1886 ඇමෙරිකාවේ හේමාකට් කම්කරු අරගල සිද්ධිය මුල් කොට බිහි වූ මැයි දිනය වැඩ කරන මිනිසුන්ගේ දිනයක් බවට ලෝකයේ පිලිගැනුමට ලක්විය. එදින සැමරුම එම කම්කරු අරගලයේ දී මිය ගිය අය සැමරීම වෙනුවෙන් සහ වැඩ කරන මිනිසුන්ගේ අයිතීන් දිනා ගැනීමේ දිනයක් බවට පත්විය. තවද එය වැඩකරන ජනතාවගේ සමගිය, ශක්තිය හා බලය පෙන්වන දිනයක් ද ලෙස යොදා ගැණින. කම්කරුවන්ට වෙන්වූ මෙම දිනය පසුකාලීනව වෙනත් වෙනත් අර්ථකතනවලට ද ලක්විය. එහෙත් ඒවා කම්කරු දිනය ලෙස වූ සංකේතාත්මක බවට එතරම් හානි වූයේද නැත. කම්කරුවන් සඳහා ස්වාධීන සටන් හෝ එක් තනි කම්කරු මධ්‍යස්ථානයක් නොවූ බැවින් එක් එක් පිල්වලට වෙන්වූ මැයි දිනය දේශපාලන පක්ෂවල බලයක් පෙන්වීමේ දිනයක් බවට ද පත්විය. ජාත්‍යන්තරව යම් සුවිශේෂ නිමිත්තක් සැමරීම සඳහා දිනයක් වෙන් කරන විට එයට එකඟ සියළු රටවල් එම දිනය වටා පෙළ ගැසෙමින් එම වෙන් කළ දිනයේ තේමාව වඩා ශක්තිමත් කිරීමක් වෙනුවෙන් පෙනී සිටියි. එහෙත් එන්න එන්නම මෙම තේමාවන් ලංකාව තුළ ඊට හාත්පසින්ම වෙනස් වූ පරස්පරයන් සහිත බවක් දැකිය හැකිය. ජාත්‍යන්තර කාන්තා දිනය කාන්තාවන්ගේ අයිතීන් සඳහා දිනය, එහි මුල් තේමාව වෙනුවට ලංකාව තුළ එදින එය සමරන්නේ කාන්තාව තව තවත් දීනභාවයට හා කාන්තාව සම්ප්‍රදායික ක්‍රමවලින් මුල් තැන දෙන්නා වූ පීඩාවට පත්වන වැඩ සටහන් පාදක කොට ගෙනය. ආදරවන්තයින්ට වෙන් වූ වැලන්ටයින් දිනයේදී ලංකාවේ තරුණ තරුණියන්ව සිල් සමාදන් කරවීමේ දිනයක් බවට ජාතික හෙළ උරුමය පත් කර වූයේ මාස පෝය හා හතර පෝයටම සිල් ගැන්නවීම් පන්සල් මගින් ද එයම භාර ගෙන තිබියදීය. එලෙස මැයි දිනය ද විවිධ තේරුම් සහිත හා තහනම් දිනයක් බවටද ලංකාව තුළ පත් කර තිබුණි. 1987 එවකට පැවති යූ.එන්.පිය විසින් මැයි දිනය සැමරීම තහනම් ක්‍රියාවක් ලෙස ප්‍රකාශයට පත් කළේය. විශ්ව විද්‍යාල සිසුවෙක් ද එදින එම විරෝධතාවයේදී වෙඩි වැදී මිය ගියේය.
1957 මැයි දිනය නිඩාඩු දිනයක් බවට පත් කළ බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී.ල.නි. පක්ෂය විසින් 2008 මැයි 1 වන දා වෙසක් පෝයක් වූ බැවින් එදින ද මැයි පෙළපාලි තහනම් කළේය. එම දිනය ලංකාණ්ඩුවට සම්බන්ධ වාමාංශිකයින් ද ඇතුළු ආණ්ඩුව එය අප්‍රේල් 30 වෙනි දිනට යොදාගනිමින් එය විහිළු සැමරුමි බවක් සහිතව සැමරීය.
No comments:
Post a Comment