Sunday, March 27, 2011

ගඩාපිගේ මානව හිමිකම් සහ ඇමෙරිකාවේ Human Right


 මැද පෙරදිග ඇති වී තිබෙන අර්බුදය ගැන සාකච්ඡා කිරීමට සංවිධානය කර තිබූ දේශන දෙකකින් එකක මාතෘකාව වුනේ අධිරාජ්‍ය විරෝධි පාලකයන් ඒකාධිපතියන් වීම අනිවාර්යක් ද  යන්නයි. එම දේශනය සඳහා පැමිණි වික්‍රමබාහු කරුණාරත්න මහතා ඊට දින කිහිපයකට පෙර ලිබියානු තානාපති කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතා ව්‍යාපාරයකටද සම්බන්ධ වෙමින් මාධ්‍ය වෙනුවෙන් අදහස්  දැක්වූවෙක් ද විය. ලිබියානු නායක ගඩාපිගේ වත්කම්වලින් බොහෝ ප්‍රමාණයක් ඇමෙරිකානු බැංකුවල තිබීම ගැන ද එම මහතා අදහස් දක්වා සිටියේය. පැරණි වමේ බොහෝ අය රාජපක්ෂ ආණ්ඩුවේ මැති ඇමතිකම් දරන බැවින් රාජපක්ෂ රෙජීමය ලිබියානු  නායකයාව දේශපාලනිකව හා පෞද්ගලිකවත් භාර ගන්නා බැවින්  වාමාංශිකයන්ට ද එම පාරේ ගමන් කිරීමට සිදුවිය. ඊට  අමතරව අධිරාජ්‍ය විරෝධියෙකු වූ පමණින් ගඩාපි සාධනීයව භාර ගන්නන් බවට ද ඔවුන් පත් වී සිටිය හ. 88-89 සිවිල් කැරැල්ලක් ලෙස සන්නද්ධ ත්‍රස්තවාදයක් තුළ ද කටයුතු කළ ජ.වි.පෙ. එවකට පැවති යූ.ඇන්. පී. රජය විසින් කළ මර්ධනය ද හෙලා දැක් වූ වර්තමාන පාලකයන් හා එයට සම්බන්ධ වාමාංශිකයන් පොදු ජන නැගීමක් ලෙස ලිබියාවේ පැන නැඟුණ සාමකාමී විරෝධයට ගඩාපි රජය විසින් ගුවන් යානා යොදාගනිමින් තම රට තුළ කළ සිවිල් වැසි ඝාතනය හෙළා දැක්කේ නැත. ඒ වෙනුවට ඔවුන් ලිබියාවට පවන් සලමින් කටයුතු කළ හ. සාමකාමී ලෙස ඇදී ගිය ජනයාගේ සිවිල් හා මානව හිමිකම් ගැන කිසිදු සඳහනක් නොකළ ලෝකය පුරාම සිටි ජනතාවට එරෙහි පාලකයින් ගඩාපිගේ පිල නියෝජනය කළහ. සුන්නි සහ ෂියා ලෙස ද අධිරාජ්‍යවාදී හා අධිරාජ්‍ය විරෝධී ලෙසද, වම සහ දකුණ ලෙස ද පෙරදිග හා අපරදිග ලෙස ද  වර්ග ජාති ආගම් පිල් ලෙස බෙදුණු පාලකයින්ගේ දෘෂ්ටිවාදය තුළ හිර වූ ජනයා ද ගඩාපි පාලනයේ ජනතා මර්ධනයට  විවිධ අයුරින් ප්‍රතිචාර දැක්වූහ. අධිරාජ්‍යවාදීන්ට පමණක් වියුක්තව විරෝධය දක්වන්නන්, ගඩාපි පාලනය විසින් ජන ඝාතන අවි වලින් තමන්ගෙම ජනතාවක් මරා දමන විට මුනිවත රැක ගත්හ. තම තමන්ගේ රටවලද නිරායුධ ජනයා තොග පිටින් මරා දැමුණු ටිබෙටය ආක්‍රමණය කළ චීනයත් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළ රුසියාවත් එක පිලකට වී කටයුතු කරත්දී පෝක්ලන්තය, ඉරාකය ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළ බ්‍රිතාන්‍යයන් ලෝකය පුරා යුධ හා න්‍යෂටික කඳවුරු පවත්වාගෙන යන ඉරාකය හා ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළ ඇමරිකාවත් එක පිලකට වී ඇත.

            ගඩාපි විසින් තම රටේ ජනතාව මරා දමන විට මානව හිමිකම් ගැන කිසිදු සඳහනක් නොකර මානව හිමිකම් යනු බටහිර සංකල්පයක් බවට බණ දෙසූ දිවයින පුවත්පතේ කීර්ති වර්ණකුලසූරිය නැමති අංශභාගීයා (එක පැත්තක මනව හිමිකම් ගැන පමණක් කථාකිරීම) විසින් ඇමෙරිකාව විසින් ලිබියාවට පහර දෙන විට බටහිර මාධ්‍ය මානව හිමිකම් ගැන දක්වන නිහඩත්වය ගැන ප්‍රශ්ණ කරයි. ඒ අනුව යමින් මේ වන විට බොහෝ දෙනා ලිබියාවට පහර දීම ගැන අංශභාගී නිවේදන ප්‍රතිචාර, විරෝධතා සඳහා සූදානම් වනු ඇත. තමන්ගේ පාලකයින් තම රටේ ජනතාව ඝාතනය කිරීම අභ්‍යන්තර ප්‍රශ්නයක් වන විට පිටරටකින් එම ප්‍රශ්නය ආශ්‍රයෙන් මැදිහත්වීම නිසා බාහිර ප්‍රශ්නයකින් මැරෙන ජනතාවක් බවට පත්වේ. අභ්‍යන්තර මරා දැමීම මානව හිමිකම් කොටසට අදාල නොවන විට බාහිර ප්‍රශ්නය  Human Right වලට අදාල කර ගත හැකිය. මේ දෙකෙන්ම මැරෙන්නේ මිනිසුන් නිසා Human Right හෝ මානව හිමිකම් මරණ ලෙස වර්ග නොවන්නේ ඒ කෙසේ වෙතත් නිරායුධ මිනිසුන් ඝාතනය කිරීම කිසිදු පාලකයෙකුට දෙවියන් දුන් වරමක් හෝ කිසිදු සදාචාර නීතියකට හෝ එය එකඟ නොවන නිසාය.

            ලිබියානු තානාපති කාර්යාලය ඉදිරිපිට ගඩාපිගේ ජනඝාතන ප්‍රහාරවලට විරුද්ධ වූවන්ට තවත් අවස්ථාවක් ලැබී ඇත. එනම් ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටට ද ගොස් දක්වන විරෝධතාවයකටය.  අංශභාග විරෝධතා වෙනුවට කවුරුන් කෙසේ කොහොම කුමන අරමුණකට කොතනකදී හෝ සිදු කරන මිනිස් හිමිකම් උල්ලංඝනය හා ජනඝාතනවලට විරුද්ධවීම සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ සැබෑ ක්‍රියාවක් වනු ඇත්තේ එවිටය.

    

   

Thursday, March 24, 2011

"විදූ" නොදුටු 'විදු' ලා...... (1 කොටස)

පසුගිය දිනක පල වූ පුවතකින් කියවුනේ මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි හිටපු LTTE කාඩර්වරියන් 374 දෙනෙකුගෙන් 270 දෙනෙකු සමත්වී දෙදෙනෙකු වෛද්ය විද්යාල  සුදුසුකම් ලබා  44 දෙනෙකු විශ්ව විද්යාල සඳහා සුදුසු කම් ලබා ඇති බවය. එම පුවතට පසු වදනක් ලියන වාර්තාකරුවාම ප්රකාශ කොට තිබුනේ වැරදි මාවත් වෙනුවට නිවැරදි මාවත තුළින් ජීවිතය ජය ගැනීම සඳහා ඔවුන් උත්සුක වී ඇති බවය. අප අත්දැකීමෙන් දන්නා පරිදි මෙතරම් කරදර තිබිය දී අපහසු තත්වයන් යටතේ විභාග සමත් වූ මොවුන් අන් අයට වඩා සුවිශේෂ දක්ෂතාවයන්ගෙන් හෙබි අය ලෙසින් සමාජය තුළ සම්භාවනාවට ලක්වනු ඇත.
   
  
ස්වභාවික ඉතිහාසය තුළින් මිනිස් ඉතිහාසය වෙන් කිරීමත්, දෙවන ලෝක යුද්ධයෙන් පසුව පශ්චාත් කාර්මික සමාජයන් තුළින් වඩාත් තීව්ර වූ බුද්ධිමය ශ්රමයේ අති ප්රමුඛ භූමිකාවත් තුළ මුළු මහත් ලෝකය තුළම පිලිගන්නවා ඇති සහ පිලිගැනෙන නව ලිබරල්වාදී දෘෂ්ටිවාදයට අනුව මුලධර්මවාදී පිළිගැනීම වන්නේ, ඔබගේ දක්ෂතාවය අනුව දක්ෂතාවයේ හැකියාවන්ට නියම වී ඇති වටිනාකම් අනුව ඔබට සමාජයේ නිසි තැන ලැබෙනු ඇතැයි යන්නයි.

එනම් ඔබ වඩාත් දක්ෂ නම් ඔබට වඩාත් සැප පහසු ජීවිතයක්ද, (ධනවාදය තුළ පිලිගැනී ඇති දෘෂ්ටිවාදී ජීවිතයට අනුව) සමාජ වටිනාකම් සහ ඉහල පාරිභෝගික භාණ්ඩ අර්චනකාමී හැකියාවක්ද ලැබෙනු ඇතිය යන්නය. එම නිසා මෙම යුගය තුළ ක්රම විරෝධී වාමාංශික දේශපාලන ක්රියාකාරිත්වයක් නොමැත. වෙනුවට අති මහත් බහුතරය පිළිගෙන ඇති ඉහත හෙජමොනික දෘෂ්ටිවාදයට අනුව කිසිවෙකුට ක්රම විරෝධී සටනක අවශ්යතාවයක් නොමැති අතර ඇති මහත් බහුතරයේ පිළිගැනීම වන්නේ නව ලිබරල්වාදී සමාජය වඩාත් හොඳින් කළමනාකරණය කළ හැකි ආණ්ඩුවක් පිලිබඳවය. එවිට පුද්ගලයාට අදාළ ස්ථානය සමාජය තුළ හිමි කරගත හැකිය. යන්නයි. ධනවාදය වෙතින් එල්ලවන මෙම දෘෂ්ටිවාදී අභියෝගයට මාක්ස්වාදී න්යායික ව්යවහාරය නිසි අයුරින් මුහුණ දෙන බවක් නොපෙනේ. වෙනුවට ධනවාදය තුළ බිහිවී ඇති සියලු නිෂ්පාදන සහ නිෂ්පාදන බලවේගයන් මෙන්ම තුළ බිහිවී ඇති සියලු විද්යාවන් සහ තාක්ෂණයන් පිළිගනිමින් නිෂ්පාදන සබඳතා පමණක් අහෝසි කිරීම වෙනුවෙන් පමණක් පෙනී සිටින ඔවුන්,( බටහිර විද්යාව සහ ධනවාදය යනු දෙකක් නොව එකකි. එම විද්යාවන් තාක්ෂණයන් මෙන්ම සියලු නිෂ්පාදන සහ නිෂ්පාදන බලවේගයන් බිහිවන්නේද ඊට අදාල දෘෂ්ටිවාදයක් තුළ හෙයින් මේවා එකට සම්බන්ධවන ආකාරයන් එනම් නිෂ්පාදන සබඳතා පමණක් එසේ නොමැති නම් නිෂ්පාදන මාදිලිය පමණක් වෙනස් කරන්නේ කෙසේද යන ගැටලුව මොවුනට නැත.) ශ්රම විභාජනයේ ඉතිහාසය තුළ සිදු වූ සහ සිදුවෙමින් පවතින සියලු ආකාරයේ මිනිස් සහ සොබාදහම සුරාකෑම්, මර්ධනයන්, විඳවීම්, තුළින් ලෙයින් - යකඩින් ගොඩනගන ලද ශිෂ්ඨාචාරය තුළ අත් පත් කරගත් දෑ (නිෂ්පාදනයන්) මිනිස් ඉතිහාසය තුළ මිනිස් ජයග්රහණයන් ලෙස බාරගනී. එය තුළ මුලිකම ශ්රම විභජනය වන කායික සහ මානසික ශ්රම විභාජනයද පිළිගනී. අද්යතන මාක්ස්වාදී සංවාදය තුළ එය නිසි අයුරින් ප්රශ්න නොකරන තත්වයක් උද්ගත වී ඇත්තේ සමාජීයව විසඳිය යුතු ප්රශ්න වෙත විද්යාව සහ තාක්ෂණය මැදිහත් වීමෙන් විසඳුම් ( ජීවන ආකෘතීන් )ලබාදීම, වෙළඳපොල සහ ප්රචාරණය හරහා දෘෂ්ටිවාදීමය ලෙස සියලු දෙනා බාරගෙන ඇති තත්වයක් තුළය.

ධනවාදය තුළ දී එම අකාරයෙන් ලැබෙන විසඳුම් වෙතින් සිදුවන්නේ ප්රශ්න තවත් ප්රශ්න බවට පත්වී අවුල් වී නැවතත් ගුණාකාරමය ලෙස වැඩිවීම සහ නැවත සඳහාද විසඳුම් ආකාරයෙන්ම ඉදිරිපත්වීමකි. එනම් නිෂ්පාදනයන් පිළිගැනීම තුළ එම නිෂ්පාදනයන් විසින් ඇති කරන ලද කොනක් පොටක් බේරිය නොහැකි සමාජ පාරිසරික අවුල් ජාලාව තුල මිනිසුන් ස්ථානගතවී ඇති ආකාරයන්ද පිළිගැනීමට සිදුවේ. එවිට මෙම අවුල් ජාලය තුළ ඇතිවන ආහාර, ජලය, වාතය, සෞඛ්, පාරිසරික වැනි ප්රධාන ප්රශ්න වලට සහ අනෙකුත් සෑම සමාජ අර්බුදයකටමද විසඳුම් යෝජනා වන්නේ මෙම ශිෂ්ටාචාරය විසින් ගොඩනගන ලද නිෂ්පාදනය තුළමය. එම තත්වය අයුරින් පිළිගන්නේ නම් කායික සහ මානසික ශ්රම විභජනය පවත්වා ගැනීම අනිවාර්ය වේ. සමාජය ඉදිරියට වර්ධනය වනවාය යන්න පිළිගැනීම තුළ ( මෙම ඊනියා සමාජ සංවර්ධනය පිළිගැනීම යනු මුළු ඉතිහාසය සමග සංසන්දනය කළ විට ඉතා සුළු නිමේශයක් වැනි වසර සියයක පමණ ඉතිහාසය, එනම් ඊනියා කාර්මික විප්ලවයෙන් පසු ලෝක විනාශය කරා යන ගමනද පිළිගැනීමය.) මෙම තත්වයට විසඳුම් ලෙස බොහෝ බුද්ධිමතුන් යෝජනා කරන්නේ ආචාරධර්මීය විසඳුම්ය. එනම් කායික සහ මානසික ශ්රම විභජනය සත්යයක් ලෙස පිළිගත යුතු බවත්, කළ හැක්කේ ආර්ථික අසමානතාවය අහෝසි කිරීමත්, සමානාත්මතාවය පිළිගැනීමේ ආචාරධර්ම පද්ධතියක් ගොඩනැගීම තුලින් එම ශ්රමිකයන් දෙකොට්ඨාශයම සමානයන් ලෙස පිළිගැනීමත් බවය. එවිට එම ආචාරධර්ම පද්ධතිය ගොඩනගන්නේද  ඉහත සඳහන් බුද්ධිමතුන්මය.

මේ පිලිබඳ මාක්ස් මෙසේ සඳහන්කොට ඇත ශ්රම විභජනය සැබවින්ම එබන්දක් බවට පැමිනෙන්නේ, මානසික සහ කායික ශ්රමය අතර විභේදනය දිස් වන විට පමණි. (දෘෂ්ටිවාදීන්ගේ මුල් රුපකාරය වන පුජකයන් බිහිවීම මීට සමගාමීය) එතැන් පටන් ඉදිරියට, පවත්නා භාවිතය පිලිබඳව විඥානයට වඩා තමන් අන් යමක් බවට, සැබෑ යමක් නියෝජනය කිරීමෙන් තොරවම තමන් සැබවින්ම යමක් නියෝජනය කරන බවට විඥානයට සැබෑ ලෙසම තමන්වම පුම්බා ගැනීමට හැකිය. මෙතැන් පටන් විඥානය, ලෝකයෙන් තමන්වම ගලවා ගැනීමේ සහ ශුද්ධ න්යාය, දේව ධර්මය, දර්ශනය, ආචාරධර්මය නිර්මාණය කිරීමේ ස්ථාවරයක සිටී. (ජර්මන් දෘෂ්ටිවාදය )

කාර්මික ධනවාදයට පෙර සහ කාර්මික ධනවාදයේ මුල් යුගයන්හි පැවති ආකාරයේ, එනම් මාක්ස් පෙන්වා දුන් ආකාරයේ, සමාජ විප්ලවයේ ගාමක බලවේගය වන තම බඩවියත රැක ගැනීමට හා කම්කරු පන්තිය මිය  ගොස් වඳ නොවීමට අවශ් වැටුපක් පමණක් හිමි වූ අචල කම්කරු පන්තියක් අද නොමැත. වෙනුවට නිශ්චිත කාල වකවානුවක් තුළ පමණක් භෞතිකමය ලෙස පහල සමාජ පන්තිකයන් විය හැකි සහ තම බඩ වියත රැක ගැනීමට පමණක් නොවෙන, වෙනත් නිෂ්පාදනද මිලදී ගත හැකි ක්රය ශක්තියක් සහිත මෙන්ම ඔවුන්ගේ ඊළඟ පරපුරට තම පන්ති පදනම වෙනස් කර ගත හැකිය යන දෘෂ්ටිවාදීමය බලාපොරොත්තුව සහිත විවිධ ශ්රමික සමාජ පන්තීන් ඇත. ඔවුනගේ දුවා දරුවනට තම උපන් පන්ති පදනම වෙනස් කර ගත හැකි අවස්ථාව ප්රධාන වශයෙන්ම විවර වී ඇත්තේ අධ්යාපන ධාරාව තුලිනි. එම නිසා වහල් යුගයේ සැමදා වහලා වීම නිසාද වැඩවසම් යුගයේ සැමදා ප්රවෙනිදාසය වීම නිසාද අවශ් වූ සමාජ වෙනස වර්තමාන ධනවාදය තුල එම ආකාරයෙන් අවශ් නොවී ඇත්තා සේම සඳහා ඉදිරිපත්වන ගාමක බලවේගයක්ද නැත. විදු වැනි අන්ත දුගී දුප්පතුන් හැරුණු කොට මෙම යුගයේ අනෙකුත් අයට තම මුලික අවශ්යතා පිලිබඳ ප්රශ්නයක් නොමැත. සියලු දෙනා තමනට අදාළ මට්ටම් වල ඇති පාරිභෝගික බාණ්ඩ අර්චනකාමයේ අලී ගැලී සිටී.
    
              
ඉහත අප සඳහන් කළ නව ලිබරල්වාදී මුලධර්මය ලංකාව තුළ බහුතර පිළිගැනීමට ලක්වෙමින් තිබීම තුළ වර්ෂ 1994 පමණ පෙර නිෂ්පාදනය වූ ගනයේ ජනප්රිය චිත්රපට දැන් නිපදවෙන්නේ නැත. 70 දශකයේත්, පසුව ඊට මදක් වෙනස් ආරකින් 80 දශකයේ නිෂ්පාදනය වූ බොහෝ ජනප්රිය සිනමා පට තුළ මුඛ් තේමාව වී තිබුනේ සමාජ අසාධාරණත්වයට ලක්වී සිටින දුප්පත් එසේ නොමැතිනම් ලුම්පන් තරුණයාට පොහොසත් කෙල්ලෙකු සමග ඇති වන ආදර සම්බන්දයයි. මේවා තුළින් ගම් වුයේ සමානාත්මතාවය ලබාගැනීමට සමාජ බාධාවක් ඇති බව සහ සිනමා පටය තුල බහුතර ප්රේක්ෂකයා නියෝජනය කරන කතා නායකයා සමාජ බාධාව මග හරිමින් ආදරය තුළින් තම පන්ති අසමානත්වය සමනය කර ගැනීමයි. 87-89 . වි. පෙ. අරගලය පරාජය වීමත් සමග මෙවැනි චිත්රපට ක්රමයෙන් අභාවයට යන ලදී.

 
විදු සිනමා පටය තුළ ප්රාදේශීය දේශපාලඥයා විසින් නියෝජනය  කරන දේශපාලන ධාරාව වන්නේ ඉහත සඳහන් කළ නව ලිබරල් මුලදර්මවාදී දේශපාලන ධාරාවයි. විදු තම නිවසේ කාමරක තුළ සිරකරගෙන සිටියදී විදු රැගෙන යාමට පැමිණි මවට ඔහු පවසා සිටින්නේ, විදූ මෙහි කැමැත්තෙන් සිටින බවත්, විදු දක්ෂයෙකු බවත්, විදුට මෙම රටෙහි ජනාධිපති විය හැකි බවත්, එය එසේ වන්නේ දක්ෂයාට ඉහලට එනම් තමාට හිමි තැනටම යා හැකි සමාජයක් උදාකර කරමින් සඳහා වන බාධාවන් ඉවත් කිරීමෙන් පමණක් බවත්, තම නායකයා රටෙහි ජනාධිපති කරවීමෙන් එය සඵල කරගත හැකි බවත්ය. මුලදී විදු මුදලට විකිණීමට අකමැති වූ මව, දේශපාලඥයාගේ එම ප්රකාශයෙන් පසුව, විදූගේ අනාගත සාර්ථකත්වය තීරණය කරන මාවත් දෙක පිළිබද දෙගිඩියාවකින් යුතුව පාසල් වේදිකාව වෙනුවට දේශපාලන වේදිකාව වෙත විදු රැගෙන යාම නිහඩව අනුමත කරයි. 

අප මෙතෙක් කියවා ඇති විදු පිලිබඳ බොහෝ විචාරයන්ට අනුව විදු තුලින් සංවාද ගතකරන මුඛ් කාරණා පෙනී ගොස් නොමැති බව අපගේ වැටහීමයි. විශේෂයෙන්ම 2011.01.23 දින සුචරිත ගම්ලත්ගේ සහ 2011.01.30 දින භූපති නලින් විසින් එම සුචරිත ගම්ලත්ගේ විචාරය සාධාරණීකරණය කරමින් ලියන ලද විචාරයන්ගෙන් මේ තත්වය පැහැදිලිව ප්රකට කෙරේ. 
   
සුචරිත ගම්ලත්ගේ විචාරයට අනුව හඳගමගේ පෙර සිනමාපට තුළින් ධනවාදය වසා සඟවා තබන්නට තැත් කරන ජුගුප්සාජනක තතු හෙළිදරවු කරමින් සිටි හඳගම දැන් එය අත්හැරදමා ඇත. ඔහු එය උදාහරණයකින්ද දක්වයි. එනම් ඔහුට අනුව අක්ෂරයෙන් විදහා දැක්වුයේ අප රටෙහි පාලක පන්තිය අධ්යාත්මික වශයෙන් කෙතරම් පිරිහී ඇත්ද යන්න බවය. ගම්ලත්ලට අනුව සම්භාව් මාක්ස්වාදයේ විස්තර කෙරෙන අකාරයෙන්ම එම පැරණි අර්ථයෙන්ම පාලකයන්, පාලක පන්තීන් මෙන්ම කම්කරුවා සහ කම්කරු පන්තියද මාර්කස් අත්දුටු ආකාරයෙන්ම අදද පවතී. එම නිසා කලාවේ කාර්යභාරය වන්නේ මෙම හතුරු මිතුරු සම්බන්ධයන් හෙළිදරවු කිරීමය. 
   
පැරණි ආකාරයට වුවද සුචරිත ගම්ලත් විදු පිලිබඳ අගතියෙන් මිදී ඇති බව පවසන භූපති නලින් පෙන්වා දෙන්නේ ප්රේක්ෂකාගාරය පිලිබඳ අර්බුදයක ගිලී ඇති හඳගම ජනප්රියවාදය දක්වා පසු බැස ඇති බවය. තවද සිනමා පටයේ පදනම් දෘෂ්ටිවාදය ලාංකීය නව සිංහල බෞද්ධ වාණිජ දෘෂ්ටිවාදය ලෙස ඔහු හඳුනාගනී.
       
විදු යනු කිසිදා පාසල් නොගිය වයස අයුරුදු 9 10 ළමයෙකි. වැල්ලේ නිදහසේ ජීවත්වන නිරතුරුවම සුද්දන් ඇසුරු කරන ඔහුට ලැබෙන දැනුම යනු තම ජීවතයට අදාල ව්යවහාරිකත්වය තුලින් ලැබෙන දැනුමක් මිස ජීවිතයට ඓන්ද්රීය නොමැති ආයතන ගත අධ්යාපනය තුළින් ලැබෙන දැනුමක් නොවේ. ඔහුට ඉංග්රීසි කතා කිරීමේ හැකියාව ලැබෙන්නේද ඔහු දන්නා අනෙකුත් දේවල් පිලිබඳ දැනුම ලැබෙන්නේද ඔහුගේ ජීවිතයට, සමාජය සහ ඔහු අත්විඳින පරිසරය සමග ඇති ඓන්ද්රීය ජීවන-භාවිතාව තුලිනි. ඔහුට තිබෙන දැනුම සහ ව්යවහාරිකත්වය අවියෝජනීයව එකට බැඳී පවතින අතර ඔහු අත්විඳින සමාජ-පරිසරය ගැන, ඔහු ලෝකය දකින ආකාරය පිලිබඳ පාසල තුළින් හෝ වෙනයම් ආයතනයක් තුළින් ඔහු වෙත අර්ථකතනයන් නොලැබේ. මේ පිලිබඳ එක් උදාහරණයක් සිනමා පටය තුළින්ම ගෙන හැර දැක්විය හැකිය. එක් ජවනිකාවක විදු තාප්පයක් උඩ වාඩිවී සිටියදී විදුහල්පති සහ ඔහුගේ දියණිය ඔවුන්ගේ කාරයෙන් එතනින් යන අතර තුර එය විදු ඉදිරිපිට නවත්වයි. එහි සිටින දියණිය විදුට මෙසේ පවසයි. "ඔතන හිටියොත් වැස්සට තෙමේවි දැන් ගෙදර යන්න" එම කාරය එතනින් නික්ම යනවාත් සමගම තවත් කාරයක් පැමිණ එතන නවත්වා, ඉන් එලියට බැස ගන්නා අයෙකු විසින් විදුගේ මව එම කාරය තුළින් එලියට ඇද බිමට දමා යන්න යන විට, "මගේ ගාන දීල පලයන්" යනුවෙන් ඇය බෙරිහන්දේ. පසුව විදු මවගෙන් විමසා සිටින්නේ හැමෝටම වටිනාකම් තියනවාද යනුවෙනි. විදු ඩොලර් එකක් වත් නොවටිනා කොල්ලෙකු බව වැල්ලේදී හමුවන සුද්දා විසින් ඊට පෙර පවසා තිබුණි. එවිට කාර් පිළිබඳව, කාර් වල යන අය, සහ එම මිනිස්  සම්බඳතා වල සුවිශේෂතා පිළිබඳව මෙන්ම මිනිසුන්ගේ වටිනාකම් තීරණය වන ආකාරයන් සම්බන්ධයෙන්ද විදුට ලැබෙන අවබෝධයන්ගේ සිද්ධි අනුභූතික වන ආකාරය එබඳුය. සුචරිත ගම්ලත්ට ප්රශ්නයක් වී ඇති විදුගේ ඉංග්රීසි කතා කිරීමේ හැකියාව සහ සබකෝලයක් නොමැති වීම  ඔහු තුළ පවතින්නේ මෙන්න මේ ජීවන භාවිතාව තුළිනි. ඔහුට මහජන රැස්වීමක් වැනි සභාවල් පිලිබඳ හැඟීමක් හෝ දැනීමක්  අන් ළමුන්ට ඇති අර්ථයෙන් නොමැත. එම නිසා ඔහුට එවැනි සභාවක් යනු තම එදිනෙද ජීවන ව්යවහාරය තුළ අත්දකින තවත් එක සංසිද්ධියක් පමණි. ඔහු කතා කරන්නේ එවෙලෙහි හිතට එන දේය. නමුත් තවත් පැහැදිලි කල යුතු දෙයක් ඇත. එනම්  පාසල් නොගිය පමණින්, වැල්ලේ නිදහසේ ජීවත් වූ පමණින්, යම් ළමයෙකු විදු වැනි නොවී වෙනත් අය බවටද පත්වීම ගැනය. 
  
අප එකිනෙකා විවිධාකාර වී ඇත්තේ අපගේ ජීවිතය තුළ අපට හමු වූ අය, අපට ලැබුන අත්දැකීම් සහ සිද්ධීන්, ආර්ථික, සමාජ දේශපාලන දෘෂ්ටිවාදී සමස්තය තුළ සංකරන සංයෝජන වූ අකාරයන්ගේ සහසබඳතා එකතුවක් ලෙසය. ආදිකල්පික සමාජයක මෙන් නොව ඉතා සංකීරණ ආර්ථික, දේශපාලන, නිෂ්පාදන, දෘෂ්ටිවාදීමය සම්බන්දතා සහිත සමාජයක් තුළ, කෙනෙකු අත්විඳින ඉහත සඳහන් කල සංකරන සංයෝජන සංකීර්ණතා ඉතා විශාල අගයක් සහ විවිධත්වයක් ගැනීම තුළ එකිනෙකාගෙන් බොහෝ වෙනස් විවිධ මිනිස් විෂයයන් බිහිවේ. විදු වැල්ලේ කුඩු කාරයන්, හොරුන් හෝ වෙනත් තක්කඩියන් සමග එකතු නොවීමට හේතුව විදුගේ මවගේ ස්වභාවය බව සිනමාපටය තුළ පෙන්නුම් කෙරේ. ඇය කිසිඳු අවස්ථාවක විදු නොවිකුනයි. විදු පාසල් යැවීමට නොහැකි වූ එකම බාධාව උප්පැන්න සහතිකයි.       

ගණිකා ගැට කපන්නියකගේ දරුවෙකු වන, දිළිඳු කෙසඟ සිරුරක් ඇති විදු වටිනකමක් ඇත්තෙකු බවට පත්නොවුනි නම්, එනම් ඔහු දක්ෂයෙකු නොවුනි නම් ඔහු නොකා නොබී සිටියයද කිසිවෙකුටත් එය ප්රශ්නයක් නොවේ. රිය අනතුරකින් හෝ වෙනත් අයුරකින් දක්ෂ සිසුවෙකු මිය ගිය විට පිලිබඳ බොහෝ දෙනා ඉමහත් කම්පාවට පත්වේ. මෙම නිසා මෙවැනි සිද්ධියක් වාර්තා කිරීමේදී සිද්ධියට අදාළ සිසුවා දක්ෂයෙකු නොවුවද ඉතා දක්ෂ සිසුවෙකු ලෙස පුවත් පත් විසින් පිලිබඳ රස කතා වාර්තා කරන්නේ, පිළිබද ප්රවෘත්තිමය වටිනාකම ඉහල යන නිසාය. 

විදුගේ හැකියාවන් දකින විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන්, ළමුන්  සහ වෙනත් අය විදු යනු  දක්ෂයා ලෙස හඳුනා ගනී. එනම් මෙතරම් විධිමත් පාසල් වලදී මෙන්ම සුචරිත ගම්ලත්ම කියන පරිදි විශ්වවිද්යාල තුලදී වත් හමු නොවන ඝනයේ හැකියාවක් විදු තුළින් හදුනා ගැනීමයි. එවිට විදු යනු ඔහු තුළ ඇති සුවිශේෂතාවයක් හේතුවෙන් මෙම ඉංග්රීසි සහ සිංහලෙන් කතා කිරීමේ හැකියාව ලබාගත් අයෙකු ලෙසට සිනමා පටය තුළ සියලුදෙනාත්, සිනමා ප්රේක්ෂකයා මෙන්ම විචාරකයනුත් හඳුනා ගනී. එය ඉතා හොඳින් පෙන්නුම් කරන්නේ විදු සිනමාපටයේ ප්රචාරක දැන්වීම් තුලිනි. පිලිබඳ අදහස් දක්වන විදුහල්පති වරුන්, ගුරුවරුන්, සහ එය නරඹන සියලු දෙනාම එක හඬින් කියා සිටින්නේ දක්ෂයා කොහේ හිටියත් එලියට එනවා වැල්ලේ මුඩුක්කුවක හැදුනද ඔහු දක්ෂයෙකු නම් සමාජය තුළ ඉදිරියට යා හැකි බවත් එය කියා දෙන එසේ නොමැතිනම් එම අසිරිමත් පණිවිඩය රැගෙන යන විදු සිනමා පටය ළමුන්ට ගුරුවරුන්ට මෙන්ම සියලු දෙනාට ආදර්ශයක් බව සහ  දක්ෂයාට නිසි තැන ලබා දියයුතුයි වැනි උදාන වාක්යන්ය. මින් පෙන්නුම්  කරන්නේ මෙම යුගයේ සියලු දෙනාට "සත්" ලෙස පෙනෙන සහ ඊනියා සම්භාව් මෙන්ම පශ්චාත් මාක්ස්වාදීන්ටද නිසි පිළිතුරක් ලබාදිය නොහැකි වී ඇත්තේ, ශ්රම විභජනය තුළ අසමානතාවය නමැති සමාජ ප්රශ්නය වසන්කරන නවලිබරල්වාදී න්යාය ගත කිරීම (ඔබගේ දක්ෂතාවය අනුව දක්ෂතාවයේ හැකියාවන්ට නියම වී ඇති වටිනාකම් අනුව ඔබට සමාජයේ නිසි තැන ලැබෙනු ඇත....) අති මහත් බහුතරය පිළිගෙන ඇති ආකාරයත් අනෙකුත් අයට මෙම තත්වය පිලිබඳ වැටහීමක් නොමැති බවත් තුළය. එම නිසා මෙම යුගය තුළ ධනවාදය ආගමකි. 
(මතු සම්බන්ධයි)