Tuesday, March 8, 2011

05.03.2011 දින ස්වාධීන රූපවාහිනි  සේවය විසින් රජයේ පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරයට උදව් ලබා දීම පිණිස සකසා තිබෙන වැඩසටහන්වල මුල් කොටසට කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන හා ජාත්‍යන්තර සබඳතා විෂය සම්බන්ධ කථිකාචාර්ය  ධම්ම දිසානායක මහතාව ගෙන්වා තිබුණි.  දේශපාලන විචාරකයෙකු ලෙස පෙනී සිටින එම මහතාගේ සමහර විචාරයන් බොහෝ විට ශ්‍රී.ල.නි.ප. යේ පහළම මන්ත්‍රීවරයෙකු දක්වන අදහසටක් වඩා පහතට වැටෙන අයුරු
දැකගත හැකිය.. ඔහුගේ එවැනි කතා දෙක තුනකට අපේ අවධානය යොමු විය. ධම්ම දිසානායක යූ.ඇන්.පී.දේශපාලනයට විරුද්ධවීම සහ එය දිගටම පවත්වාගෙන යාමට බල පෑ ප්‍රධාන හේතුවක් ලෙස ඔහුගෙන් ප්‍රකාශ වූයේ 88-89 කාලය පුරා යූ.ඇන්. පි. ය විසින් රටේ තරුණයින්ව කුරිරු ලෙස ඝාතනය කිරීම ය. ඔහුගේ එක් අතක් කඩා දැමූ බව ද එම නිසා පුද්ගලිකව ද යූ.ඇන්.පි. ය සමඟ වෛර බවත් ඔහු කියා සිටියේය.

            රටම දන්නා පරිදි, ධම්ම සදහන් කල 88-89 තරුණයින් යනු, ජ.වි.පෙ. හා ජ.වි.පෙ. මතවාදයට සම්බන්ධව සිටී අය පමණක් නොව එම කාලය තුළ, පැවති රජයට සන්නද්ධව අභියෝග කළ පිරිසකි. මරාදැමීම සිදු වන්නේ රජය සහ ජ.වි.පෙ. යන දෙපාර්ශවයෙන්මය. පරිවාස කාලය තුළ සහ ශ්‍රී.ල.නි.ප. සමඟ සිටින විට එසේ මරා දැමීම ගැන යූ.ඇන්.පි. යට පමණක් දොස් පවරන (විජය මරා දැම්මේ ද ජ.වි.පෙ. විසින් නොවන බව කීමට තරම් පරිවාස ආණ්ඩු කාලවල චන්ද්‍රිකා ද පරිස්සම් විය.)  ශ්‍රී.ල.නි.පක්ෂය ජ.වි.පෙ. තමන්ට විරුද්ධු වු හැම විටම 71 සහ 88-89 කැරලිවල ඝාතනවල මුල් වගකීම ජ.වි.පෙ.ට පැවරීමට ඉදිරියට පැන ක්‍රියාකරයි. මේ දිනවල මැතිවරණ වේදිකාවල කතා දෙස බැලූ විට එය අපට හොඳින් වටහා ගැනීමට පුළුවන. ශ්‍රී.ල.නි.ප. ය ලෙස ඔවුන් එසේ අවස්ථාවාදීව ක්‍රියා කළත් වර්තමානයේ දි LTTE  ය සන්ධාන රජය විසින් කල පරාජය හා සලකා බලන කල. ශ්‍රී.ල.නි.ප එසේ කිව යුතුය LTTE ය ද ජ.වි.පෙ. ලෙසම තම මතවාදය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් සන්නද්ධ රජයන්වලට එරෙහිව ක්‍රියාකළ සංවිධානයකි. එම නිසා ජ.වි.පෙ.ව යූ.ඇන්.පි රජය විසින්ද  LTTE ය සන්ධාන රජය විසින්ද පරාජය කිරීම රජයන් ලෛස යුක්ති සහගතය. මෙහි දී අවුලක් ඇති වන්නේ ධම්ම දිසානායකගේ විචාරයටය.  ඔහු කියන්නේ යූ.ඇන්.පිය තරුණයන් මරා දැමූ බවයි. LTTE  සංවිධානයට  සම්බන්ධව සිටි මර්ධනයට ලක් වී අත් කඩා දැමූ අය ද , (ධම්මගේ මුල් තර්කයට අනුව,) අනාගතයේ දී  දෙමළ තරුණයන් අමු අමුවේ සන්ධාන රජාය ද මරා දමා තිබෙන නිසාසදාකාලිකව ලෙස ශ්‍රී ල.නි. පක්ෂයට විරුද්ධ වෙනත් පක්ෂයකට සම්බන්ධව විත් රූපවාහිනි චැනලයක ධම්ම කල ලෙස  ප්‍රකාශ කළහොත් අප එය තේරුම් ගන්නේ කෙලෙසද? රටම ඉල්ලා සන්නද්ධව සිටි  ජ.වි.පෙ. මර්ධනය කිරීම යූ.ඇන්.පි. ය නොකළ යුතු දෙයක් බව ධම්මගේ ප්‍රකාශනයේ අඩංගුය. ඒ අනුව රටෙන් කාලක් ඉල්ලා සන්නද්ධව සිට LTTE ය මර්ධනය කිරීම ද ( ධම්මගේ මුල් තර්කයට අනුව) වත්මන් රඡයද LTTE තරුණයින් මර දමා තිබෛන නිසා එය  වැරදි වන අතර LTTE සංවිධානය නිවුරදිය.
            ජ.වි.පෙ. සිංහල තරුණයන් නිසාත්,  LTTE දෙමළ තරුණයන් නිසා සිංහල තරුණයින් මර්ධනය කිරීම වැරදියි යන්න තර්කයක් ධම්ම ගොඩනගනවාද යන්නත්, වරෙකදි අපට හැඟවේ. කෙසේ උවද දේශපාලන විචාරකයන් ලෙස කෙනෙකු ඕනෑම පක්ෂයකට සම්බන්ධ කර ගැනීමේ දි ඔවුන් උත්සාහ කරනවා ඇත්තේ මෙවැනි හිරිකිත හිතෙන  ආකාරයේ විචාර කරවා ගැනීම නොව එවැනි දේ සඳහා ඔවුන්ට ඕනෑම ආකාරයේ චණ්ඩි, වාචාල, තර්කානුකූල නොවන කතා කාරයින් සිටිය ද ධම්මලාගෙන් ආණ්ඩුව බලාපොරොත්තු වෙන දේටත් වඩා දේ ලබාදීමට යෑම නිසා දේශපාලකයින්ටත් වඩා ඉක්මනින් ලංකාවේ විචාරකයින් කුජිත වෙන අන්දම අපට මේ හරහා බලාගත හැකිය.  සියල්ල නිරුවත් කිරුම වෙනුවෙන් අපි  මහින්ද  රාජපක්ෂට පුශංසා කල යුතු නොවෙිද?    

-  මුණසිංහ

3 comments:

Anonymous said...

ඇයි ඔයගොල්ලෝ ධම්ම සර් ගැන ඔච්චර ඉරිසියා කරන්නෙ? ධම්ම සර් තියන දේවල් මේ රටේ මිනිස්සු තුනෙන් දෙකකින් අනුමත කරලා ඉවරයි. ඒක තමා ඇත්ත. ඔයාලට ඖවා අහං ඉන්ඩ බැරිනං වෙන චැනල් එකක් බලන්න. ඔයාලව රූපවාහානිය අහලටවත් වැද්ද ගන්නෙ නැති එකට ඉරිසියා කරන්න එයා.

Anonymous said...

මේ රටේ තුනෙන් දෙකක් ‍අනුමත කරල තියෙනව කියන එකත් උඹලගෙ ඔය හොර තක්කඩි සර්ල උඹලටම උගන්වන බොරුවක් තමයි. මැතිවරණයෙන් තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් හම්බ වුණේ නෑ. තුනෙන් දෙක හදාගෙන තියෙන්නෙ සල්ලි වලට ගත්ත මන්ත්‍රීලගෙන් හරකො.
මුංගෙන් ඉගෙනගෙන එළියට එන එවුන් මොනා කරයිද කියන එකයි හිතාගන්න බැරි.

Anonymous said...

@ 2nd Ano,
ධම්මගෙන් ඉගෙනගෙන එන එවුංට වඩා අනික් උංගෙං ඉගෙනගෙන එන එවුං වෙනස් එව්වා කරනවද?
පලයං බං මිනිස්සුන්ට ඉරිසියා නොකර. අනික උඔලට ධම්මවම අහුවෙන්නෙ ඇයි? ඊට වඩා තක්කඩි නැති හින්දද? ධම්ම මොනවා කලත් අද රට පිළිගත් මිනිහෙක්. උඔලා ඉරිසියාවෙ පැලෙන්න යනවා. පව්.