Friday, October 29, 2010

කවියක්................

උපත් කරුමෙට දොළොස් මාසය
            ගෙවන සා ගින්දරට පෙම් බැඳ
දොරෙන් වහලෙන් හිරුගෙ සරදම්
            සිනා ගෙට එන පැලක පින් ම්‍ඳ
අහිංසක දරු පවුලකට හිමි
            කුවෙර පාලන උරුමයෙන් ලද
දකින්නට දුක නැතොත් කවි ඇස
            අතට නොගනිව් ලියන පන්හිඳ


-         ජී. මලල්ගොඩ

No comments: