔබත් මමත් එක්ව පියනැගීම සඳහා  ය.  
අහස් ගඟ......! !

සිංදුවක්......

දවසක්දා කකුළුවෙකුට මොනවද හිතිලා
කෙලින් යන්න ටියුෂන් දෙන පන්තියකට ගියා
මාස හයක් පාඩම් වැඩ තැපෑලෙන් කළා
කෙලින් යාමේ උපාධියෙන් ඉහළින් ගොඩ වුණා.

හරි තේජස් මැද කකුළු කොලුවා කෙලින් ගමන් ගියේ
ඇයි වදේ වැරදියට යන්නේ කවුරුත් විමසුවේ
නැහැ සීයේ මේක නියම ගමන තමයි අපේ රැහේ
ඌ කිව්වා නමුත් කවුරුත් නැහැ කෙලින් ගමන් කළේ

ටික කලක් කකුළු කොලුවා ඔහොම කෙලින් ගමන්කළා
මූ අංග විකල කකුළුවෙකුයි සැවොම විහිළු කළා
මේ සැවොම ඇදට යනවා නම් මටත් මොකෝ කියා
සහතිකය ඉරා දමා ඌත් පරණ ගමන ගියා.

පද රචනය  - ප්‍රේමකීර්ති ද අල්විස්
ගායනය - ‍‍ෆ්‍රෙඩී සිල්වා.  

Thursday, October 21, 2010

ආශ්චර්යමත් සංවර්ධනයේ නාමයෙන් දුප්පතුන් අනාථ කොට පළවා හැරීම

 
        කොළඹ නගරයේ පදිංචිව සිටින අනවසර පදිංචිකරැවන් යැයි කියන 60.000 පමණ පිරිසකට නගරයෙන් පිටස්තර නිවාස තනා දීමට අදහස් කරන බව කියැවේ.මේත් සමග කියැවුණු තවත් පුවතක් වූයේ,කොළඹ මහ නගර සභාව විසුරැවා හැරීමටත් එය ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ,ඒක පුද්ගල අධිකාරියක් බවට පත් කිරීමට අදහස් කරන බවත් ය.එහෙත් ටික දිනකින් පසුව අධිකාරිය පිළිබද එබදු අදහසක් නැතැයි ද කියැවිණ.මේ දෑ පිළිබදව සත්‍යය කුමක් ද?යන්න විසදා ගැනීමට මෙහි සුලමුල සොයා බැලිය යුතු ය.
Run "පිල්ලේ" Run
නිරායුධ පොලිස් භටයන් 600 ක් මරා දැමීම ගැන සමාව ගත යුත්තේ එවකට නැ‍ගෙනහිර භාරව සිටි L.T.T.E. යේ කරුණා බව පිල්ලෙයාන් පවසයි.

-          පුවතක් -


තමා එවකට අවු. 16 ක පොඩි කොලුවෙක්ව සිටි බවත්, එහෙත් තමන්ද L.T.T.E. යට සම්බන්ධ වූයේ එවකට රජයේ හමුදා විසින් උතුරේ තරුණයන්ට කළ අඩත්තේට්ටම් හා මර්දනයන් නිසා බව ද ඔහු වැඩි   දුරටත් පැවසී ය.

පොලිස් භටයන් මරා දැමීම ගැන කරුණා සමාව ගත යුතු නම්, උතුරේ තරුණයන් මරා දැමීම ගැන කවුරු කාගෙන් සමාව ගත යුත්තේ ද යන්න බව පිල්ලෙයාන් නොකීමට වග බලා ගත්තේ ඒ හරහා ආණ්ඩුවලට ගහනවාට වඩා තමාගේ ආසන්න සතුරාට පහර දීම වඩා හො යැයි වැඩිහිටි පිල්ලෙයාන් හිතූ නිසා ද?