Saturday, December 11, 2010

මානව හිමිකම් පිළිබඳ ශ්‍රී ලාංකික කතිකාව











ඊයේට යෙදුන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් ද ඒ ගැන වර්තමානයේ ලෝකයේ මෙන්ම ලංකාවේ පවතින පිළිගත් අදහස් පද්ධතිය සමග තව දුරටත් ඒවා ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවන ප්‍රායෝගිකත්වය හා ඒවාට මූලික සංකල්පගත කිරීමේ දී සිදුව තිබෙන මඟහැරීම් නිසාද සිදුවන ඌනතා හා ප්‍රශ්න වලට ද අදාලව මෙම ලිපිය සැකසේ.  ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන විසින් ඒ අරබයා ඉදිරිපත් කර ඇති මානව හිමිකම්වලට දායක කර ගත හැකි හා සංවාද කළ යුතු නව්‍ය හා වෙනත් අදහස්  බොහොමයක් මේ ලිපිය තුළ ඇතුලත් නිසා අහස්ගඟට පිවිසෙන්නන්ට මෙම ලිපිය ඉතා වටිනා අදහස් ප්‍රමාණයක් සැපයෙන බව අපගේ අදහසයි. ජාතිවාදින් බටහිර අනෙකා කර ගෙන ගොඩනඟා ගෙන ඇති මානව හිමිකම් විරෝධී ඝෝෂාවේ  වැරදි කොන නිසා ලාංකිකත්වය තුළ මානව හිමිකම් සංවාදයක් ගොඩ නැඟීමට අවශය යමක්ද මේ හරහා ඉදිරිපත් කරවයි.  
            මානව හිමිකම් ගැන කතා කරන විට අප හමුවේ ඇති මූලික න්‍යායාත්මක ප්‍රශ්නය සමාජ සාධාරණත්වය යනු කුමක්ද? යන්න යි.
            මේ පිළිබඳව ප්‍රබල කතිකාවක් නිර්මාණය කර ගත හැකි නම් මහජන ව්‍යාපාර ගොඩනැගිය හැකිය. විවිධ සංවිධානවලට සාධාරණත්වය පිළිබඳ වෙනස් අදහස් ඇති අතර මේවා විනිවිද යන ප්‍රබල නව කතිකාමය පදනමක් ගොඩනැගිය හැකි ද යන්න අප හමුවේ ඇති ගැටළුවයි.
            නිදසුනක් ලෙස චම්පික රණවක මානව හිමිකම් විශ්වීය නොවන මානව සාපේක්ෂතාවය හා විශ්වීයත්වය පිළිබඳ අංශ ගණනාවක ඇති විවාදයේ කොටස් දක්වමින් සඳහන් කරයි.
මානව හිමිකම් පද්ධතියේ ගැටළු බොහෝය. මෙම තත්වයට මුහුණ දෙන්නේ කෙසේද?
            මානවයා ප්‍රගමනකාරී ගමනක යන බව ඩාවින්ගේ පරිනාමවාදයේ ද කියවේ. ලැමාර්ක් වැනි විද්‍යාඥයන් ගණනාවක් මෙම ප්‍රවාදය නිර්මාණයට දායක විය. හර්බට් ස්පෙන්සර් මීට පෙර සමාජීය වශයෙන් මනුෂ්‍යයා පරිණාමීය ගමනක සිටින බව කීවේය. මෝගන් පසුව මෙය විධිමත් ලෙස ඉදිරිපත් කළේය. මේ අදහස් මාකස්වාදයට බලපෑවේය.
            Social Darwinism වැනි නාසිවාදී ප්‍රතිගාමී න්‍යායන් ගොඩනැගෙන්නේ ද හර්බට් ස්පෙන්සර් ඩාවින් වැනි අය ඉදිරිපත් කළ මතවාදයන් මතම පදනම් වීය.
            ආර්ය ද්‍රවිඩ න්‍යාය (ටැක්ස්මැලර්වැනි අය විසින් නිර්මාණය කරන ලද) ගැන නැගුනේ ද මේ හා සමාන්තරව අනගාරික ධර්මපාල ගේ මූලිකත්වයෙනි. මෙවැනි පසුබිමක පදනමක් සොයා ගන්නේ කෙසේද? ලෝකය නැවත යටපත් කරමින් සුදු/බටහිර සංකල්පය පදනම් කර ගනිමින් කරන්නා වූ ව්‍යාපාරයක් ලෙස මානව හිමිකම් නිර්වචනය වන්නට ක්‍රමයෙන් පටන් ගත්තේය. මුස්ලිම් මූලධර්මවාදීන්, ආසියාවේ ජාතිකවාදීන් වැනි බොහෝ අය දිගින් දිගටම විශ්වීය මානව හිමිකම්වලට විරුද්ධව එල්ල කරන චෝදනාවන්ට මෙය ඇතුලත් වී ඇත.

            සියළුම මානව හිමිකම් විවේචනයන් දෙස විමර්ශනාත්මකව බැලීම තුළින් පවතින කතිකාවට ඔබ්බෙන් වෙනත් කතිකාවක් ගොඩනැංවීමේ ප්‍රවේශය සොයා ගත හැක. මෙම විවේචනයන්ට යොදා ගන්නා සමහර මෙවලම්වලට ඇති ශාස්ත්‍රීය පදනම තේරුම් ගත යුතුය. මන්ද එම පදනම තුළින් වෙනත් දිශානතීන්ට ද ළඟා විය හැකි නිසාය.
            මෙම විවේචන මධ්‍යයේ අපිට ලංකාවේ මානව හිමිකම් ව්‍යාපාරයන් ගැන විවේචනයක් කළ හැකිද යන්න අප විමර්ශනය කර බැලිය යුතුයි.
            වසර 400ක ඉතිහාසයක් යටත් විජිත ඉතිහාසයක් ලෙස ශ්‍රී ලංකාව පැවති බවට අනෙක් මතධාරීන් සමඟ එකඟ වෙමින්, මේ සිදුවීම් විග්‍රහ කිරීමේ දී වෙනත් මාවතක් ගත යුතුයි.
            මානව හිමිකම් යන කතිකාව මාවත් දෙකකින් ශ්‍රී ලංකාවට ඇතුල් විය. ශ්‍රී ලංකා රජය ආරම්භයේ සිටම එක්සත් ජාතීන්ගේ රටක් වශයෙන් රාජ්‍ය මට්ටමේ වගකීමක් ඇතිව ජාත්‍යන්තර ගිවිසුම්වලට එළබ ඇත. මුලික වශයෙන් මේවා ජාත්‍යන්තර තලයේ මානව හිමිකම් පිළිබඳ සම්මුතීන්, සිවිල් දේශපාලනික සම්මුතීන්, සිවිල් දේශපාලනික අයිතීන්, සංස්කෘතික දේශපාලනික අයිතීන්, ළමා අයිතීන් ආදී බොහෝ අයිතීන් සම්බන්ධයෙන් වගකීම් දරන රජයක් ලෙස ජාත්‍යන්තර මට්ටමින් පෙනී සිටියි. නමුත් ගැටළුව වන්නේ මෙවැනි වගකිම් සහිත රජයක් ලෙස පෙනී සිටිය ද අධ්‍යාපන ප්‍රතිපත්තීන් තුළින් මේවා පාසැල් තුලට හෝ වෙනත් ආයතනයන් තුළට ඇතුලත් කොකළ යුතුයි. රාජ්‍ය මානව හිමිකම් පිළිබඳ අදහස මහජනයා අතරට ගෙන ඒමට කිසිදු ප්‍රයත්නයක් නොදැරුවේය.
            මානව හිමිකම් යන අදහස ජනතාව අතරට සම්බන්ධ වන්නේ මූලිකවම රාජ්‍ය නොවන සංවිධාන හරහා ය. මානව හිමිකම් ව්‍යාපාර, නීති උපදේශන, උද්ඝෝෂන වැනි රාජ්‍යයෙන් පිටත පවතින ආයතන හරහා මානව හිමිකම් යන අදහස සමාජගත වේ. 1970 ගණන්වලදී MERGE, MDDR සහ වෙනත් බොහෝ සංවිධාන පැන නැගුණි. ඊට අමතරව මානව හිමිකම් විවිධ පැතිමානයන් ප්‍රමුඛ කර ගනිමින් විවිධ සංවිධාන බිහිවිය. ස්ත්‍රීන්ගේ මානව හිමිකම්, ළමයින්ගේ මානව හිමිකම් වෙනුවෙන් ක්‍රියාකරන සංවිධාන, කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආදී වශයෙන් මානව හිමිකම් රාමුව තුළස්ථාන ගත කර හැකි සංවිධාන රාශියක් 70 ගණන්වල බිහිවිය. මෙන්න මෙම ආයතනයන්ගේ බලපෑම් හේතුව නිසාම රජයට මෙම සංකල්පයන් ආයතන තුළට ඇතුලත් කිරීමත්, අධ්‍යාපන ක්‍රමය තුළට ඇතුළත් කිරීමත් සිදු වූයේ එම සමාජීය බලපෑම්වල ප්‍රතිඵලයක් නිසාය. මෙම ක්‍රියාවලිය නිසාම ඇති වූ නිශේධන තත්වයක් වූයේ මෙම මානව හිමිකම් හඳුන්වා දුන්නෙම යුරෝපීය සෙයක් ලෙසටම හඳුන්වා දීමය. එය ආගන්තුක විය. මානව හිමිකම්වල ඉතිහාසය ද යුරෝ කේන්ද්‍රය වේ. එනිසාම ලංකාවේ ඉතිහාසය සම්ප්‍රදායට අදාලව තියෙන සාධාරණත්වය පිළිබඳ කතිකාවට කිසිම සම්බන්ධතාවයක් දැක්වූයේ නැති නිසාම මානව හිමිකම් සංකල්පය අන්තර්කරණය කර ගනිමින් ලාංකීය ගොඩනැංවීමක් නොකළේය.
බෞද්ධ දර්ශනය තුළ සමාජ සාධාරණත්වය පිළිබඳ කතිකාවක් ඇත. මානවයා සමානයි යන්න බුදු දහමේ ප්‍රකාශ කර තිබෙනවා.
මේ හේතුව නිසාම ලංකාව තුළ මානව හිමිකම් ව්‍යාපාර අසාර්ථක වී ඇත. මානව හිමිකම් තුළින් උත්තේජනය වී (inspire) වෙලා සටනට යන්නෙ නැහැ.
යුරෝපය තුළ මානව හිමිකම් සංවර්ධනය වන විට එය හුදෙක් නෛතික කතිකාවක් පමණක් නොව සංස්කෘතික කතිකාවක් හැදීමක් වශයෙන් ද ක්‍රමයෙන් ගොඩ නැගුණා. පුරවැසි වගකීම් අයිතීන් යන ක්‍රියාවලිය සහ පද්ධතියේ කොටසක් වශයෙන් ගොඩ නැඟුණි. පුරවැසියන් ලෙස වගකීම ඉෂ්ට කරගෙන යන විට සාක්ෂාත් වන යමක් තිබුණි. එය මානව හිමිකම්, මේ තුළින් රජය පාලනය කෙරුණි. පුරවැසි හිමිකම් සහ අයිතීන් ඇත. එහෙයින් රජයට එසේ වගකීම්  රහිතව කටයුතු කිරිමට නොහැකි වන ආකාර‍යේ බලපෑම් කිරීමේ හැකියාවක් ද ඔවුන් සතුව තිබුණි. එහෙයින් යුරෝපීයන්ට මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම ප්‍රධාන වගකීමකි. නමුත් මීට ප්‍රතිපක්ෂව ලංකාවේ සිදුවූයේ මානව හිමිකම් රකින්නන් ලෙස රජය හඳුනාගැනීමයි. පුරවැසි වගකීම් මෙම ව්‍යාපාරය තුළින් අවධාරණය නොකෙරුණි. රාජ්‍ය පාලකයින්ගේ වැඩක් තමයි මානව හිමිකම් රැකීම. මානව හිමිකම් යනු නෛතික පද්ධතියකි. නමුත් යුරෝපය තුළ මේ නීති පද්ධතියට බාහිරව සංස්කෘතික, සමාජීයව, අධ්‍යාපනික අන්තර්කරණය වුනු සංස්කෘතිකමය කතිකාවක් ඇති විය. යුරෝපීය මානව හිමිකම් පිටුපස තියෙන සමාජ සදාචාර පසුබිම ලංකාවට පැමිණියේ නැත. ලංකාව නෛතික කතිකාව - මිස එයට අදාල ආචාර ධාර්මික පදනමක් මෙහි සමාජ හා ආයතන උකහා නොගත්තේ ය. ආචාර ධාර්මික, සදාචාර ප්‍රතිපත්තීන් ලෙස ලංකාවේ මානව හිමිකම් පිළිබඳ ගැටළු පරීක්ෂා කර ලංකාවට ආවේණික මානව හිමිකම් පද්ධතියක් ඇති නොකළේය. ගෝලීය වශයෙන් ආකර්ශණය කිරීමේ නිර්මාණශීලි කාර්යභාරය කිසිදු මානව හිමිකම් ක්‍රියාවලියකින් සිදු නොවුනි.
            ලංකාවේ මානව හිමිකම් පිළිබඳ ගැටළු ලංකාවේ මානව හිමිකම් ආයතන බාර නොගත්තේය. ලංකාව තුළ මානව සම්බන්ධකම් බිඳ වැටෙන ආකාරයන් ගැන අවබෝධයක් තිබුණ ද මානව හිමිකම් ගැටළු යනු සමාජ සම්බන්ධතා ලෙස ඇතිවන ගැටළුය. මිනිසුන්, මිනිසුන් අතරේ ඇතිවන ගැටළු වඩාත් මානුෂික ආකාරයකට නිරාකරණය කර ගන්නා යන්ත්‍රය මානව හිමිකම් වේ.
            යුරෝපය තුළ තිබුණු සමාජ සාධාරණත්වය පිළිබඳ ගැටළුවලට විසඳුම් සෙවීමේ උත්සාහයන්වල ප්‍රතිඵල ලෙස තමයි මානව හිමිකම් මතුවන්නේ. මූලිකවම මානව හිමිකම්වල ලියවිලා තියෙන්නේ. තවත් මිනිසෙක් අ‍ෙනක් මිනිසෙකුව යටපත් කිරීමට දරන උත්සාහයන් පිළිබඳවය.
 
අනුලංගනීයත්වය හා අඛණ්ඩත්වය යනු මනුෂ්‍යා හුදෙක් මනුෂයෙක් වීම නිසාම ලැබිය යුතු දෙයක් විය. මනුෂ්‍යාගේ ශිෂ්ටාචාරය තීන්දු වන්නේ ම ඔහුගේ සමාජ සම්බන්ධතාවල මට්ටම අනුවය. කොන්දේසිවලට අනුව (කුලය, පංතිය, භාෂාව ආදී) මනුෂ්‍යයකුට ගෞරවයෙන් යුතුව ජීවත්වීමට අයිතිය ඇත. මෙය විශ්වීය ප්‍රකාශනයක් ව අතරම එය බොහෝ යුගයන්වල මේ පිළිබඳව චින්තකයින් කතා කර ඇත. එහෙයින් මෙය යුරෝ කේන්ද්‍රීය ලෙස ගත නොහැක. මිනිසෙකුට තවත් මිනිසෙක් මනුෂ්‍යයෙකු ලෙස නොපෙනීමේ රෝගය තුළ ය. ශ්‍රී ලංකාවේ කු‍ලභේදය ඇත. සමාජ සාධාරණත්වය, කුල පීඩනය ලංකාවේ ඇති ආත්ම කුලය නිසා ඇති කරමින් මානව අයිතිවාසිකම් බිඳ දමයි.
            1970 ගණන්වල සිට අද දක්වාම ලංකාව තුළ රජය කුලය පිළිබඳ පුශ්නයක් ඇති බව පිළි නොගනියි. කිසිම රාජ්‍ය නොවන සංවිධානයක්වත් මේ ගැන කතා නොකරයි. යුරෝපයෙන් පැමිණී සියලුම නෛතික තත්වයන් ලංකාව භාරගත්, ලංකාව තුළ තීරණාත්මක ගැටළුවක් වන දෙයක් කිසිම ආයතනයක් බැරැරුම් ලෙස බාර නොගන්නා ලදී. මෙයින් පෙන්නුම් කරන්නේම එය ලංකාව තුළ අන්තර්කරණය කරගෙන නොමැති බවයි. මෙන්න මේ දුර්වලතාවය ජාතිවාදී බලවේග තමන්ගේ වාසියට යොදා ගනිමින් ඇත.
සාධාරණත්වය පිළිබඳ මානව සම්මුතියක් ඇති කර ගන්නේ කෙසේ ද?
මානව හිමිකම්වලට වෙනත් විකල්පයක් තිබේද? මඟ පෙන්වන තාරකාවක් උපයෝගී කර ගත හැකි යමක්? මෙය දුර්වල නම් අපට විකල්ප අවශ්‍යයි. මූලික මිනිස් අවශ්‍යතා යන සංකල්පය දැනට මෙහි විකල්පයක් ලෙස හඳුනාගනිමින් ඇත. සියළුම මිනිසුන්ගේ අවශ්‍යතාවයක් හැටියට මෙය විය හැකිද? එය විශ්වීය ද? සාපේක්ෂද යන්න නිරතුරුවම පැන නැගන ගැටළුවකි. මෙය අප පසුගිය පාඩම් මාලාවේ හදාරන ලද මානව විද්‍යාව දේශණ මාලාවේ  සාකච්ඡා කර ඇත.මූලික අවශ්‍යතා යන්නෙහි ගැබ්ව ඇති අර්ථයක් වූයේ වෙනත් දෙයකින් ආදේශ කළ නොහැකි අවශ්‍යතා යන්නයි.

මනුෂ්‍යා විග්‍රහ කරන්නේ කෙසේද? 
මනුෂ්‍යයෙකුට ගෞරවයෙන් යුතුව ජීවත්වීමට අවශ්‍යයි.
මිනිසාගේ ජීවිතයට අර්ථයක් අවශ්‍යයි. මෙය මුල් කාලීන ආගම්වලින් බොහෝ විට ලබා දුන්නේ මෙයයි.

සියළුම මානව හිමිකම්වල සාරය වශයෙන් ගත්කල මෙම දේවල් තුළ දැකිය හැක. ආගම් නිර්මාණය වී ඇත්තේම මෙම අර්ථය සොයා යාමේ ගමනට පිළිතුරු ලබා දීමේ ක්‍රමයක් ලෙසය. අද වෙළඳපොල වර්ධනය වීමත් සමඟ බොහෝ අවශ්‍යතාවයන් හා ප්‍රවණතාවයන් පැන නැඟී ඇත. මෙහි දී අනුලංගනීය අදහසක් ලෙස දකින්නේ මනුෂ්‍යයෙකුට ගෞරවයෙන් සහ අර්ථාන්විතව ජීවත් වීමට අවශ්‍ය වන්නා වූ අවශ්‍යතාවයන් ය. මෙම අවශ්‍යතාවයන්ට ද ඉතිහාසයක් ඇත. එයට බොහෝ සංකීර්ණ ඉතිහාසයක් ඇත.

            මාක්ස් තියුණු විදියට මිනිස් අවශ්‍යතා ගැන සාකච්ඡා කරයි. මිනිස් ඉතිහාසය වූ කලී මනුෂ්‍ය අවශ්‍යතා, මනුෂ්‍යයෙක් මනුෂ්‍යයෙක් බවට පරිවර්තනය වීමේ ඉතිහාසය යයි යෝජනා කරමු. (ඒබ්‍රහම් මාස්ලෝස්ට අනුව මූලික අවශ්‍යතාවයන් 05 ක් වර්ග කර ඇත.)
බෞද්ධ දර්ශනය තුළ සංකීර්ණතා පූර්ව නූතන සමාජයන් තුළ ද මූලික අවශ්‍යතාවයන් ගැන විවිධ ස්වරූපයන්ගෙන් සංවාද කර ඇත. සමාජය ප්‍රචණ්ඩ ගැටුමකින් තොරව පවත්වාගෙන යාමට තිබිය යුතු අවශ්‍යතා කවරේද? ආර්ථිකය, ව්‍යුහාත්මක දේශපාලනය, ආධ්‍යාත්මික තත්වයක් ගැන සාකච්ඡා කර ඇත.

            මහාචාර්ය යොහාන් ගල්තුංග් යනු ප්‍රබල චින්තකයෙකි. මොහුත් මොහුගේ Transcenol යන විද්වත් කණ්ඩායමටත් UNO එක විසින් මෙම ගැටළුව ගැන පර්යේෂණයක් පැවැත්වීමට බාර දුන්හ. ගල්තුංග් ඇතුළු පිරිස විශාල කාලයක් මෙම ගැටළුව ගැන ඊට ඇති විකල්පයන් පිළිබඳව කළ පර්යේෂණයන් ඇසුරින් පසුව ප්‍රකාශ කළේ වසර 10ක් 20ක කාලයක මෙම ගැටළුව විකල්පයක් වශයෙන් ගල්තුංග් යෝජනා කළේ මූලික මානව අවශ්‍යතා මත පදනම්ව විකල්ප සමාජ සාධාරණත්වය උදෙසා  පදනමක් ගොඩනගන්න හැකියි ඔහු විශ්ව‍ාස කරා.

             අවුරුදු15ක් තිස්සේ රටවල් 50 ක කේෂත්‍ර අධ්‍යන රාශියක් කරා මිනිස්සු  කොහොමද තමන්ගෙ අවශ්‍යතාවයන් හඳ්‍රුනා ගන්නේ. සියලුම මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයන් ප්‍රධාන කාණ්ඩ හතරකට ගොනු කළ හැකි යැයි ඔවුන් ප්‍රකාශ කළාය.

1.      Survival  - පැවැත්ම
2.      Well being - යහපැවැත්ම
3.      Freedom  - නිදහස
4.      Identity - අනන්‍යතාවය

මෙය ඉතාමත් සරල නමුත් සංකීර්ණ අදහසකි. ගම් මට්ටමින් කටයුතු කරන විට දී ඔවුන්ට මානව හිමිකම් යන සංකල්පයට වඩා මෙය පහසුවෙන් අවබෝධ කර ගත හැක. මානව හිමිකම් දෙස ගැඹුරින් බැලූ විට පැහැදිලි වන කරුණක් වන්නේම මානව හිමිකම් යනුම මෙම මූලික මානව අවශ්‍යතාවයන්ගේ නෛතික ප්‍රකාශමාන වීමක් බවයි. මෙම මානව හිමිකම් යන සංවාදයට වඩා මානව අවශ්‍යතාවයන් යන්න තේරුම් ගැනීමට සහ පුරවැසියන්ට පහසුවෙන් සම්බන්ධ විය හැක. අප මෙම වකවානුව තුළ මූලික අවශ්‍යතාවයන් ලෙස ආහාර, ඇඳුම්, නිවාස, බෙහෙත් හඳුනා ගැනුනද මේවා මූලිකවම කායික පද්ධතිය පවත්වා ගැනීමට අවශ්‍ය දෑය. මනුෂ්‍යාට මනුෂ්‍යයෙක් වෙන්න මොනවාද අවශ්‍ය යන ගැටළුව ගැන කල්පනා කරයි. මනුෂ්‍යයා කියන තත්වය තේරුම් ගෙන කටයුතු කළ යුතුයි. මෙම මූලික මිනිස් අවශ්‍යතාවයන් කිසිම අවස්ථාවක පුමුඛතා ගත කළ නොහැකි බව පෙන්වා දෙන ගල්තුංග් එය අනුලංගනීය බවද කියයි. ඒ ඒ පුද්ගලයා තමන් සිටින තත්වයන්, සන්දර්භයන්, මත තමන් දෙන ප්‍රමුඛත්වයන් වෙනස් වෙයි. එකකට අනෙකක් ආදේශ කළ නොහැකිය. එවිට දේශයන් තුළ ද මෙයට විවිධ තලයන් තුළ ද ප්‍රමුඛතා කර නැත.

සමාජය තුළ හඳ්‍රනාගෙන ඇති සියළුම සමාජ ගැටළු පසුපස ඇත්තේ මිනිස් අවශ්‍යතා ඉටු නොවීම පිළිබඳ ගැටළුවයි. ප්‍රමුඛත්වය පැන නගින්නේ ද මේ තුළින් බව ඔවුන් ප්‍රකාශ කරයි. කැමතිද/අකමැතිද යන්න එයට අදාල නොමැත.

Survival : පැවැත්ම   
මිනිසුන් සිය දිවි හානි කර ගන්නේ ද තමන්ගේ මූලික අවශ්‍යතා අහිමිවීම නිසාම ය. පැවැත්ම සඳහා වූ කොන්දේසි ඇත. මෙතනදි තමයි බොහෝ විට අප විග්‍රහ කරන දේවල් අදාල වන්නේ. ජලය, ආහාර, රෙදිපිළි, සම්ප්‍රදායික මුලික අවශ්‍යතා සාධාරණත්වයේ යහපැවැත්ම දර්ශනයක් ලෙස ගතහොත් එය ගැඹුරින් අවබෝධ කර ගත හැක. කෑලි 4 කට කැඩුවාම මෙම කොටස් 4 අන්තර් සම්බන්ධ වේ. ජල දූශිත වේ. ආහාර දූෂිත නම් මොකද වෙන්නේ. ආහාර ගන්නා විට, ජලය ගන්නා විට, ටික ටික මැරෙනවා. නමුත් මෙම අවශ්‍යතා තිබුන ද එම තිබීම පිළිබඳව ගැටලුවක් ඇත. එවැනි අවස්ථාවන්වලදී මෙම අවශ්‍යතාවයන් නියම ආකාරයෙන් ඉටු නොවීම පිළිබඳව ගැටළු මතු කර ඇත. කෘෂිකාර්මික ‍‍‍ ක්ෂේත්‍රය ගැටළු මොනවාද? එම නිෂ්පාදන ක්‍රම හරිද?  පරිසරයත් එක්ක අපිට ඇති සම්බන්ධතා නිවැරදිද? ජලය දූෂණය වීමේ ක්‍රියාවලිය අවම කර ගන්නේ කෙසේද? වැනි ප්‍රශ්න මතු කරනවා. එනිසා එක කාණ්ඩයක් හරහා ගැඹුරු ප්‍රශ්න රාශියක්  මතු කර ගනිමින් ඒ ඔස්සේ අරගලයන් කර ඇත. බෝම්බ තිබීම ද නිසා පැවැත්මට බාධා ඇතිවේ. මේ තුළින් අදහස් කරන්නේ හුදෙක් සත්වයකුගේ මූලික පැවැත්මට වඩා මනුෂ්‍යයෙක් හැටියට ගෞරාන්විතව ජීවත්වීමට අවශය වන තත්වයන් පිළිබඳ සාකච්ජා කෙරේ.

Well being – යහ පැවැත්ම
ගෞරාන්විතව හා අර්ථාන්විතව ජීවත්වීමට ඇති අවශ්‍යතාවය වශයෙන් විග්‍රහ කර ගත හැක. සපල වු යහපැවැත්ම ලෙස හඳුන්වන්නේ මානසික කායික සෞඛ්‍ය (psychosomatic Health) එහි දී මූලික වශයෙන් මිනිසාගේ මානසික කායික නිරෝගීතාවය මෙහි අවශ්‍යතාවයක් ලෙස දැක්විය හැකිය. මෙහිදී ද බොහෝ අංගයන් සාකච්ඡාවට ගත හැකිය. පරිසරය - අප තවම සොයා ගෙන නැති කලාපයක් වනුයේ මානසික-කායික නිරෝගීතාවයන් උදෙසා කවරාකාරයේ පරිසරයක් අවශ්‍යද යන්න පිළිබඳව අප සාකච්ඡා කර නැත. මිනිසා පරිනාමය වූයේ ජලයත් සමඟය. ඒ සමඟ බැඳී තියෙනවා. සංස්කෘතික සෞන්දර්ය පැවැත්ම, මනෝ විද්‍යාත්මක පැති රාශියක් දියඇලි, ගංගා, බලන්න තිබුණා. ඒවාට පැනලා නෑවා. බෝට්ටු පැද්දා. මන්ද මනුෂ්‍යයා ජලයත් සමඟ තිබුනේ බොහෝ සංකීර්ණ සම්බන්ධතාවයක්. එනිසා හුදෙක් ජලය පයිප්පෙන් පමණක් පැමිණිම මනුෂ්‍යයාගේ පැවැත්මට ප්‍රමාණවත් නොවේ. මානසික සෞඛ්‍ය සඳහා මෙහි දී මෙම කරුණු ගැන නැවත සිතීමකට ලක්කළ පරිසරය පිළිබඳව අවලෝකනයන් ගැන සිතීමකට යොමු කරයි.
අධ්‍යයනය: මානසික-ශාරීරික සෞඛ්‍යය නිරෝගීබව යන්න. මෙය අර්බුදකාරී වන්නට හැකි වුවත් ගැඹුරින් ගත්කල මිනිසෙකු අර්ථාන්විත ලෝකයක වැඩ කරන්නේ කෙසේද යන්න  පිළිබඳව පදනම් වේ. සක්‍රීය ක්‍රියාකාරී මිනිසෙකුට අවශය මානසික-කායික නිරෝගීකම යනු Dynamitic  එකයි.
            මීට අමතරව මෙවැනිම ප්‍රවාදයක් ඉදිරපත් කළ තවත් පුද්ගලයෙකු වන්නේ Mantrd Max Nif යන ජාතික ආර්ථික විශේෂඥයෙකි. ‍ෙමාහු තාමත් ජීවතුන් අතර ඇත. විකල්ප ආර්ථික කතිකාවක් ගොඩ නැඟීමට පුරෝගාමී වුන එක් පුද්ගලයෙක් තමයි මොහු.

Max Nif යහ පැවැත්ම පිළිබඳ සංකල්පය සම්පූර්ණයෙන්ම වෙනත්ආකාරයකින් නිරීක්ෂණය කර ඇත. මේවා මානව හිමිකම් ‍ ක්ෂේත්‍රය තුළින් කිසිසේත්ම අනාවරණය වී නොමැත.

Max Nif ස්වාධීනව පරීක්ෂණයක් කරයි.  මෙය ඔහු ආරම්භ කරන්නේම 11 හැවිරිදි මුණුපුරා Mathiyas ගෙනි. සතුටින් ජීවත් වෙන්න නුඹට මොනවාද අවශ්‍යය ඇසීම තුලිනි. මොහුට අනුව ඔහුගේ ආර්ථික විද්‍යාව තීන්දු කරන්නේ ඔහුගේ මුණුපුරා වසර 30 දී අනාගතය අනුව බව තීරණය කළ යුතුයි. එම ප්‍රශ්නයම නැවත නැවතත් රටවල් ගණනාවක පරම්පරා ගණනාවක මිනිසුන්ගෙන් අසනු ලබයි. නමුත් තමුන්ගේ මුණුපුරා විසින් කියන දේට වඩා වැඩි යමක් කිසිම පුද්ගලයෙක් ප්‍රකාශ නොකල බව සොයා ගත්තෝය. එය විග්‍රහ කිරීමකි. මනුෂ්‍ය පැවැත් පිළිබඳව කතිකාවකට යහ පැවැත්ම කතා කරමින් යම් යම් බලපෑම් කරා.

ආදරය - විවිධ ස්වරූපයෙන් විවධ අය අතර
අනනෝන්‍ය ගෞරවය
නිර්මාණශීලිව ක්‍රියා කිරීමේ හැකියාව

Identity - අනන්‍යතාවය
 භාෂාව, චර්යාත්මක හැසිරීම්, උරුමය, සංස්කෘතික දේපල, ආගමික සම්ප්‍රදායන්, කලා   ශිල්පය  ආදීවාසින්ට ඇත. උප්පැන්න සහතික නැත. හැඳුනුම්පත් නැත. එනිසාම රට යාමට නොහැක.  මන්ද පුරවැසියෙක් කියලා ඔප්පු කරන්න නොහැකි උන නිසා.

Freedom - නිදහස  
ඉහත දැක්වු කාණ්ඩ 3 ම ගතිකය. මෙන්න මේ කාණ්ඩ 3 තෝරාගැනීමට ඇති අයිතිය නිදහස ලෙස හැඳින්වේ. සමාජයක් තුළ ජීවත්වෙන පුද්ගලයෙකුට පවතින යමක් ඉවත්කර තව දෙයක් කිරීම නිදහසයි. ව්‍යුක්තව ජීවත්වන මිනිසුන් නැත. සෑම මිනිසෙකුම ජීවත් වන්නේ තමන්ගේ සන්දර්භය තුළය.

නමුත් විශ්විය මානව හිමිකම් පිළිබඳ අදහසට බොහෝ විවේචන එල්ල වන්නේම සංස්කෘතික සාපේක්ෂතාවාදීන් විසින්ය. මෙම තර්කයන් බොහෝ විට ආගමික හෝ සංස්කෘතික හෝ වාර්ගික අන්තවාදී කණ්ඩායම් විසින් නිරතුරුවම යොදා ගැනෙන තර්කයකි. මෙම මානව හිමිකම් තුළින් නැවත වතාවක් බටහිර රටවල් විසින් වෙනස්කම් ඇති කිරීමට උත්සාහ දරන නමුත් ඔවුන් ප්‍රකාශ කරයි. උදා: වැද්දන් ශිෂ්ට කිරීමේ ව්‍යාපාරය. අද මානව හිමිකම් ව්‍යාපරයන් මුහුණ දෙමින් සිටින්නේ මෙවැනි වූ අර්බුදයන්ටය.    

No comments: