Monday, January 10, 2011

දිනුවත් දිනුම් පැරදුනත් දිනුම්


(ඡායාරූපය උපුටා ගැනීම ගොසිප් ලංකා වෙබ් අඩවියෙනි.)
‍‍‍ ......ක්‍රිකට් ගහනකොට රූල්ස් තියෙනව තමයි. ඒව ඔය සුද්දො හදපු ඒවනෙ. ඒව කවුද ගණන් ගන්නේ‍. ඔය සුද්දගෙ දේවල් මට පේන්න බැහැ.  ඒ ගැන අදහසක් මට කළින් ලොකුවට තිබුණෙත් නැහැ. එන එන විදියට ගහ උළුඅස්ස කියලයි මගේ ක්‍රමය වුනේ. විමලුයි , චම්පිකයි තමයි මට ඔය සුද්දන්ගේ වැඩවලට විරුද්ධ වෙන විදිය ගැන කියල දුන්නෙ. වැඩේ නැගල ගියා. කොච්චර නැගල ගියාද කියනව නම් තව පොඩ්ඩෙන් මටත් කෙළවෙන තරමටම වැඩේ දුර යනව. අර විමල්ගෙ මාර(ආන්තික) උපවාසය නිසා. ක්‍රිකට්වලදිත් අපි සුද්දන්ට වඩා වෙනස්  එකක් තමයි පුහුණු වෙලා තියෙන්නෙ කියල පෙන්නන්න බැරි වෙයිද මල්ලිලට. මේකට දේශිය මුහුණුවරක් ගේන්න ඕන නිසා. ඒ කියන්නේ අපට අවාසි වෙන විදියෙ අවුට් එකක් දුන්නම ඇරල දාන්න මල්ලි...අතින් පයින් මෙන්න මේ විදියට. මං කිව්වට ට්‍රයි කරල බලන්නකො. නැවත ලංකාවට එනකොට වර්ල්ඩ් කප් එක පැරදුනත් සුද්දන්ට ගේම දීල ආපු කට්ටිය විදියට (ඔක්ස්ෆර්ඩ් කේස් එකේ දි මට වුනා වගේ)  මම විමල්ට කියල පිළිගැනීමකුත් ලෑස්ති කරන්නම්.....

No comments: