Saturday, May 14, 2011

තමාගේ බොරු තමන්ම විශ්වාස කිරීම ......













විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ  පඩි වැඩිවීමක් ගැන මේ මොහොතේ කතා කිරීම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් නිසා එය නොකළ යුතු දෙයක් ලෙස විමල් වීරවංශ ඇමැති කියා තිබේ. විමල් වීරවංශ මහතා ආණ්ඩුව එකඟවන දේවල් වලදී පවා එය අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාවක්, බලපෑමක්, බළල් අතක්, බටහිර ගැති දෙයක් ලෙස හැදින්වීම එතරම් ගණත් ගත යුතු නැත. එම වචන ඔහු පාවිච්චි කරන්නේ ඒවා කට පාඩම් කරගෙන ඇති නිසාය. එම නිසා විහිළු වැඩ සටහන්වලදී පවා විමල්ව නියෝජනය කරන චරිත ලවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වචනය කියවා ගනී. එහෙත් මේ විහිළුව හා ‍‍බොරුව යම් කරුණක් සම්බන්ධයෙන් විමල් සිය පාරක් පමණ පවසන නිසා එය ඇත්තක් ලෙස අන් අයට දැනේ. පසුව එම සියළු අන් අය විසින් මෙය පුන පුනා පවසන නිසා නැවත රට තුළ එවැනි මතයක් සැබෑවටමත් ඇති බවට විමල්ට ද හැඟී ‍ෙගාස් විමල්ගේ විහිළුව සහ බොරුව ජනතාව හරහා විමල්වම විශ්වාස කරයි.

            ළමා කතා ලොවේ විහිළු සහ බොරුකාරයෙක් ලෙස පරිකල්පනය කළ "නස්රුදීන්" ට ද විමල්ට මෙන් මෙවැනි අකරතැබ්බයකට  මුහුණ දිමට සිදු විය. පාරේ සෙල්ලම් කරමින් සිටි ළමයින් පිරිසකට බොරුවක් කීමට සිතූ නස්රුදීන්,  පහළ කඩේ ටොපි වගයක් බෙදන බව කීවේය. ළමයින් ඒ දෙසට දුව යද්දී ඔවුනට හමුවන අනෙක් ළමයින්ටද ඒ බව කියමින් දිවූහ.  මෙලෙස ගම පුරාම මෙම "ටොපි ආරංචිය"  පැතිර ගොස් හැම දෙසින්ම ළමයින් දුව යන දර්ශන දැක ගන්නට හැකි විය. එවෙලේ තවමත් ගෙදර යමින් සිටින නස්රුදීන් ද මෙම ළමයින් දිව යන දර්ශනය නිසා ඒ බව විමසීමට ළමයෙක් නවතා ගත්තේය. ඔහු කීවේ පහළ ගමේ කඩේ ටොපි බෙදන නිසා ඒවා ගැනීමට දුව යන බවය. නස්රුදීන්ටද මෙතරම් ළමයින් පිරිසක් ඒ දෙසට දුවන බව අදහාගත නොහැකිව ඔහු ද සිතුවේ සැබෑවටම පහල කඩේ එවැනි ටොපි බෙදීමක් සිදුවන බවය. පසුව ඔහුද ඒ දෙසට ටොපි ගැනීමට දිව ගියහ. තමන් කී බොරුව වැඩි දෙනෙක් විශ්වාස කරමින් ක්‍රියා කිරීම නිසා බොරුව කී ‍ෙකනාද  එය ඇත්තක් ලෙස පිළිගනිමින් ක්‍රියා කිරීමය. නස්රුදීන්ට ටොපි නොලැබුන ද විමල්ට නම් මේ බොරු නිසා වෙනත් දේවල් ලැබේ.

            විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කිහිප දෙනෙක් හැර බොහෝ දෙනෙක් පසුගිය ජනපති වරණයේදි හා මහ මැතිවරණයේදී එකාපිට එකා පොර කමින් වර්තමාන සන්ධානය දිනවීමට ක්‍රියාකාරීව සහයෝගය දුන්හ. කිසිම දෙයක් නොකර සිටි අය පවා පුවත්පත්වල පිටු ගණන් තම අත්සන් යොදා දැන්වීම් ලෙස ඒවා පල කරමින් රජයට සහාය දුන්හ. ආචාර්ය සංගමයේ සභාපති ලෙස කටයුතු  කරන නිර්මාල් රංජිත් දේවසිරි මහතා හැමදාමත් යූ.ඇන්.පී. විරෝධි කඳවුරේ සිටි අයෙක් විය. පුද්ගලයන් මෙම සටනේ දී තීරණාත්මක නොවන්නේ ආණ්ඩුව 2008 දී පඩි වැඩි කිරීමක් මොවුන්ට කරන ‍බවට වූ පො‍රොන්දුව නිසාය. තව අවුරුදු දෙකකින් ඒක පුද්ගල ආදායම වාර්ෂිකව ඩොලර් 4000, ආශ්චර්ය ඉලක්කයකට යෑමට කටයුතු කරන ආණ්ඩුව එය කරගත හැකි ඉලක්කයක් ලෙසට මූලිකව කරණ දැනුම්දීමක් ලෙස වුවද මෙම පඩි වැඩිවීම කළ යුතු බව පිළිගත යුතුය. එස්. බී. තමන් කැමති ලෙස, ආචාර්යවරුන්ට පඩි වැඩි කරන බව කට මැන දොඩා වර්තමානයේ ආණ්ඩුවේ මතය වෙනුවෙන් පෙනී සිටීම නිසා හැමදාමත් වූ ලෙස, කට නිසා එස්. බී. අමාරුවේ වැටී ඇත. වි. විද්‍යාල ආචාර්යවරුන් රට හැර යෑම, වෙනත් අර්ධකාලීන ආදායම් මාර්ග සඳහා කටයුතු කිරීම, විශ්ව විද්‍යාල පද්ධතිය යළි සකස් කිරීම අවම වශයෙන් රජයේ ඉලක්කය වී ඇති පෞද්ගලික වි. විද්‍යාල වල අර්ධකාලීන ලෙස ඉගැන්වීමේ කටයුතු වශයෙන් යොදා ගැනීම වෙනුවෙන් හෝ මෙම වැටුප් වැඩිවීම රජය කළ යුතුය. එසේ නැතිනම් කට ඉස්සර කර ගෙන පසුව කිච වී යන විමල් වීරවංශ කැබිනට් ඇමතිවරයා ගේ ගෞරවය වෙනුවෙන් වැටුප් වැඩි නොකර මෙම සටන අධිරාජවාදී කුමන්ත්‍රණයක කොටසක් ලෙස රජය ද නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ යුතුය. එවිට රජයට සහාය දුන් බොහෝ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ලංකාවේ නොසිට අධිරාජ්‍යවාදී රටවල් වෙතටම රැකියාවලට යෑමට සලස්වා එවැනි කුමන්ත්‍රණයක් තිබූ බවට අනාගත ශිෂ්‍ය පරම්පරාවට විමල් ලවා ඒත්තු ගැන්විය යුතුය. 

-         මැක් පෙරේරා

No comments: