Tuesday, October 26, 2010

සියළු කියමන් කිය වී හමාරය. සියළු ලියවිලි ලිය වී හමාරය. ඉතිරිව ඇත්තේ ඒවා ක්‍රියාත්මක කිරීම පමණකි.

අප ගැන..........................
තරුණ වියේ දී ඔබ විප්ලවවාදියෙන් නොවන්නේ නම් ඔබගෙන් වැඩක් නැත. එමෙන්ම මැදි වියේ දී ඔබ එය අත් නොහරින්නේ නම් ද ඔබගෙන් වැඩක් නැත. මෙහි, ඇරිස්ටෝටල්ගේ දෙවන අදහසට අපි  එකඟ නොවෙමු  හුදෙකලා නිර්මාණයක් නොවන, සමාජ නිර්මිතයක් වන මිනිසා, නිෂ්පාදනයේ දී හා නිර්මාණකරණයේ දී එය හරහා තමන් තමන්වම නැවත ප්‍රතිනිර්මාණය කර ගන්නා බව අපි විශ්වාස කරමු.

            සිහින මිය යමින් පවතින යුගයක් ජීවත්වන අප, පැවති හා පවතින සමාජ සංස්කෘතික අදහස් ගලපා ගන්නේ කෙසේද? සමාජයේ පරිවර්තනීය වෙනසක් ඇති කළ හැකි නව මානයක් විවරකර ගන්නේ කෙසේද? ඒ සඳහා භාවිතයන්ට මඟ පෙන්වන න්‍යායන්ගෙන් පෝෂණය වීමට කැමති අපි "ක්‍රියාව" කෙරෙහි විශ්වාසය තබමු. සාධාරණත්වය, යුක්තිය හා සමානාත්මතාවය උදෙසා යන ගමනේදී ඔබත් මමත් එක්ව පියනැගීම සඳහා  ය.  
අහස් ගඟ......! !

No comments: