Thursday, March 17, 2011

ජැක්සන් ඇන්තනිගේ භුමිකාව අසරන රඟ දක්වන්නෙකු ලෙස‍‍‍‍‍......

  ජීව විද්‍යාත්මකව පිරිමි ශරීරයක් හිමි, එහෙත් තමන්ගේ ලිංගිකත්වය සමකාමී Home sexual  ලෙස තෝරා ගන්නන් අතරින්, සමහර සම්බන්ධවලදි  ස්ත්‍රී භුමිකාව මානසිකව තෝරා ගන්නා පිරිමියා අනෙක් පස සිටින පිරිමියා වෙනුවෙන් ස්ත්‍රියකට වඩා ස්ත්‍රී වෙස් ගැනීමක් කර ගන්නා බව අපි දැක ඇත්තෙමු. ලිංගිකත්වයන් අතරින් සම ලිංගිකත්වය තවත් එක ලිංගිකත්ව වෙනස් කමක් ලෙස තේරුම් නොගැනීම හා විෂම ලිංගික බව ස්වභාවික ලිංගිකත්වයේ පරමත්වයටද පත් කරගන්නන් විසින් මෙම  පිඩිත ලිංගිකත්වයට පරිභව කිරීමක්ද දක්නට ඇත. එම අධිපති කතිකාව තළ සිටින අය මෙවැනි අයව ,{transsexuals}පහල සංස්කෘතික පංතිකයන්  විසින් හඳුන්වන්නේ, පොන්නයන් ලෙසින්ය.  මෙවැනි අය බොහෝ විට වෙනත් සෙල්ලක්කාර පිරිමින්ගේ හා කොලු ගැටයින්ගේ උපහාස අපහාස සමඟ පහර කෑම්වලට ලක්වන නිසා බොහෝ විට රාත්‍රියට කළුවරේ රහසේ සැඟවී සිට තමන්ට එකඟ වෙන පිරිමින් සොයා  නගරවල අහුමුළුවල ස්ත්‍රී ආභරණ වස්ත්‍ර සහ මේකප් වලින් සැරසී සිටිමින් සිටිනු දැකිය හැකිවේ. දැන් ඔබ එසේ දැක ඇති එම නමින් හඳුන්වන අයව හොඳින් මතකයට නඟා ගන්න. ඔවුන්ගේ ඉරියව්, කතාබහ, ඉඟි බිඟි, අඟර දඟර මේ සෑම දෙයක්ම මතකයට ගන්න. ඔබේ සිහියට නැ‍ඟෙනු ඇත්තේ ස්ත්‍රීන් නොවන පිරිමින් වන මොවුන් ස්ත්‍රී චර්යාවන් අනුගමනය කිරීමේ දී ස්ත්‍රීන්ටත් වඩා ස්ත්‍රී චර්යාවන්වල, අදි රංගාත්මක බවක් දක්වන බවයි. ස්ත්‍රී භාවිතාවට වඩා විෂම ලිංගිකත්වය අධිපති ලිංගිකත්වය ලෙස භාරගෙන ඇති තත්වයක වෙනත් සුළු ලිංගිකයන් තම මනස හැම විටම යටත් ලිංගික මානසිකත්වයක පවත්වාගෙන යයි. එය සිංහල හෝ බුද්ධාගම අධිපති වී ඇති රටක එහි වෙසෙන අනෙකුත් ජාති හා ආගමිකයන් තමන්ට අඩු සැලකිල්ලක් ලැබෙනවා යැයි සිතන මානසිකත්වයකට හා සමානව බැඳී පවතී. මේ දෙකෙහිම, විෂම ලිංගිකත්ව කතිකාව හා සිංහල බෞද්ධ අධිපති කතිකාව සුළු ලිංගිකයා, සුළු වාර්ගික හා ආගමිකයා තුළ ඇති කරවන්නේද එම පීඩිත තර්කනයයි. එනම් පොන්නයා,  දුර්වලයා, පහත්,නොහැකියාවක් සහිත කෙනා වසයෙන්ය.. සම ලිංගිකත්ව‍යේ දි ස්ත්‍රියගේ භුමිකා සුළු ලිංගිකත්වය සහිත කෙනා එම අභියෝගයට මුහුණ දෙන්නේ තමන් පෙනි සිටින ස්ත්‍රී භූමිකාව  ස්ත්‍රියකට වඩා අදි රංගානාත්මක කරමින්ය.
   ජැක්සන් ඇන්තනී මහතා සමඟ මෙම උදාහරණය ගලපා ගැනීමේ දී අපට එය මෙසේද දැක්විය හැකිය. එම මහතා ලංකාවේ  වෙසෙන ශ්‍රී ලාංකිතයෙකු වුව ද ඔහුගේ කතෝලික සුලු ආගමික බව නිසා මහ ජාතියේ අගමික අධිපති බ‍වේ මානසික යටත්කමක් තම මනසින් බාරගෙන සිටියි.. වෙනත් අය ඒ සඳහා ආගමික, ජාතික අයිතිවාසිකම් සඳහා පෙනී සිටිමින් කටයුතු කරන විට ජැක්සන්  ඇන්තනී මහතා ඒ වෙනුවට තෝරා ගන්නේ මහා ජාතියේ ආගමික අනන්‍යතාවය තමා කුලියට ගැනී‍මේ මගය. කුලියට ගෙන පසුව එය තමාගේම කර ගන්නේ මහා ආගමික අනන්‍යතාවයක් සහිත අයටත් වඩා  අධි රංගාත්මකවය. තම ආගමික අනන්‍යතාවය වෙනස් කර ගෙන බණ්ඩාරනායක මහතා, දේශපාලනය වෙනුවෙන් බුද්ධාගම තෝරා ගැනීමේ මඟ වෙනුවට ජැක්සන් තමාගේ ආගමේ ඉඳිමින් මහ ජාතියේ ආගමික බව, එම මහ ජාතියේ අයටත් වඩා හොඳින්, තමා තුළ තිබෙනවා යන්න ප්‍රදර්ශනය කරවයි.
           
රූපවාහිනි නාලිකාවලට පැමිණෙන ජැක්සන් බෞද්ධයන් තුළ ඇති ශ්‍රද්ධාවටත් වඩා සුළු ආගමිකයෙක්  විමේ දරිද්‍රතා මානසිකත්වය හේතු කොට ගෙන වඩා රංගනයක් ඉදිරිපත් කරමින් ඒ වෙනුවෙන් පෙනි සිවියි.

ලාංකීය ඉතිහාසය  මහා වංශය තුළ ‍බෞද්ධ ආගමික ඉතිහාසයක් පමණක් ලෙස ඉතිහාසකරණය කිරීම ගැන කථා බහ කරන විට ජැක්සන් ඔහුගේ මෙම  අධි රංගන භූමිකාව ප්‍රදර්ශනය කරවන්නේ එහි සිටින සියලු දෙනාටත් වඩා ඉදිරියට පැමිණෙමින්ය. කතෝලික ආගමේ වතාවත්වලදී, ඔහු එයට දක්වන භක්තියට වඩා වැඩි අධි භක්තිමත් බවක් බෞද්ධ වතාවත්වලදී දක්වයි. ඔහු වැඳ නමස්කාර කරන්නේ දොහොත් මුදුනේ තබා ගෙනය. ගැහැනු නොවන පිරිමියාට ගැහැනුකම අධිතාත්විකව රඟ දැක්වීමට සිදුවු අකාරයට මෙනි. බෞද්ධයෙකු එය එතරම්ම ප්‍රමාණයෙන් නොකළ ද ජැක්සන් එයට වඩා කිරීමට යෑම නිසා බෞද්ධයාවද  අපහසු කරවන්නේ, විකාර රංගන පිරිමි  ගැහැනිය නිසා සැබැ ගැහැනිය අපහසු  වු ආකාරයටය. බෞද්ධයා තමා උපතින් බෞද්ධ නිසා ඔහුගේ බෞද්ධකම තුළ ඔහුට අඩි තාත්විකව පෙන්වීමට තරම් දෙයක් අවශ්‍ය නැත. දළදාව ගැන කරන රූපවාහිනි වැඩ සටහන් වලදී ද දළදාවට වැඳ නමස්කාර කරන්නේ අධිරංගනාත්මකවය. එය නළු නිවේදකයෙන් වීම නිසා වන දෙයක් නොව, ඔහුගේ ආග‍මේ  යටහත් මානසිකය වන මහා ආගම බලපැම සමඟ සමපාත කරගැනීමේ පීඩිත මානසිකත්වයයි... ජැක්සන් ගේ පෙනී සිටීම පළල් අර්ථයෙන්ම යටත් වීමකි. එය ඔහු අපට වෙනත් ලෙස  ප්‍රදර්ශනය කරන්නේ ගෑහැණු නොවී ගෑහැණු වීමට පැවැත්මක් ඇති කරගත් අයගේ, අධිරංගනයේ ආකාරය මෙනි. මේ කාරණය සැලකිල්ලට ගැනීමේ දි ජැක්සන්ගේ මෙම අධි රංගනයේ අසරණකම තුළින් නැවතත් කියාපාන්නේ ගැහැණියට ගැහැණියක් වීම සඳහා රංගනයක් කළ යුතු නැති වුවද ගැහැණු නොවන කෙනාට එය තම පීඩක මානසිකත්වය නිසා කළ යුතු බව කියවෙන  අනිවාර්යයකින්ය.  අධිපති කතිකා‍වේ පුබලත්වය නිසා වන අසරණ කමක්ද මෙම භුමිකාවන් රග දක්වන්නන් තුළින්ද දැක  ගැනීමට පුලුවන් කමක් ඇත.

No comments: