Saturday, December 4, 2010

2010 සැප්.04 -    සුඩර්ඔලි

උතුරු නැ‍ඟෙනහිර වැන්දඹුවන් 89,000 ක්.
-         පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා

උතුරු නැ‍ඟෙනහිර පළාත්වල කාන්තාවන් 89. 000 පමණ සැමියන් අහිමිවූ කාන්තාවන්
 බවත් ඉන් 25000දෙනා මඩකලපු දිස්ත්‍රික්කයට අයත් වූවන් බවත්, ද්‍රවිඩ ජාතික සන්ධානයේ  දිස්ත්‍රික් පාර්ලිමේන්තු නියෝජිත පී. සෙල්වරාජා ප්‍රකාශ කළේය.
 යුද්ධයේ පීඩාවට පත් වූ කාන්තාවන් සඳහා වූ සංවිධානයේ රැස්වීම අමතා ඔහු තව ුරටත් පැවසූ පරිදි -
            ස්වභාවික විපත්වලට වඩා කාන්තාවන් බොහෝ දෙනෙක් පීඩාවට පත් වී ඇත්තේ යුද්ධය නිසාය. යුද්ධය අවසන් වී මාස 16 ක් ගතවී ඇතත් ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීමට  ලංකා රජය කිසිවක් කර නොමැත.
            මෙම කාන්තාවන් පීඩාවට පත් වීමට ප්‍රධාන හේතුව ලංකාවේ හමුදාවය. ඔවුන්ගේ  ස්වාමිවරුන් ඝාතනය කර ඇත. අතුරුදහන් වී ඇත. තරුණ කාන්තාවන් ලිංගික බලහත්කාරකම්වලට ගොදුරු වන අතර බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගෙන රඳවා තබා ඇත.
            ළදරුවන් සමඟින් පවා රඳවා තබා ගෙන ඇත. ඔවුන් පිළිබඳව චෝදනා ඉදිරිපත් නොකරන ලංකා රජය ඔවුන් නිදහස් කිරීමට විරුද්ධය.
            පළාත් රජයට කිසිදු බලයක් නැත. ලංකාවේ වාර්ගික ප්‍රශ්නය විසඳීමට ක්‍රියාකරන ලද ඉන්දු-ලංකා ගිවිසුමට අවුරුදු 23 ක් ගත වී ඇති අවස්ථාවේ වුවද 13 වන සංශෝධනය ක්‍රියාත්මක කර නොමැත.


23.10.2010    - වීරකේසරී
එ.ජා. උපදේශක කණ්ඩායමට කඩිනමින් සුදුසු පිළිතුරු.
                                - ජාතිහි‍තෛශී ජාතික ව්‍යාපාරය

කොළඹ පිහිටා ඇති එක්සත් රාජ්‍ය මණ්ඩලයේ කාර්යාලය වට ලා බැන් කී මූන්ගේ උපදේශන කණ්ඩායමට සුදුසු පිළිතුරු දෙන්නෙමු. මේ සම්බන්ධයෙන් හෙට රැස්වන ජාති හිතෛශී ජනතාව අවසාන තීරණය දැනුම් දෙනු ඇතැයි  ජාති හිතෛශී ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ප්‍රකාශ කළේය.
            ඔහු තව දුරටත් පැවසූ අයුරු,
යුද අපරාධ පදනම් කොටගෙන ලංකාව ජාත්‍යන්තර අධිකරණ ඉදිරියේ දණගැස්වීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණය නැවත ඉස්මතු වී ඇත. ලංකාවට විරුද්ධව පිහිටුවන ලද එක්සත් රාජ්‍ය මණ්ඩලයේ විශේෂඥ කණ්ඩායම ලිඛිත සාක්ෂි ඉල්ලා ඇත. මෙම විශේෂඥ කණ්ඩායමේ ක්‍රියාකලාපය සාමාන්‍ය ‍ ලෙස සැලකිය නොහැක. මන්ද යත් මොන මාර්ගයෙන් හෝ යුද අපරාධ හේතුවෙන් ලංකාව හිර කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුව වන නිසාය.
            එම නිසා ලංකාව ජාත්‍යන්තර තර්ජනයෙන් ආරක්ෂා කිරීමේ හදිසි අවශතාවයක් මතු වී  ඇත. මේ සම්බන්ධ අවසාන තීරණය අපගේ සංවිධානයේ සාමාජිකයන් හෙට රැස් වී තීරණය කිරීමට නියමිතය. දේශහිතෛශී ජනතාව එක්රැස් වී ඉක්මනින් බෑන් කී මූන්ගේ විශේෂඥ කණ්ඩායමට විරුද්ධව තමන්ගේ විරෝධය එළිදක්වන්නේ යැයි පැවසීය.  
   



No comments: