Monday, January 31, 2011

iudc m%cd;ka;%jd§kaf.a tluq;=j
r%f [dehafthjpfspd; Nguit
Council of Social Democrats

udOH ksfõokh

,xld B ksjqia fjí wvú ld¾hd,hg myr§u fy<d olsuq

තොරතුරු පළ කිරීම සහ විකල්ප අදහස් දැරීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් ලෙස ගෙන ක්‍රියා කරමින් සිටි ලංකා ඊ නිව්ස් වෙබ් ජාලයේ මාලඹේ පිහිටි කාර්යාලයට 31 වෙනි දින අළුයම පැමිණ විනාශකාරී මැර කණ්ඩායමක් විසින් ගිනි තබා විනාශ කර ඇත.

ලංකා ආණ්ඩුවේ විවිධ තර්ජනයන්ට හා ප්‍රශ්න කිරීම්වලට ලක් වෙමින් තම ආයතනයට සම්බන්ධව සිටි මාධ්‍යවේදියෙක්ව අතුරුදහන් කර වසරක් ගත වුවද , මේ වනවිට ඒ පිළිබඳ කිසිදු තොරතුරක් ලබා ගැනීමට ද නොහැකි තත්වයක ද සිටීන ලංකා ඊ නිව්ස් කාර්යාලයට කළ විනාශය අප විසින් පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පැත්තේ සිට ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සියලු පුරවැසියන්ගෙන් අප ඉල්ලා සිටින්නේ මෙම ක්‍රියාවට තම බලවත් විරෝධය එක් කරන ලෙසය.

අවු. 30 ක් පැවති සිවිල් යුධ කාලයේ මාධ්‍ය සඳහා පැවති මර්ධනයන් ඉන් පසුව වුව ද නිම නොවන්නේ මේ වන විට පාලකයන් විසින් එය තම විරුද්ධවාදීන් සහ විකල්ප අදහස් දරන්නන් දැඩි  මර්ධනයකට ලක් කිරීමකට ක්‍රියා කරන නිසාය. පසුගිය කාලය පුරාම මෙම මාධ්‍ය මර්ධනයට මාධ්‍ය වේදින් ඇතුළු මාධ්‍ය ආයතන ගණනාවකටම මුහුණ දීමට සිදු විය.

මැතිවරණයක් ළඟ එන විට විකල්ප මාධ්‍ය ආයතනයක් ලෙස කාර්යභාරයක් කරමින් සිටි ලංකා ඊ නිව්ස් වැනි මාධ්‍ය ආයතනයක් මෙසේ විනාශ කරවිමට ඉඩ කඩ ඇති කරවීම ජනතාව බිය ගන්වන කරුණක් වනු ඇත. එහි දී සමස්ථයක් ලෙස විනාශ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය මිස විරුද්ධවාදියා පමණක්ම නොවේ. එම අර්ථයෙන් මෙම ගිනි තැබීම වඩාත් විනාශකාරී සංකේතාත්මක සටහනක් වී ඇත.

රජය මේ සඳහා පරීක්ෂණ කටයුතු කිරීම හා එය ඉක්මන් කිරීමට යොමු වීම තමන් වෙත වරද පැටවෙන වරදින් මිදීමට කරන කටයුත්තක් පමණක් බවට පත් නොකොට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වූ සැබෑ පෙනී සිටීමක් වශයෙන් ගෙන අවංකව මැදිහත් විය යුතුය. එසේ නොවන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදී හා මාධ්‍ය නිදහස ගැන පවසන කතා වලට වෙනත් තේරුමක් ලැබෙනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදයට, නිදහසට, හා යුක්තියට විවිධ තේරුම් එලෙස ලැබීම නිසා අවු. 30 ක සිවිල් යුද්ධයකට හා තරුණ කැරලි දෙකකට මුහුණ දෙමින් ලාංකීය සමාජය දරුණුතම තුවාල සමඟ තම වර්තමානය තවත් ඛේදාන්තයක් බවට පත්කරගනු ඇත. මාධ්‍යයට එරෙහි මර්ධනයට තිත තැබීම සඳහා සියළු ප්‍රජාතන්තුවාදීන් එකමුතුවකට පෙළ ගැසෙමු.

iudc m%cd;ka;%jd§kaf.a tluq;=j                                          2011 ckjdrS 31

No comments: