Friday, March 4, 2011

සිර ගෙදර ආශ්චර්යය....

.වැලිකඩ, ගාල්ල සහ අනුරාධපුර සිර ගෙවල් තුලින් මතු වී ආ සිද්ධීන් ප්‍රචණ්ඩ ස්වරූපයෙන් අවසන් විය. සාමාන්‍ය සිවිල් අරගලවලට ඇති ඉඩ කඩ අහෝසි කරන ලද සිර ගෙවල් උස් තාප්පවලින් වට කර දැඩි නීති රීතිවලින් බැඳ දැඩි දඬුවම්වලට යට වූ සිර කරුවන් තම ජීවිත අවධානය ද නොබලා අරගලවලට එමින් පවතී. ආහාර, ඇඳුම් පැළඳුම්, බෙහෙත් සමඟ සිර ගෙදර පවතින අධික තදබදය යන හේතුන් මත ඇති වී ඇති කුෂ්ඨ රෝග, මානසික ආබාධ, වැසිකිලි පහසුකම් නොතිබීම සමඟින් ජල හිඟය තව තවත් හේතු හැටියට ගත හැකිය. ආහාර නොගැලපීම, ප්‍රමාණවත් නොවීම සහ දියර සමඟින් එළවළු (සිරකරුවන්ට ලබා දෙනු ලබන්නේ තැම්බූ වතුර පමණි. එළවළු නැත.) වහල් සමාජය තුළ වහලා අත් විඳි ඉරණමම අද සිරකරුවන්ද ගත කරන මුත් හිර ගෙදර බිත්තියේ ඇත්තේ සිරකරුවාද මනුෂ්‍යයෙකි.  යන්නය. රටට එසේ ප්‍රකාශ කරන මුත්, බිත්තියෙන් ඇතුලත සිරකරුවා වහලෙකි

            මෙය එ.ජා. පෙරමුණේ ඉදිරිපත් කරන සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදයට සමානය. සිවිල් සමාජයේ අයිතිවාසිකම්, ආහාර, රැකියා, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, අධ්‍යාපන පහසුකම්, සෞඛ්‍යය සමඟ අද අධිකරණයද ගමන් කරන්නේ අන්ත ප්‍රතිගාමී සදාචාර විරෝධි, මානව විරෝධි වියරු ඒකාධීපතිත්වයක් කරා බව සිහි බුද්ධිය ඇති ඔබට තේරෙනවා ඇත.

 නිදහස් මාධ්‍ය මර්දනය කරමින් ඒවායේ දේපල ගිනිබත් කරමින් විරුද්ධවාදීන් ඝාතනය කරමින්යන මේ ගමන සිරකරුවන් ගත් මඟ මෙරට බුද්ධිමතුන් සමඟ පෑහෙන ජනතාවත් ඉදිරි වකවානුව තුළ ගනු ලබනු ඇත.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ගත වූ කාන්තාවන්ගේ අධ්‍යාපන මට්ටම මෙසේය.

   වසර
2003
2004
2005
2006
2007
සා. පෙළ
165
182
188
589
810
උ. පෙළ
  49
  67
  53
208
214
උපාධි
  05
  01
  05
  02
  21
    
මෙම වසර 5 තුළ බන්ධනාගාර ගත වූ කතුන්ගේ සංඛ්‍යාව 27,345 කි. ඉන් කිසිදු පාසලකට නොගිය අය 4299කට වැඩිය.උපාධිධාරීන් පවා බන්ධනාගාර ගතවීම ක්‍රමයෙන් වැඩි වන තත්වයක් සඳහන් වීමෙන් සිතිය හැක්කේ අධ්‍යාපනයට ගොස් ඇති කල දසාවය.

            උසාවියට අපහාස කර අවු, 2කට සිරගෙදර ගිය එස්. බී. දිසානායක නැවතත් උසස් අධ්‍යාපන ඇමති කර ලීමද ආශ්චර්යයකි. මට දැනෙන ආකාරයට සිවිල් සමාජයට නායකත්වය දීම සඳහා මේ හිරගෙවල් වල කොටු වූ  හිරකරුවන් මේ ශක්තිය ලබා ගන්නේ වැලිකඩ හිර ගෙදර කොටු කර සිටින යුධ සෙනවියාගේ ජවයේ බලයෙන් ද යන්න සිතා බැලීමට සිදු වී ඇත. රටම බල්ලටද? විශ්ව විද්‍යාල සමඟින් සිර ගෙවල් වල පල්ලටද? මෙය ද ආසියාවේ, ශ්‍රී ලංකාවේ ආශ්චර්යය නොවේ නම්,  සිර ගෙවල්  පෙරලමින් ඉදිරියට එන ජෙනරාල් රටේ ම ආශ්චර්යද?

අසේල වික්‍රමසිංහ.

No comments: